ලාංකිකයින්ගේ ජීවිත ශක්තිමත් කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කිරීමට තම ජීවිත කාලය පුරාම සාධාරණ සමාජයක් උදා කරලීම සඳහා අදීනව අරගලයක යෙදුන සංඝ පීතෘවරයෙක් වූ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අභාවය පිළිබඳව තරුණ විද්වත් වෘත්තිකයන්ගේ එකමුතුව වන (2021) සංවිධානය ශෝකය පළ කරන බව එහි ප්‍රධාන ලේකම් තිලක් සෙනෙවිරත්න මහතා නිවේදනය කරයි.
විද්වත් වෘත්තිකයන් සමග පමණක් නොව සියලුම සමාජ ක්‍රියාකාරින් සමග ඒකාබද්ධ වෙමින් ගුරු හරුකම් දෙමින් කළ නායකත්වය ජනයාගේ සුබ සෙතට දුන් දායකත්වය මිල කළ නොහැකි බව ද විද්වත් වෘත්තිකයින් සඳහන් කරයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ජන සුබ සිද්ධිය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙමින් ඒ සඳහා නායකත්වය දුන් ප්‍රගතිශීලී පුරෝගාමී භික්ෂූන් වහන්සේ නමක වශයෙන් උන් වහන්සේ සමාජයට ඉටු කළ කාර්යභාරය අමිල බවත් එවැනි සංඝ පීතෘවරයෙක් මේ මොහොතේ රටට අහිමි වීම දැරිය නොහැකි පාඩුවකි. යහපත් සමාජයක් ප්‍රාර්ථනා කරන සියලු ලෝක වාසී පුරවැසියන්ගේ මෙහෙය කෘතඥභාවය, ආචාරය උන්වහන්සේ වෙත පළවනු නිසැකය.
සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වැදුණු උන් වහන්සේ රාජ්‍ය පාලනයේ දුර්වලකම් නොබියව පෙන්වා දී සංඝ සමාජයටද ආදර්ශයක් ගෙන දෙමින් පාලකයන්ගේ වැරදි පෙන්වාදීමට ශක්තිමත් වූ එඩිතර ඝංඝ පීතෘවරයෙක් බවත් උන්වහන්සේ සේ දුන් දර්ශනය හා ආදර්ශය ඉදිරියට ගෙනයාමට කැප වන බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්ද-උන්වහන්සේ දුන් දර්ශනය, ආදර්ශය ඒ අයුරින්ම ඉදරියට ගෙන යාමට කැපවෙනවා. (ර)
මාදුළුවාවේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේ යනු, ගිනි අව්වේ මද්දහනේ දෙපතුල් දැවි දැවී පාවහන් රහිත දෙපයින් මිරිහාන පොලිසිය පාරෙන් සුභද්‍රාරාම පිරිවෙනට වැඩියේ අපට ශිල්ප දෙන්නටය. ඒ ඉන්ධනද සමග පූජා කළ අළුත්ම රථයක් පන්සලේ තිබියදීය. ගුණසමරු පිංකමක් පවත්වන්නට අවසර දී අප ඊට පාට කොඩි වලින් පන්සල් භූමිය සැරසීමට යද්දී විහාර භූමිය තුළ සුදු කොඩි පමණක් භාවිතා කරන ලෙසත්, පක්ෂවල පාට විහාර භූමිය තුළට ගෙන නොඑන ලෙසටත් පවසා එදා දේශපාළන අධිකාරිය හීලෑ කළේ උන්වහන්සේය. අහෝ සමින්ද්‍රයාණෙනි! අමා මහා විමුක්තිය ළබා නිර්වාණ සම්පත්තියට ඔබ වහන්සේ පත්වේවා! (ර)
අපේ සෝභිත නාහිමිපාණන්ට දක්වන උසස්ම උපහාරය නම්, ඒ හිමියන් රටට දැයට කළ මෙහෙය ඉදිරියට කරගෙන යාමයි. ඒ ටික මේ විද්වත් වෘත්තිකයන්ට කළ හැකිය යන්න අපේ විශ්වාසයයි. (නි)