මාදුළුවාවේ සෝභිත නා හිමියන් තම අවසන් කටයුතු කෙසේ කළ යුතු ද යන්න පිළිබඳව කලකට පෙර පළ කළ අදහස් විවිධ මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුවද තම ආදාහන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උන්වහන්සේ කිසිදු ලිඛිත ඉල්ලීමක් හෝ අවසාන කැමති පත‍්‍රයක් ලබා දී නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රධාන සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමියෝ පැවසූහ.
එබැවින් එවැනි අදහස් මාධ්‍ය ඔස්සේ පළ කර දුකින් තැවෙන බෞද්ධ ජනතාවගේ සිතුවිලිවලට බාධා ඇති කරන්නට එපා යැයි ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සඳහන් කළහ.
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ සත්‍යය ලොවට කියාදුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළේ ද සඳුන් සෑයක බව ද චන්ද්‍රසිරි හිමියෝ කියා සිටියහ.
උන් වහන්සේ මේ බව පැවසුවේ මාදුළුවාවේ සෝභිත හිමි ආදාහන පූජෝත්සවය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
‘සෝභිත හිමියන් තම අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විවිධ මාධ්‍ය කළ විමසීම්වලදි උන් වහන්සේ ලබා දී ඇති පිළිතුරු දැන් මාධ්‍ය ඔස්සේ පළ කෙරෙනවා. ඒ අදහස් ඔවුන් පළ කරන්නේ සෝභිත හිමියන්ගේ අල්පේච්ඡ ජීවිතය, නිහතමානී බව හා සරළ බව පිළිබඳ අදහසක් දීමට නම් එහි කිසි ගැටළුවක් නැහැ. නමුත් මෙවැනි දේ පළකිරීම හරහා දුකින් තැවෙන බෞද්ධයන්ගේ සිතුවිලිවලට යම් යම් බාධා ඇතිවෙන්නත් පුළුවන්. සෝභිත හිමියන් තමන්ගෙන් කළ විමසීම්වල දී තම හැගීම් ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් ඒ ගැන සඳහන් ලිඛිත ඉල්ලීමක් හෝ ලියවිල්ලක් නැහැ. එවැනි ලියවිල්ලක් තිබුණා නම් එයට ගරු කරන්නට වෙනවා. රේරුකානේ චන්දවිමල හිමියන් අපවත්වීමට පෙර එවන් ඉල්ලීමක් කර තිබූ නිසා එලෙස ආදාහන කටයුතු සිදුකළා. නමුත් සෝභිත හිමියන් මෙවැනි ප‍්‍රකාශ කර තිබුණේ ධර්ම දේශනා ආදී විවිධ අවස්ථාවලදීයි. පැය 24න් උන්වහන්සේ ආදාහනය කළා නම් එම කටයුතු කරන්නට වෙන්නේ සිංගප්පූරුවේදීයි.
සෝභිත හිමියෝ තමන් 73 වසරක් පරිහරණය කළ ශරීරයත් අත්හැරියා. ඒ ශරීරය වුණත් අපේ බෞද්ධ ජනතාවට වටිනවා. ඔවුන්ට එය බලන්නටවත් නොදී ආදාහනය කළා නම් එයත් අසාධාරණයක්’ යැයි ද උන්වහන්සේ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ ඉවසීමෙන් වැඩකිරීමයි වැදගත් (නි)
සෝභිත හිමිගේ දේහයට ගරුබුහුමන් දැක්වීමට ලැබීමත් අපි ලද ලොකු භාග්‍යයක් (නි)
මගේ මිතුරෙක් එතෙර රටකදී මිය ගියා , මියයාමට පෙර ඔහු බිරිඳගෙන් ඉල්ලීමක් කළා ඔහුගේ මරණින් පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න කියල මොකද මගේ මිතුරා මැරුනේ පිළිකා රෝගයෙන් , මළමිනිය ගෙදරින් ගෙන යාමට පෙර බිරිඳ අදාළ පාර්ශවයන්ට දන්වල තිබුන තම ස්වාමියාගේ කැමැත්ත පිළිබඳව , පසුව ඔවුන් දන්වා තිබුනේ කෙනෙකු මිය ගිය පසු ඔහු විසින් කළ ඉල්ලීමකට අනුව එරට නිතිය අනුව පශ්චාත් පරික්ෂණයක් කළ නොහැකි බවත් පවුලේ ජිවත් වෙන ඉල්ලීමක් කළහොත් එවැනි පරික්ෂණයක් කළහැකි බවයි ඒ අනුව අප හාමුදුරුවන් වහන්සේ පවසන පරිදි කටයුතු කිරීමට බාධාවක් නොමැත (බ)
ජයා, ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල්. එතැන නීතිමය ප්‍රශ්නයක් නැහැනේ. (නි)
උන් වහන්සේ රුපවාහිනී නාලිකාවක වදාරනවා, උන් වහන්සේ අපවත් වුන විට කළ යුතු දේවල්. ලිඛිතව නැති වුනත් උන් වහන්සේගේ කට වචනය වැදගත්. උන් වහන්සේ කියනවා මළාට පස්සේ කොපමණ වියදම් කළත් උත්සව කළත් එයින් උන් වහන්සේට පලක් නොවන බව. ඒකයි ඇත්ත. නමුත් මේ දින කිහිපය දේහය තබා ගනිමින් ගිහි පැවිදි හැමෝටම හාමුදුරුවන්ට අවසන් ගෞරවය දැක්වීමට අවස්ථාවක් ලබාදීම ඉතා හොඳයි. එමෙන්ම උන් වහන්සේ දැක ගැනීමට නං දෙසින් පමිනේන්නේත්, පෝලිම්වල සාමකාමිව දිවා රෑ නොතකා තමන්ගේ වාරය පැමිණෙන තුරු බලා සිටින්නේත්, සෑම තැනම කහ කොඩි වලින් සරසන්නෙත් මිනිසුන්ගේ හදවතින්මයි. නැතිව කව්රුත් කියලා නෙවෙයි. මට ඇත්තටම දැනුන උන්වහන්සේට මිනිසුන් කොච්චර ආදරේද කියල. (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
උන්වහන්සේ කියන කතාවට මමත් එකඟයි (නි)
ගැටලුව නොදිරන ප්‍රතිපත්ති නොව දිරන සිරුර වැදගත් වීමය (බ)
අන්තිම කැමැත්ත ලියන්න මේක දේපල වල ප්‍රශ්නයක් නෙවෙයිනේ.එතුමා තමන්ගේ අවසාන කටයුතු කරන්න ඕනි ආකාරය කියල පැහැදිලි ඉල්ලීමක් කරලා තියනවා,අවමංගල සභාවේ වගකීම වෙන්නේ එතුමාගේ ඉල්ලීම ඉටු කිරීමයි.මියගිය උදවිය විකුණන එක අපේ රටේ සම්ප්‍රදායක් වීම ගැන කනගාටුයි.(ම)
කාට කාටත් කොහේ හෝ වැරදුන . සෝභිත හාමුදුරුවන්ගේ ඒ ප්‍රකාශය ලියවිල්ලකට වඩා බලවත් කියා මා සිතනවා . හිමියන් බලාපොරොත්තු වුණ අවසන් කටයුතු කවුරුත් දැනගන්න විට.ඔබ වහන්සේට නිවන් සුව පතමි (අ)
උන් වහන්සේට නිවන් සුව පතනවා! (නි)
මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට නිවන් සම්පත් පතමු.! (ර)
මෙතන දැන් අනන් මනන් කියල වැඩක් නෑ.. මගෙ හැඟිමනන් ලිඛිත ලියවිල්ලකට වඩා එතුමන්ගේ කටහඩ සහිත විඩීයෝ පටිය මේ සියල්ලටම වඩා වැදගත්. කොහොමත් එතුමන් බලාපොරොත්තු වුන කිසිම දෙයක් මේ වෙනකොටත් නොලැබුන එ්කේ මේක විතරක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ.. ඒ කෙසේ වෙතත් අපේ ආදරණිය හාමුදුරුවනේ ඔබේ නික්මයාමේ හිඩැස මේ බිමේ පය ගසා හුස්ම ගන්නා අයට අදටත් වඩා හෙට දිනේ තව තවත් දැනේවා..සාධාරණ සමාජයත් අහිමිව ..උත්තම "අවසන් කැමැත්තත්" අහිමිව..ඒත් සමිඳ..දුක් නොසිතනු මැන..,නිවන් සුවය උරුමයි ඔබ හට සෝභිත සඟ යතිවරාණෝ (බ)
රට දැන් මහා කඩාවැටීමකට ලක්වෙනවා. මොකද කෙලින් නොබියව සත්‍ය කථා කරන කෙනෙක් නෑ දැන්. සෝභිත හිමියනි ඔබට අමා මහ නිවන් සුව අත් වේවා. (ස)
ගරු සොබිත හිමියන්ට නිවන්සුව පාර්ථනා කරමු. (ර)
දුකට පත් දස දහස් ගණනක් සෙනඟ නාග විහාරයට ඇදී එන්නේ අපේ සෝභිත නාහිමි සමිඳුන්ගේ ගුණ ශරීරයට ගරු බුහුමන් දක්වන්නත්, එමඟින් ඒ සත්පුරුෂ මිනිසුන් තුළ ඇතිවී තිබෙන වේදනාව තුනීකරගන්නත්ය. අපිට නම් එහි වරදක් පෙනෙන්නේ නැහැ. (නි)
එතුමා පැතූ සාධාරණ සමාජය ගොඩනැගීමෙන් හැර වෙන කිසිවකින් එතුමාට හිමි ගරුත්වය ලබා දිය නොහැකි බව දේශපාලකයන්ට කෙසේ වෙතත් පොදු ජනතාවටනම් හොඳට තේරෙනවා . (ම)
අපි බලාහිඳිමු මොකද වෙන්නේ කියලා (නි)
ජීවිතං අනියතං මරණං නියතං යන බුදු වදන අනුව බලාපොරොත්තු නොවූ අවස්ථාවකදී අපවත්වූ සෝභිත හිමියන් අන්තිම කැමතිපතක් ලියා නැත්නම් සඟ සබාව සහ දායක සබාව ඉදිරිපත්වී සාධාරන තීරණයක් ගතයුතුයි යන්න මගේ අදහසයි (නි)
අපි වර්තමානයේ භාවිතාකරන විද්‍යුත් ලිපියත් විස්වාසකරන එකක්නෑ එකේ අත්සන නෑ කියලා.(රේ)
උන්වහන්සේගේ දේහයට උපහාර පුදන්න ජනතාවට ඉඩක් ලබාදීම ලොකු පිනක්. වෙන හාමුදුරුවරුන්ගේ වගේම පන්සලේ දේහය තබා ජනතාවට උපහාර දැක්වීමට ඉඩදිය යුතුයි. රාජ්‍ය ගෞරව උන්වහන්සේ බලාපොරොත්තු වුණේ නැහැ. (නි)
සුදුසු දෙයක් කිරීමයි මේ වෙලාවේ වැදගත්. අනවශ්‍ය ප්‍රශ්න අවශ්‍ය නැහැ (නි)
දෙවරක් හිතන්න. මුදල් හෝ වස්තුව හෝ ඕනෑම භෞතික දෙයක් නැතිවුණොත් ඔබට එය නැවත ගන්නට හැකියි. නමුත් ..ජිවිතයක් නැතිවුණොත්...? (නි)
උන්වහන්සේට ගෞරව දක්වන්න අපිට අවස්ථාව ලබාදුන් එක මම අගය කරනවා (නි)