විවෘත ආර්ථිකයද, එකල පැවැති දේශපාලන මර්දනකාරී ස්වභාවය විසින් බිහිකළ සමාජ සංස්කෘතික පරිහානියට එරෙහිව මුලින්ම සටන් කළ පිරිස අතර මාදුළුවාවේ සෝභිත හිමියෝ සිටි බව ඒ හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
උන්වහන්සේගේ උදාර සමාජ මෙහෙවරද, ධෛර්යවන්ත නොසැලෙන නායකත්වයද විචිත්‍රවූ ධර්මදේශන කුසලතාවයද හේතුවෙන් සෝභිත හිමියන් ලක්වාසී ජනතාව අතර මහත් ගෞරවයට පාත්‍රවූ බව ද රාජපක්ෂ මහතාගේ පණිවිඩයේ සඳහන්ය.
‘‘මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග මැර ප්‍රහාරයට ගොදුරු වීමද, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුවේ කළ සත්‍යග්‍රහයේදී ප්‍රහාරයට ලක්වීමද, තමන් වැඩ විසු නාග විහාරයට ප්‍රහාර එල්ල වීමද, නාරාහේන්පිට අභයාරාමයේදී ප්‍රහාරයට ලක්වීමද නාහිමියන්ගේ වේදනාත්මක අත්දැකීම්ය. එදා රටේ පැවතී ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට එරෙහිව සටන් කළ අය මුහුණ දුන් ඛේදවාචකයට මාදුළුවාවේ සෝභිත හිමිපාණෝද නිදසුනකි. උන්වහන්සේ නිරන්තර ප්‍රකාශ කළ පරිදි ත්‍රස්තවාදී යුද්ධය හිගන්නාගේ තුවාලයක් කරගෙන දශක ගණනාවක් ජාතිය විනාශකර යන ගමනට තිත තැබූ මානුෂික මෙහෙවරේදී මාදුළුවාවේ සෝභිත හිමියෝ දැක්වූ සහය මම ඉමහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.
උන්වහන්සේ මා හඳුනාගත් විද්‍යෝදය ශිෂ්‍ය අවදියේ සිට අවසාන මොහොතේ රෝගාතුරව කනස්සල්ලෙන් සිටින විට බැහැදැකීමට ගිය මොහොතේත් එක හා සමාන මිත්‍රත්වයකින් ද ගෞරවයකින්ද කටයුතු කළ ආකාරය මම ගෞරවයෙන් සිහිපත් කරමි. මාදුළුවාවේ සෝභිත හිමිපාණන්වහන්සේ ලෝකාර්ථ චර්යාවේ යෙදෙමින් විචිත්‍ර ධර්මදේශනා කර සත් වග පහන් කරමින්, ජාතියේ යහපත වෙනුවෙන් කළ මහා මෙහෙවරට මාගේ ගෞරවයද පුද කරමි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ ප්‍රකාශය ඉතා හොඳයි හිටපු ජනපතිතුමනි. තිලක්, අන් අයගේ අදහස් වලට සවන් නොදෙන්නේ නුගත් මිනිසුන්ය. ඔබගේ අදහස් වලින් මා දකින්නේ කිසියම් කණ්ඩායමකට වහල්වී ඇති සැටියකුයි. අපගේ මොළ නොව ඔබගේ මොළය පරීක්ෂා කරගන්න (නි)
අපවත්වීමට පෙර සෝභිත හිමි බැලීමට ගියේ මා දන්නා පමණින් මෙතුමා පමණි. මහින්ද මහතා යනු සතුරාට වුවද ප්‍රේම කරන්නෙකි (නි)
නිවන් මගට යන පර සෙවූ හිමි...... අප විදිනා දුක් ගැහැට දකී........ එලොවදී දකිනා නිවන් අමතකව...... ජනතා පෙරමග වඩිනු පෙනේ..... අජසත් පරපුරරෙහි ඔබට එරෙහි උන්..... ඔබ දෙන අබියස කිබුල් කදුළු සලයි..... මතු දින නිවනට වඩිනා විටදී....... අපවත් අමතක නොවනු ඇතී.(අ)
හිමියනි මෙහෙවර අතී විශිෂ්ඨයි (අ).
නිවන් මගට යන පාර සෙවූ හිමි...... අප විදිනා දුක් ගැහැට දකී........ එලොවදී දකිනා නිවන් අමතකව...... ජනතා පෙරමග වඩිනු පෙනේ..... අජසත් පරපුරෙහි හිමිට එරෙහි උන්..... හිමි දෙන අබියස කිඹුල් කදුළු සලයි..... මතු දින නිවනට වඩිනා විටදී....... අපවත් අමතක නොවනු ඇතී. (බ)
අවසන් වරට උන්වහන්සේව ඝාතනය කරන්න උත්සාහයක් දැරුවා ...දැනට අවුරුදු 2 කට විතර කාලයකදී..උන්වහන්සේගේ පින් බලයෙන් ඒ තැත මග හැරුනා. ඔබට අමතකයි...මට තව මතකයි...(බ)
බොහොම ආඩම්බරයෙන් කියන්න පුළුවන් එදා 1987 ඒ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ සත්‍යග්‍රහයේදී මම ද එතන හිටියා මොරටුව විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් . මගේ ඇස් ඉදිරිපිට මගේ සහෝදර ඉංජිනේරු සිසු ක්ලිපර්ඩ් පෙරේරා ( 1986 ඇතුළුවූ කටුනායක ජීවත් වූ ) කෘර ලෙස ධර්මිෂ්ඨ පාලනය යටතේ වෙඩි තබා මරා දැම්ම . මා මේ ගැන කීප විටක්ම ලීවා , අද මහින්ද මහතා ඒ ගැන සනාත කළා . විශ්වාස කරන්න පාඨකයිනි , දිගට හරහට වේදිකාවට කදුළු ගැස් ගැහුවා , වේදිකාවේ සිටි සියලුම හිමි වරුන් හා සිසුන් සී සී කඩ දිව යන විට සෝබිත නායක හාමුදුරුවෝ කදුළු ගැස් කකා වේදිකාව මත ඇද වැටීමෙන් පසු පොලිසිය විසින් රැගෙන ගිය අයුරු සියසින් දැකපු උදවිය අදත් ඉන්නවා සිය ගණන් . කියන්න මා වැරදි නම් (බ)
මහින්ද මහතා කළ කතාවත් උදාරයි (නි)
රේණු, ඔයාට හිතුනදේම තමයි මටත් හිතුනේ (නි)
ධරමිස්ට කාලේ නම් මතක් කරන්න එපා ,පොලිසියට පැමිණිල්ලක් බාර ගත්තේ නැති මුසල යුගයක් . හිමියනි ඔබට වහන්සේට නිවන් සුව පතමි (අ)
ශෝක පණිවිඩය මඟිනුත් කිසියම් දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට ඇත. නිතරම නිවැරදි දේ ජනතාව වෙත පෙන්වා දීමට, භික්ෂුන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ ගත් උත්සාහය අපි අගය කරමු. (හේ)
රට ජාතියට ඉමහත් සේවයක් කළ ඔබවහන්සේට නිවන් සුව! (නි)
බල තන්හාවට කුරිරු පාලකයින් සත්‍යය යටපත් කිරීමට හැමදාම උත්සහ කළා. එතැනදී පක්ෂ පාට බේදයක් නැහැ. අපේ රටේ කොයි පාලකයෝත් ගැහැව්වේ එකම පදේ තමයි. අඥානයෝ පාලකයින්ගේ ව්‍යාජ පද වලට උඩ පනිමින් නැටුවාට, ගුටි කකා හෝ අපේ සෝභිත හාමුදුරුවෝ හැමදාම පෙනී හිටියේ සත්‍යය වෙනුවෙන් පමණයි...(හේ)
දින ගණනක් පමා වී ඔබ තුමාට හෝ ගරු මා හිමිපාණන් සිහිපත් වීම ලොකු දෙයක්. රටම බලා සිටියා හිටපු නායකයා ගේ අවසන් ගෞරවය.මේ ශෝක ජනක අවස්ථාවේ දේශපාලන කතා අවැසි නැති බව බුද්ධිමත් හැම දෙනාම අනුමත කරනවා. මහා නා හිමිපාණන්ට අම මහා නිවන් සුව ප්‍රර්ථනා කරමි.(හේ)
තිලක්, ඔබ වගේම මිනිසුන් සිටින කුහක සමාජයක් මේක. ඔබට ඕවාට වන්දි ගෙවන්නම සිද්ධවෙනවා (නි)
පරක්කු වෙලා හරි මතක් වුනා (බ)
සෝභිත හිමියන් නැතිවීම අපිට ලොකු පාඩුවක් (නි)
ඔබ විශිෂ්ටයි මහින්ද මහතාණෙනි (නි)
රුවන්ගේ කතාව හරි (හේ)
මිට වඩා විස්තර ඇතුලත් අර්ථවත් ලිපියක් පැරිස් පරවාහැර චන්දරත්න හාමුදුරුවෝ මිට කලින් මෙම පුවත් පතේම පළකර තිබේ (බ)
එදා ජාතික වීරයා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ පිළුණු බත් කනකොට ඒ වෙනුවෙන් නොබියව සටන් කළා. ඔබ වහන්සේගේ කටහඩ අපවත් කරන්න නොකරපු දෙයක් නැහැ.(මහනුවර සත්‍යග්‍රහය වලක්වන්න ඔබ වහන්සේ ගිය වහනය අනතුරට පත් කළා). උන් වහන්සේව පොලිසියේ පැය ගානක් රස්තියාදු කළා විතරක් නෙමෙයි සත්‍යග්‍රහණයත් කඩාකප්පල් කළා. ඒ කිසිවකින් නොසැලුන ඔබ වහන්සේ අවසාන ඉලක්කය දක්වා සටන් කළා. ඒ අපේ රට වෙනුවෙන් සහ උපදින දරු පරම්පරාව වෙනුවෙන්.ඔබ වහන්සේට නිවන් සුව........අපි මැරිලා ඉපදුනේ නැහැනේ.....! (බ)
අපේ ඉතිහාසේ අපිට කියන්නේ ඇසින් නොදකපු , කනින් ඇසු බුද්ද පුත්‍රයන් ගැන , ජාති හිතෙෂින් ගැන , නමුත් 1948 සිට මෙතෙක් අපි ඇසින් දුටු කනින් ඇසු ඒ අබීත , අසහාය බුද්ධ පුත්‍රයා කෝට්ටේ නාග විහාරයේ අති පුජ්‍ය සොබිත යතිවරයාණන් බව කියන්නේ බොහොම සර්ධාවෙනි . නැවත ඔබ වහන්සේ අපේම රටේ ඉපදේවා කියා පතමි (බ)
පිරිස් මහතා තියෙනවා නම් ඒ ලින්ක් එක මෙහි පල කරන්න අපිත් ආසයි ඒ අසහාය බුද්ධ පුත්‍රයා ගැන දැන ගන්න (බ)
සෝබිත හාමුදුරුවන්ට මොන තරම් මරණ තර්ජන තිබුනද?එ්ත් ඒ කිසිවකින් නොසැලී රට වෙනුවෙන් දුක් විදින ජනතාව වෙනුවෙන් ඉදිරියටම ගියා.යුක්තිය,සාධාරණය වෙනුවෙන් හද නගපු අපේ සෝබිත හාමුදුරුවන්ගේ අපවත් වීම අපට විශාල පාඩුවක්. (බ)
අනුන් ගේ දේවල් කියන්න කලින් තමන් කරපුව ගැනත් ටිකක් කියමුද බලන්න (බ)
උන් වහන්සේට නිවන්සැප ලැබේවා.! (ර)
තිලාන්, දැන් එතකොට විශිෂ්ටයි කියලා කියන්නේ? (ර)
හිමියනි, ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
තිලක් ඩුබායි මහතා හරි (නි)
සෝභිත හිමියන්ගේ මෙහෙවර වචන වලින් කියා නිමකළ නොහැක (නි)
සෝභිත හිමියන්ට නිවන් සුව!
සෝභිත හිමියනි, අපිව නිදහස් කරදුන්නාට ඒ පිනම ඇති බුදුන් දැක නිවන් දකින්නට...! (නි)
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
අපේ සෝභිත හාමුදුරුවෝ මොනතරම් උතුම් චරිතයක්ද? (නි)
එක්සත් ජාතික පක්ෂය කාලේදී පවා සෝහිත හාමුදුරුවෝ යුක්තිය සාධාරනය වෙනුවෙන් සටන් කළා. අපේ හාමුදුරුවන්ගේ හඬ නවත්වන්න සමහරු නොකළ දෙයක් නැහැ. අපේ හාමුදුරුවෝ හැමදාම හිටියේ දුක්විඳින ජනතාවගේ පැත්තේ. (නි)
මහානාම- කඳාන, මම ඔබ සමඟ එකඟ නොවෙමි (නි)
මෙබදු සටන්කාමී චරිත ලංකාවට කළ සේවය අපමණයි. උන්වහන්සේගේ දේශපාලනය සෑමවිටකම ජාතිය වෙනුවෙන් පමණයි. නායකත්ව ලක්ෂණ ඇති චරිත ඉතා දුර්ලභයි. (නි)
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
විපුල, හාමුදුරුවන්ගේ අපවත්වීම මතකත් නැහැ. වික්‍රමරත්න, හිටපු ජනාධිපති තුමාගේ කතාව අගය කරලා. ශෝක පණිවුඩයක් කියලවත් වැටහීමක් නැහැ. මේවා දැක්කම අපේ රටේ සමහරු ගැන දුකත් හිතෙනවා. (ර)
හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව පතමි!! ඒවගේම මහින්ද මහතාගේ අතීත ආවර්ජනය තරුණ පරපුරට ඉතා වැදගත්.... (නි)
රේණු , අනෙක් මිනිස්සු දුක සැප බලන්න යනකොට සාමාන්‍යයෙන් අඬ බෙර ගහන්නේ නැහැ . (ම)
ගරුතර නායක හිමියනි, නිවන් දකින්නට කලින් මතු අත්භවයක යළිත් වතාවක් අපේ රටේම ඉපදී, මේ අත්භවයේදී ඔබවහන්සේට කිරීමට අතපසුවූ සද්ක්‍රියාවන්ට පණදී, අවසානයේදී ඔබවහන්සේ පැතූ බෝධියකින් බුදුන් දැක නිවන් සුවයට පත්වේවා..!!!! (නි)
සෝභිත හිමියන් ජීවත්ව සිටියදී උන්වහන්සේගේ අගය ගොඩක් දෙනෙකුට තේරුම්ගන්න අපහසු වුණා (නි)
රටේ දුක්විඳින ජනයා වෙනුවෙන් කැක්කුමකින් කතාකළ සෝභිත හිමියනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)
ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)
තිලක්-ඩුබායි කොහේ තිබෙන නිදහසක් ගැනද කතා කරන්නේ? (නි)
මම අපේ හාමුදුරුවන්ට නිවන් සුව පතමි. උන් වහන්සේ රජය වෙනස් කිරීමට පෙරමුණ ගත්තත් උන්වහන්සේගේ රොටි කතාව සමහරක් අයට අමතක වෙලා. බලය ගන්න උදවු ගත්තට බලය ලැබුණු පසු උන්වහන්සේව අමතක කිරීම, ප්‍රතිපත්ති වලට එරෙහිව යාම වගේ දේවල් වලින් උන්වහන්සේ කලකිරිලා හිටියා. (ස)
මහින්ද මහත්තයාව අපි අගය කරනවා (නි)
තිලක්-ඩුබායි ගැන නම් මම කතාකරන්න කැමති නැහැ (නි)
ඩුබායි තිලක් කියන විදිහට රතන හාමුදුරුවොත් රන් අකුරින් ලියෙවෙනවා නම් මහින්ද මහත්තයාගේ නම දියමන්ති ඔබ්බවලා ලිය වෙන්න ඕනේ. (ස)
සෝභිත ස්වාමින් වහන්සේ උන්වහන්සේට පුළුවන් විදිහට රටට සේවයක් කළා. (නි)
උන්වහන්සේ අභියෝග වලට නොසැළී මුහුණදුන් හැටි අපිට මතකයි (නි)
මොහාන්, අපිව වහල්ලු කරගෙන ජීවත්වුණ සංස්කෘතිය වෙනස් කළ/වෙනස් කරන්න අභීතව නායකත්වය දුන් අපේ සෝභිත හාමුදුරුවන් ගැනයි මම කතාකරන්නේ (නි)
හොඳම පණිවිඩයක්. (ර)
සමහරු නම් හීනෙන් බයවෙලා වගෙයි කතාකරන්නේ (නි)
හිටපු ජනපතිතුමා කළ ප්‍රකාශය ඉතා අනර්ඝයි (නි)
සෝභිත ස්වාමින් වහන්සේට නිවන් මාර්ගය අවබෝධ කරගන්න ලැබේවා! (නි)
හැම අතින්ම කුසලතා ඇති ඔබ යලිත් ජනපති වේවා.! (ර)
විශිෂ්ට කතාවක්. (ර)
මෙම අවස්තාව ''දඹුලු ගොස් තලගොයන් ''කියමන එලියට ගන්න හදනවා. හොඳ නරක ජනතා මතයයි. (ස)
වැළලී ගිය සත්‍යයක් ඔබතුමා ජනතාවට මතක්කරලා දීලා තියෙනවා. (ර)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (ර)
බලය ලැබෙන විට මොළය කැළඹෙන පාලකයින්ට, එදා සිටම උන්වහන්සේ තර්ජනයක් මෙන්ම අසිපතක් ද වුවා. (ර)
රට නිදහස් නොකරගන්න බලන්න තිබුන රටට වෙන දේ.(ම)
විපුල, මේ ශෝක වෙලාවක්. (ර)
ඔබතුමාගේ ගෝලයෝ නම් ෆේස්බුක් එකේ කියන්නේ වෙන කතාවක් (බ)
විපුල, ඕවා වෙන තැනක කියනවද.? (ර)
සියල්ල අනියත ලොවක කීම බල අරගල (ම)
සෝභිත හිමියන් කල සේවාවලින් අග්‍රගන්‍ය මෙහෙවර තමයි ඔබතුමාගේ ඒකාධිපති පාලනය අවසන් කිරීමට පළමු වෙඩිමුරය තැබීම (ම)
උන්වහන්සේ කල උදාර මෙහෙවර නිවන් දකින්න තරම් ලොකු පිනක්. (ර)
රන්ජිත්,මෙතන කුහක කතා කියන්න එපා. හරි දේ හරි විදියට දකින්න පුරුදු වෙන්න. (නි)
අපි මාදුළුවාවේ හිමින්ට නිවන් සුව පතමු. උන්වහන්සේ සැමදා අභීතව සටන් කළා. (ර)
සෝභිත හිමි රට බේරාගත් මහා සේවයම ඇති උන්වහන්සේට නිවන් දකින්න. (ර)
මෙන්න යකෝ "දේවදත්තයත්" බුදුන් සරණ යන්න ඇවිත් .(ම)
එවන් හිමිනමක් තව සෑහෙන කාලයකට මේ දිවයිනේ පහළවේදැයි සැකයි (නි)
හාමුදුරුනමක් අපවත් කිරීමට සැලසුම් කිරීම,ඒ සදහා අනුබල දීම විශාල පාපකර්මයක්.අපි මේවා ඉගෙන ගත්තේ පොඩි කාලේදී ගිය දහම් පාසලින්.දැන් බොරු බයිලා කිව්වත් රටම දන්නවා සත්‍ය.(ම)
නිහාල්,ඔය සත්‍ය -අසත්‍ය මිනිස්සු හොඳට දන්නවා. (නි)
උන්වහන්සේගේ උතුම් ගුණාංග අපේ ජීවිතයට ඇතුළත් කරගැනීමට මෙය අවස්ථාවක් කරගනිමු. එය මේ වෙලාවේ උන්වහන්සේට කරන උතුම්ම ගෞරවයයි (නි)
කපන්ට බැරි අත ඉඹිනවා කියන්නේ මේවට. ලැජ්ජා නැද්ද මහත්තයෝ (බ)
විපුල බැරි වෙලාවත් ඔබ මගුල් ගෙදර ස්තුති කතාවක් බාරගන්න එපා. ඒ කතාව ගිහින් කියාවි තොවිල් පලක! (බ)
තිලක්, ඔබ දහම් පාසල් ගිය කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)
ටිකිරි බණ්ඩා මසුරන් කතාවක්නේ කියලා තියෙන්නේ. (නි)
මුළු රටම මේ හිමියන්ගේ අභාවය ගැන ශෝකවෙනවා (නි)
මහින්ද මහතාණෙනි, ඔබ කළ කතාව විශිෂ්ටයි (නි)
ඒකාධිපතියෙකුගෙන් රටක් නිදහස් කර ගත්තට මදි.ඒ රටේ වහල්ලු වගේ හිටිය මොළ හෝදපු සම-හරක් ජනතාව පුනුරුත්තාපනය කරන්නත් ඕනේ.කරුණා කරලා දැන්වත් ක්‍රිස්,පිවිතුරු යහපාල,ඉන්දික,කුමාරි....වගේ ජනතාව පුනුරුත්තාපනය කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න.ඒ සොබිත හාමුදුරුවන් වෙනුවෙන් කරන ගෞරවයක් (බ)
හිමියනි, ඔබට අමාමහ නිවන් සුව ලැබේවා! (නි)
ජේමිස්, ඇයි ඔහොම කතාකරන්නේ?? (නි)
සෝභිත හිමියන් බලාපොරොත්තු වූ දේ ඉටුකිරීමයි උන්වහන්සේට කරන ලොකුම ගෞරවය වෙන්නේ (නි)
මෙවන් උදාර මෙහෙවරක් කළ සෝභිත හිමියන්ගේ නාමය සදා අමරණීයයි (නි)
අද මුළු රටම අඬනවා. හිමියනි, ඔබට නිවන් සුව! (නි)
සෝභිත හිමියන්ට නිවන් සුව! (නි)
කරුණාපාල සමඟ මමත් එකඟයි (නි)
මේ උත්තමයාණන් වහන්සේ මේ මහඟු සේවයට මුල නොපිරුවා නම්, අද කොහොම වේවිද? මොනතරම් උදාරද මේ ස්වාමින් වහන්සේගේ සේවය? (නි)
මහින්ද මහතාගේ කතාව අපි අගය කරනවා (නි)
විපුලගේ කතාව මම අනුමත කරන්නේ නැහැ (නි)
අපිටත් හරිම දුකයි (නි)
අපේ සංස්කෘතිය තමයි කවුරුහරි වියෝවුණාම සියලුම වාද බේද අමතක කරලා දුක බෙදාගන්න එක. සංඝ පිතෘ උතුමෙක් අපවත් වුණාම ඒ දුක තවත් වැඩියි. එහෙම වෙලවකත් පටු දේශපාලන වාසි බලාගෙන වැඩකරන්න හොඳ නැහැ (නි)
මිනීමරු ත්‍රස්තවාදයෙන් රටම නිදහස් කර ගන්න ජිවිත පරිත්‍යාගයෙන් ඉදිරියටම ගොස් සටන් මෙහෙයවපු ජෙනරල් ෆොන්සේකාත්, ඒකාධිපති පවුලකින් සහ කල්ලියකින් රටම නිදහස් කර ගන්න ජිවිත පරිත්‍යාගයෙන් අබීත මෙහෙවරක් කල, නායකත්වය දුන්නු සෝභිත හාමුදුරුවෝ සහ රතන හාමුදුරුවෝ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා. (ස)
ටිකිරි බණ්ඩාගේ අදහස මමත් අනුමත කරනවා. (ස)
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
අපිටත් අවංකවම දුකයි (නි)
මහින්ද මහත්තයා කළ කතාව අගය කරනවා (නි)
මේ වෙලාවේ අපි දේශපාලන වාසි ගැන හිතන්න හොඳ නැහැ (නි)
වැරදි කළ හැම කෙනාගේම වැරදි උන්වහන්සේ අභීතව ප්‍රකාශ කළා. උන්වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
තිලක්-ඩුබායිගේ කතාව මමත් පිළිගන්නවා (නි)
උන්වහන්සේ කිව්වා දෙය ඇහුවනම් ඔබතුමා තවමත් ජනාධිපති . දැන් බයිලා කියල වැඩක් නැහැ. (ම)
ඔබ තුමාගේ නොමසුරු ප්‍රකාශය අගේ කරන්නෙමු. එමෙන්ම උන්වහන්සේගේ හඩට ඔබතුමා කන් දුන්නනම් අපි මීට වඩා වාසනාවන්ත වීමට ඉඩ තිබුන. (බ)
අනේ! ඒ ගැන නම් මොනවා කියන්නද සමීර, උඩින් පේන්න කඳුළු සලලා යටින් හිනා වෙන්න අපේ අය හරිම දක්ෂයි. ඔය කොයි කාගේත් වාසියට මිසක් අපි කොයි කවදද එකට එකතු වුනේ..(බ)