සෝභිත නාහිමියන් විසින් පැතූ සමාජ අපේක්ෂාව හා දේශපාලන වෙනස්කම් ඉතා ඉක්මනින් ඇති කිරීම ජනපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමක් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය මහතා කෝට්ටේ නාගවිහාරයේ දී පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
සෝභිත හිමියන් කළ සේවය අගය කිරීම සඳහා එම හමුව පැවැත්වුණු අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ ද, විහාරස්ථ දායකයෝ ද ඊට එක්වූහ.
‘අපට කරන්න පුළුවන් සෝභිත හිමියන් පැතූ සමාජය සාධාරණත්වය ඇති කිරීමයි. ඒ සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මින් ඉදිරියට ක්‍රියාත්මක විය යුතුයි.‘
නිර්මාල් රංජිත් දේවසිරි සහ ගැමුණු විජේරත්න මහත්වරු ද කතා කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා එදා ඔබවහන්සේ දුටු අවස්ථාවේ ඔය උත්තම පාද යුගල ස්පර්ශ කර වැඳ නමස්කාර කළවිට දැනුනේ පුදුමාකාර භක්තියක් අපේ හාමුදුරුවනේ. (නි)
ඔබ හරි සත්‍යා (නි)
"සාධාරණ සමාජය......." අපිට මේ වචන යථාර්ථයක් වෙන්නේ කවදාද? (නි)
අපිත් මේ එක සිතින් උදේ හවා ප්‍රර්ථනා කරන්නේ හැකි ඉකමනින් ඔයාලටත් උන්වහන්සේ ගිය මගම යන්න ලැබේවා කියල..(බ)
නියමයි එහෙනම් මුලින්ම විධායක ජනාධිපති ක්‍රමයේ විධායක බලතල අහෝසි කරවන්න ඉන්පසු ජාතික ලැයිස්තුවෙන් පත්කරපු මහජන ඡන්දෙන් පැරදුනු මන්ත්‍රීවරු අයින්කරවන්න ...මොකද මෙන්න මේ දේවල් නොකරපු හිත් වේදනාවෙන් තමා සෝබිත හාමුදුරුවන්ට හෘදයාබාධය වැලඳුණේ (බ)
කවද විතරද යන්න බලාපොරොත්තුව,අර කියන්නහේ ඉක්මනින් ගියානම් රටට සෙතක් වෙයි (බ)
සෝභිත නාහිමිපාණන්ට දැක්විය හැකි ඉහළම ගෞරවය එයයි. (බ)
පළමුව ඔබ නියෝජනය කරන ආයතනයෙන් පටන් ගන්න (බ)
මෝඩ කතා කියන්න එපා රණසිංහ (නි)
කොහොමත් ඒ පාරේ නම් ළඟදීම කට්ටියටම යන්න වෙයි වගේ තමයි පෙනෙන්නේ. මෙහෙම ගියොත් තව ටික දවසයි කියලා අපිටත් තේරෙනවා! (නි)
දැන් අපි ඔක්කොම එකතුවෙලා රට හදමු (නි)
ඔබට අපේ සහය දෙනවා (නි)
නියමයි. අපි අගය කරනවා (නි)
බොහොම හොඳයි (නි)
ගරු සෝභිත හිමියන් පැතූ ලෝකය මේ අයගෙන් ලැබේද? සෝභිත හිමියන් කෙදිනකවත් සිංහල බෞද්ධ අයිතියේ මළගම පැතුවේ නැහැ. (නි)
අපි හැමදාමත් වෙනත් පුද්ගලයින් ගිය ගමන් අනුගමනය කරමින් කොහේදෝ යනවා. අපි කවුරුත් බුදුන් ගිය මඟ යන්නේ නම් කොතරම් යහපත්ද? සත්‍යය වටහා ගන්නටත්, යුක්තිගරුකව හා අහිංසාවාදීව ජීවත්වන්නත් ඇති ප්‍රායෝගිකම මඟ බුදු දහමයි. (නි)
ඉතාමත් හොඳ දෙයක්. පටු පරමාර්ථයෙන් තොරව යායුතු ගමනක්. උන්වහන්සේගෙන් එළිය ලැබූ, පන්නරය ලැබූ අයම නොමඟ යාම උන්වහන්සේට දරාගන්න බැරිවුණා.දේශපාලකයිනි, පළමුව ප්‍රතිපත්තිගරුක වෙන්න. රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න වෙරදරන්න. ඒ ආදර්ශයෙන් මුලු රටම හැදෙයි. (නි)
සෝභිත මාහිමි ශ්‍රේෂ්ඨ යතිවරායණන් වහන්සේ කෙනෙක්.උන් වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා! (නි)
සෝබිත හිමි ගියපු පාරේම යනවා නම් රටට සෙතක් වෙයි. (ර)
සතුටුයි එහෙම වෙනවානම්. (ර)