මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අපවත්වීම සම්බන්ධව නැවත පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ පිරිසක් අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණියහ.
කරුණු කිහිපයක් සහිත ඉල්ලීම් ලිපියක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී සිල්වා මහතා වෙත ලබා දුන් බව රත්කරව්වේ ජිනරතන හිමියෝ කීහ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝභිත හිමි අපවත්වීම ගැන ජපුර හිමිවරු පරීක්ෂණයක් ඉල්ලති
චමල් Thursday, 19 November 2015 09:16 AM
අපේ කට්ටිය ලොකු බෞද්ධයෝ වගේ අනිත්‍ය දහම ගැන කියල තියෙන්නේ. අනිත්‍යයි කියල කාට හරි තමන්ව මරල දාන්න කියල කියනවද? මැරෙන එක කවදත් වෙනවා. එත් මැරෙන විදියක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ. (ම)
සමර Thursday, 19 November 2015 09:40 AM
උඩින් අදහස් දමල තියෙන පස් දෙනාටම කියන්නේ. කලබල වෙන්න එපා. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිගේ දුව මාලඹේ සයිටම් එකෙන් අස්කළා හරියට ඉගෙන ගන්නේ නැති නිසා. ඒකට තරහට දැන් කියන්න හදන්නේ සයිටම් එක නිසා හාමුදුරුවෝ අපවත් වුනා කියල. ඒක ඇදල ගන්න ඕන හින්දයි ජපුර ලව්වා පරීක්ෂණයක් ඉල්ලන්නේ. පුළුවන් නම් මම කියන දෙය බොරුයි කියල ඔප්පු කරන්න. (බ)
සමරනායක Friday, 20 November 2015 05:20 AM
ලිලන්ත මහතාණෙනි, අපි කව්රුත් කරන්නේ අනුන්ගේ දේවල් හොයන එකම තමයි. අපි පත්තර බලන්නෙත් ඒකට කියලයි මට හිතෙන්නේ. මම ලිව්වේ මම දන්නා ඇත්තම දෙයක්. හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන කරුණු හොයන්න ඕනෑ වෛද්‍ය සභාවද? නැත්නම් රහස් පොලිසියද? (නි)
ලිලන්ත Friday, 20 November 2015 12:45 AM
අනුන්ගේ දේවල් ඔච්චර හොයන්න එපා සමර (නි)
ලියොන් ගුණවර්ධන Friday, 20 November 2015 12:42 AM
මම නම් කියන්නේ මේ කරන ඉල්ලීම සධාරණ බවයි (නි)
සමන්ති Thursday, 19 November 2015 01:00 PM
කාගේ කාගේ කිල්ලෝටවල හුණු ටික ටික තියෙන බවයි පෙන්නේ. කන කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොට නේද ? (හේ)
දුමින්ද Thursday, 19 November 2015 08:31 AM
අනිත්‍ය දහම ගැන නැවත පරීක්ෂණයක්ද? (ස)
දහම් Thursday, 19 November 2015 08:46 AM
ඔබ දන්නා අනිත්‍ය දහමක් තියෙනවද. උන් වහන්සේ අපවත් කෙරෙව්වා ඔවුන්ට මේවා ඇහෙන කොට අමාරුයි නේද? (බ)
ජයශ්‍රී Thursday, 19 November 2015 08:48 AM
හරියටම හරි දුමින්ද. අනිත්‍ය දහම ගැන මොන පරීක්ෂණද? අනිත්‍ය දහම ගැන නිවැරදිම පරීක්ෂණය කරන්න පුළුවන් අපේ බුද්ධ පුත්‍රයන්ටම පමණයි. නොදන්නා නිසයි අහන්නේ. මේ ගැන පරීක්ෂණ කරන්න කියලා ඉල්ලීම් කරන්න ඕන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන්ද? (බ)
සසංක Thursday, 19 November 2015 09:01 AM
දුමින්ද හරි... මමත් බෞද්ධයෙක්...ස්වාමින් වහන්සේ නමක් වුනත් පංචස්කන්ධය ලෙඩ දුක් වලට ඔරොත්තු දීමේ හැකියාවක් උන් වහන්සේටත් තිබුනේ නැතුව ඇති....රටේ ඉන්න මහා මොලටික ගහමරා ගන්න එක නවත්තන්න (බ)