IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සෝභිත හිමි ගිය මඟ යන බව කියති

 සෝභිත නාහිමියන් විසින් පැතූ සමාජ අපේක්ෂාව හා දේශපාලන වෙනස්කම් ඉතා ඉක්මනින් ඇති කිරීම ජනපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමක් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය මහතා කෝට්ටේ නාගවිහාරයේ දී පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

සෝභිත හිමියන් කළ සේවය අගය කිරීම සඳහා එම හමුව පැවැත්වුණු අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ ද, විහාරස්ථ දායකයෝ ද ඊට එක්වූහ.

‘අපට කරන්න පුළුවන් සෝභිත හිමියන් පැතූ සමාජය සාධාරණත්වය ඇති කිරීමයි. ඒ සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මින් ඉදිරියට ක්‍රියාත්මක විය යුතුයි.‘

නිර්මාල් රංජිත් දේවසිරි සහ ගැමුණු විජේරත්න මහත්වරු ද කතා කළහ.

DSC_0064 DSC_0068



අදහස් (0)

සෝභිත හිමි ගිය මඟ යන බව කියති

චානක ලොස් ඇන්ජලිස් Sunday, 08 November 2015 01:58 PM

මා එදා ඔබවහන්සේ දුටු අවස්ථාවේ ඔය උත්තම පාද යුගල ස්පර්ශ කර වැඳ නමස්කාර කළවිට දැනුනේ පුදුමාකාර භක්තියක් අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

රත්න Monday, 09 November 2015 05:17 AM

ඔබ හරි සත්‍යා (නි)

:       0       0

කුසුම් Sunday, 08 November 2015 03:03 PM

"සාධාරණ සමාජය......." අපිට මේ වචන යථාර්ථයක් වෙන්නේ කවදාද? (නි)

:       0       0

පවිත්‍ර Sunday, 08 November 2015 03:17 PM

අපිත් මේ එක සිතින් උදේ හවා ප්‍රර්ථනා කරන්නේ හැකි ඉකමනින් ඔයාලටත් උන්වහන්සේ ගිය මගම යන්න ලැබේවා කියල..(බ)

:       0       0

අනිල් රෝහණ Sunday, 08 November 2015 03:49 PM

නියමයි එහෙනම් මුලින්ම විධායක ජනාධිපති ක්‍රමයේ විධායක බලතල අහෝසි කරවන්න ඉන්පසු ජාතික ලැයිස්තුවෙන් පත්කරපු මහජන ඡන්දෙන් පැරදුනු මන්ත්‍රීවරු අයින්කරවන්න ...මොකද මෙන්න මේ දේවල් නොකරපු හිත් වේදනාවෙන් තමා සෝබිත හාමුදුරුවන්ට හෘදයාබාධය වැලඳුණේ (බ)

:       0       0

සමන් Sunday, 08 November 2015 04:05 PM

කවද විතරද යන්න බලාපොරොත්තුව,අර කියන්නහේ ඉක්මනින් ගියානම් රටට සෙතක් වෙයි (බ)

:       0       0

නන්ද Sunday, 08 November 2015 04:10 PM

සෝභිත නාහිමිපාණන්ට දැක්විය හැකි ඉහළම ගෞරවය එයයි. (බ)

:       0       0

රණසිංහ Sunday, 08 November 2015 04:13 PM

පළමුව ඔබ නියෝජනය කරන ආයතනයෙන් පටන් ගන්න (බ)

:       0       0

ප්‍රේමදාස Sunday, 08 November 2015 05:36 PM

මෝඩ කතා කියන්න එපා රණසිංහ (නි)

:       0       0

ආර්. වික්‍රම Monday, 09 November 2015 06:50 AM

කොහොමත් ඒ පාරේ නම් ළඟදීම කට්ටියටම යන්න වෙයි වගේ තමයි පෙනෙන්නේ. මෙහෙම ගියොත් තව ටික දවසයි කියලා අපිටත් තේරෙනවා! (නි)

:       0       0

නදීකා Sunday, 08 November 2015 06:27 PM

දැන් අපි ඔක්කොම එකතුවෙලා රට හදමු (නි)

:       0       0

විපුල Sunday, 08 November 2015 08:47 PM

ඔබට අපේ සහය දෙනවා (නි)

:       0       0

යසිරු Sunday, 08 November 2015 08:54 PM

නියමයි. අපි අගය කරනවා (නි)

:       0       0

රන්ජිත් Sunday, 08 November 2015 09:14 PM

බොහොම හොඳයි (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 09 November 2015 01:10 AM

ගරු සෝභිත හිමියන් පැතූ ලෝකය මේ අයගෙන් ලැබේද? සෝභිත හිමියන් කෙදිනකවත් සිංහල බෞද්ධ අයිතියේ මළගම පැතුවේ නැහැ. (නි)

:       0       0

සත්‍යයා Monday, 09 November 2015 02:09 AM

අපි හැමදාමත් වෙනත් පුද්ගලයින් ගිය ගමන් අනුගමනය කරමින් කොහේදෝ යනවා. අපි කවුරුත් බුදුන් ගිය මඟ යන්නේ නම් කොතරම් යහපත්ද? සත්‍යය වටහා ගන්නටත්, යුක්තිගරුකව හා අහිංසාවාදීව ජීවත්වන්නත් ඇති ප්‍රායෝගිකම මඟ බුදු දහමයි. (නි)

:       0       0

සෙන්සාන් Monday, 09 November 2015 02:17 AM

ඉතාමත් හොඳ දෙයක්. පටු පරමාර්ථයෙන් තොරව යායුතු ගමනක්. උන්වහන්සේගෙන් එළිය ලැබූ, පන්නරය ලැබූ අයම නොමඟ යාම උන්වහන්සේට දරාගන්න බැරිවුණා.දේශපාලකයිනි, පළමුව ප්‍රතිපත්තිගරුක වෙන්න. රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න වෙරදරන්න. ඒ ආදර්ශයෙන් මුලු රටම හැදෙයි. (නි)

:       0       0

සූරිය Monday, 09 November 2015 03:30 AM

සෝභිත මාහිමි ශ්‍රේෂ්ඨ යතිවරායණන් වහන්සේ කෙනෙක්.උන් වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

කුසුම් දල්පදාදු Sunday, 08 November 2015 12:37 PM

සෝබිත හිමි ගියපු පාරේම යනවා නම් රටට සෙතක් වෙයි. (ර)

:       0       0

කපිල Sunday, 08 November 2015 12:53 PM

සතුටුයි එහෙම වෙනවානම්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site