සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් නොකළ හේතු ඇතුළත් වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍යවරුන් 5 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි අද උසාවියේදී සඳහන් විය.
සෝභිත හිමියන්ගේ මරණය සැක සහිත බව කියමින් ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමි පොලිස්පතිට කළ පැමිණිල්ල අනුව රහස් පොලිසිය පරීක්ෂණ බාර ගත්තේය.
අද පැමිණිල්ල කැඳවුණු අවස්ථාවේ මහේස්ත්‍රාත් පිලිපිටිය මහතා ප්‍රශ්න කළේ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වූයේ ඇයිද යනුවෙනි. රහස් පොලිසිය පැවසූයේ ඒ සම්බන්ධයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේදි කලකදී විත්තිකාරයො ඊළඟ දිනයේදී පැමිණිලිකාරයෝ වෙන වෙලවලුත් තිබෙනවා. (නි)