දූෂණය පිටුදැකීමට මහත් මෙහෙවරක් කළ මාදුළුවාවේ සෝභිත හිමියෝ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කොළඹ දී පැවති දූෂණ විරෝධී ජාතික දින උළෙලේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ආයතනය පිරිනැමූ ජාතික සුපිළිපන් ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූහ.
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් ඒ හිමියන්ගේ ශිෂ්‍ය උඩුකලකන්දේ අරියරතන හිමියෝ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අතින් සම්මානය ලබා ගත්හ.
අල්ලස සහ දුෂණ තුරන් කිරීමේ ජනතා අභිලාශය ඉටු වන යුගයක් බිහි වී ඇති බවත් 19 වැනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ සඳහා වැඩි ශක්තියක් ලබාදුන් බවත් දූෂණ විරෝධී වැඩසටහනකට ජනාධිපතිවරයකු සහභාගී වූ පළමු දිනය අද විය හැකි යැයි ද ජනාධිපති සිරිසේන මහතා කිවේය.
දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ද ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළින් ඇරැඹිණි. පාගමන නිදහස් චතුරස‍්‍රය වෙත පැමිණිමෙන් පසු දුෂණ විරෝධී දින ජාතික උත්සවය පැවැත්වීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රාන්ස්පේරන්සි ඉනටර්නැෂනල් කියන්නේ සී අයි ඒ එකේ පදේට නටන අැමරිකා අධිරාජ්‍යවාදයේ අලුත් මූනක්. (බ)
චන්ද්‍රිකා නෝනත් ඇවිත් හිටියනම් කියල හිතුණා (බ)
ජයවේවා! (නි)
යසපාල ගම් මැඩියෙක් වගේ (බ)
ඔච්චර තමයි. තවම දඬුවම් ලබපු කෙනෙක් නැහැ. (බ)
අැයි ජයවීර දන්නවද කවුද කියල ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පටං ගත්තේ කවුද කියල? ඒකට අාධාරත් ප්‍රචාරත් යටින් දෙන්නේ කවුද කියල? (බ)
ජාතික ආණ්ඩුවෙන් පොදු සමාව ලැබුණු අය නැද්ද? (බ)
හොඳ අදහසක්. හොඳ වැඩක්. නමුත් ලංකාවේ ඉන්න ලොකුම දුෂිතයෝ තවම නිදැල්ලේ. ඉතින් කොහොමද දුෂණය නැතිකරන්නේ...? (නි)
දුෂණ වංචා නම් කවදාවත් අවසන් කරන්න බැරිවෙයි (නි)
සෝභිත හිමි මතක්වීමෙන් හිතට පුදුමාකාර දුකක් දැනුනා (නි)
වික්ටර් අයිවන්ට සම්මානය දෙන්න තිබුනේ චන්ද්‍රිකා අතින් නේද? (බ)
බොරු කයිවාරු වලින් වැඩක් නැහැ. වැඩ කරන්න. නීතිය ක්‍රියාත්මක වන බව ප්‍රායෝගිකව පෙන්වන්න. (නි)
හිතට එකගව කතා කළොත් ඔය පින්තුරවල ඉන්න හැමෝම කිසිම දුෂණයකට සම්බන්ධ නොවී සිටිය කට්ටියද. දුෂණය යන්නට වංචා කරන මුදල ප්‍රමාණය , එම මුදල තමාගේ සාක්කුවට නැතිනම් තමන් පෙනීසිටින දේශපාලන පක්ෂයටද යන්න වැදගත් නැත. මන්ද රුපියල් ලක්ෂ අටකට පැය දෙකකුත් විනාඩි තිහක විකාශන කාලයක් ගත්ත අය මේ පින්තුරවල ඉන්නවා.(බ)
මාගේ සුබපැතුම්.! (ර)
සමහරු හිතන්න මේක ආණ්ඩුවෙන් සංවිධානය කරපු එකක් කියලා වගේ. ඒ අයගේ දෙනුවත් බව ගැන දුක් වෙනවා. (ර)
අපෙන් සුබ පැතුම්! (නි)
ඉතා අගනා මෙහෙවරක් සුබපැතුම්. (ස)
පිදියයුත්තන් පිදීම අගය කරමු (නි)
දුෂණ විරෝධී සම්මානය අපවත් වී වාදළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙත පුදනු ලැබුවත් එම හිමියන්ට නියම ගෞරවය දීමට නම් දුෂණ වලට තිත තැබිය යුතුය (නි)
සංඛ ඔයාට දුක ඕක අාණ්ඩුවෙන් සංවිධානය කළයි කියල හිතන අයගේ දැනුවත් කම ගැනද? ඔය අාණ්ඩුවයි ඔය උත්සවේ කරපු ට්‍රාන්ස්පේරන්සියයි දෙකම සංවිධානය කළේ යටින් ඉන්න සී අයි ඒ ඒකයි කිවුවාත් ඔයාට මොනව හිතෙයිද? ඒත් අැත්ත එහෙම තමයි (බ)
හොඳ ආරම්භයක් (නි)
සෝභිත හිමියන් නැති එක මොනතරම් පාඩුවක්ද? (නි)
යහපාලනය පාසැල් ළමුන් පාරේ යවන, ඇවිදින, ප්‍රදර්ශන වැඩ, පා ගමන් වලට සහභාගි කරවන්නේ නැහැ කිවුවා නේද? (නි)
තරුණ තරුණියන් දහස් ගානක් බිල්ලට යවලා රජයට භාර වී නිදහස් වී පැමිණ ආණ්ඩුවට හේත්තු වෙලා පසු කාලෙක අපි 71 කළේ නොකළ යුතු අසාර්ථක අරගලයක් කියා අර බිල්ලට දීපු තරුණයන්ටත් අවමාන කළ වික්ටර් අයිවන් සම්මානයකින් පිදුම් ලබලා. (බ)
ජනතාව සැබෑ වෙනසක් ඇතුව, මහත් බලාපොරොත්තු ඇතිව තමා යහපාලනය නමින් ගෙන යන මේ ආණ්ඩුව බලයට පත්කළේ. නමුත් දැන් ඒ බලාපොරොත්තු දිනෙන් දින දියාරු වෙමින් පවතිනවා. මේවා ඔක්කොම මාද්‍ය සංදර්ශන පමණි.ඊටපසු සියල්ල අමතකයි !! (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
මේවා නැත්තටම නැතිවෙන්නේ කවදාද? (නි)
ඔක්කොමට ඉස්සල්ල වර්තමාන රජයේ ඉන්න දුෂිතයන් ආරක්ෂා කරන ඇමතිවරුන්ට එරෙහිව පියවර ගතයුතුයි.(ම)
ඔය ඇත්තමද.? හෘද සාක්ෂියෙන් අහල බැලුවහොත්.(ම)