සියලූ ආගම් අදහන ජනතාවට ගෞරව කිරීමට අනුබල ලබාදීමටත් , සියලූම ලාංකිකයින්ගේ ජීවිත දියුණු කිරීමටත් ගත් ප්‍රයත්න නිසා මාදුළුවාවේ සෝභිත හිමියෝ ගෞරවයට පාත්‍ර වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් මහතා අද(8) පැවසීය.
එසේම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කර ආරක්ෂා කිරීමටත් කැපවූ උන්වහන්සේ අපවත් වීම ගැනද ඇමෙරිකා තානාපතිවරයා සොව පළ කර සිටී.සෝභිත හිමියන්ගේ අපවත්වීම පිළබඳ ශ්‍රී ලාංකික ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා එත්සත් ජනපදය වෙනුවෙන් තමාගේ ශෝකය පළ කර සිටින බවද හෙතෙම කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝභිත හිමි නැතිවීම අපිට දරාගන්න අමාරුයි (නි)
ඇමරිකාව වුණත් ඇත්ත කතාකළ යුතු තැන ඒ බව කියනවා (නි)
ඔබවහන්සේ පසුගිය සමයේ ජාතියට කළ මෙහෙවර අනගිබවනීයි. එපින් බලෙන් ඔබවහන්සේට අමා මහා නිවන්සුව අත්වේවා. අපි ඔබට ණයගැතියි. (බ)
ඔබ වහන්සේට නිවන් සුව පතමි. (බ)
ඇමරිකාවට සහා යුරෝපයට නම් ලොකු පාඩුවක්. කෙසේ වෙතත් එ් හිමියන්ට නිවන් සුව පතමු (බ)
බුද්ධ පුත්‍රයෙක් හැටියට ඔබට නිවන් සුව පතමි එහෙත් පසුගිය වකවානුවේ ඔබ කළ කි දේ ගැන සැහීමකට පත් නොවෙමි (බ)
ඇමරිකාවෙන් ප්‍රශ්නයක් අහන්නම්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? වියට්නාමෙට, ඇෆ්ගනිස්තානෙට, ඉරාකයට වගේ ගිහිල්ලා මිනීමරලා හොරකං කරන්න එකද? (බ)
ඔබවහන්සේට නිවන් සුව! (නි)
හිත වාවන්නේ නැහැ හිමියනි, ඔබවහන්සේ අපවත්වුණා කියා මට කීයටවත් හිතෙන්නේ නැහැ. දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට පැකිලුන දේශපාලුවන් කළ කී දේ වලින් ඔබවහන්සේගේ හදවත කීරිගැසී වේදනා දුන්නා. ගරුතර ස්වාමින් වහන්ස, ඔබවහන්සේ අප රටට කළ,කිරීමට සිහින මැවූ අප්‍රමාණ වූ උතුම් සද්ක්‍රියා එමටයි. ඒ උතුම් ක්‍රියා යථාර්ථයක් කරගනු පිණිස ඔබවහන්සේ අනේක උත්සාහයක් දැරූ බව කාහටත් නොරහසකි. එහෙත් අවසානයේ ලොවේ කාටත් පොදුවූ ධර්මතාවයට යටත්වීමට සිදුවුණා. ගරුතර ස්වාමින් වහන්ස, ඔබවහන්සේ පැතු බෝධියකින් බුදුන් දැක අවසානයේ උතුම් වූ නිවන් සුවයට පත්වේවා...!!!!! (නි)
සනත් ඉන්දික,මොකද 'පසුගිය වකවානුවේ ඔබ කළ කී දේ ගැන සෑහීමකට පත්නොවෙමි' කියන්නේ? රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ එකද? නිකන් වහලෙක් විදියට හැසිරෙන්න එපා (නි)
සෝභිත හිමිට නිවන් සැප ලැබේවා! (නි)
සෝභිත හිමිට අප සදා ණයගැතියි (නි)
ඔබ වහන්සේට නිවන්සැප ලැබේවා.! (ර)
නිවන්සැප ලැබේවා.! (ර)
ඔබ වහන්සේට නිවන් සුව පතමි.! (ර)
ඇමරිකාවට හරිම දුක හිතෙනවා (ම)
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත් වේවා.! (ර)