මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අපවත්වීම සම්බන්ධව නැවත පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ පිරිසක් අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණියහ.
කරුණු කිහිපයක් සහිත ඉල්ලීම් ලිපියක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී සිල්වා මහතා වෙත ලබා දුන් බව රත්කරව්වේ ජිනරතන හිමියෝ කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය ලොකු බෞද්ධයෝ වගේ අනිත්‍ය දහම ගැන කියල තියෙන්නේ. අනිත්‍යයි කියල කාට හරි තමන්ව මරල දාන්න කියල කියනවද? මැරෙන එක කවදත් වෙනවා. එත් මැරෙන විදියක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ. (ම)
උඩින් අදහස් දමල තියෙන පස් දෙනාටම කියන්නේ. කලබල වෙන්න එපා. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිගේ දුව මාලඹේ සයිටම් එකෙන් අස්කළා හරියට ඉගෙන ගන්නේ නැති නිසා. ඒකට තරහට දැන් කියන්න හදන්නේ සයිටම් එක නිසා හාමුදුරුවෝ අපවත් වුනා කියල. ඒක ඇදල ගන්න ඕන හින්දයි ජපුර ලව්වා පරීක්ෂණයක් ඉල්ලන්නේ. පුළුවන් නම් මම කියන දෙය බොරුයි කියල ඔප්පු කරන්න. (බ)
ලිලන්ත මහතාණෙනි, අපි කව්රුත් කරන්නේ අනුන්ගේ දේවල් හොයන එකම තමයි. අපි පත්තර බලන්නෙත් ඒකට කියලයි මට හිතෙන්නේ. මම ලිව්වේ මම දන්නා ඇත්තම දෙයක්. හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන කරුණු හොයන්න ඕනෑ වෛද්‍ය සභාවද? නැත්නම් රහස් පොලිසියද? (නි)
අනුන්ගේ දේවල් ඔච්චර හොයන්න එපා සමර (නි)
මම නම් කියන්නේ මේ කරන ඉල්ලීම සධාරණ බවයි (නි)
කාගේ කාගේ කිල්ලෝටවල හුණු ටික ටික තියෙන බවයි පෙන්නේ. කන කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොට නේද ? (හේ)
අනිත්‍ය දහම ගැන නැවත පරීක්ෂණයක්ද? (ස)
ඔබ දන්නා අනිත්‍ය දහමක් තියෙනවද. උන් වහන්සේ අපවත් කෙරෙව්වා ඔවුන්ට මේවා ඇහෙන කොට අමාරුයි නේද? (බ)
හරියටම හරි දුමින්ද. අනිත්‍ය දහම ගැන මොන පරීක්ෂණද? අනිත්‍ය දහම ගැන නිවැරදිම පරීක්ෂණය කරන්න පුළුවන් අපේ බුද්ධ පුත්‍රයන්ටම පමණයි. නොදන්නා නිසයි අහන්නේ. මේ ගැන පරීක්ෂණ කරන්න කියලා ඉල්ලීම් කරන්න ඕන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන්ද? (බ)
දුමින්ද හරි... මමත් බෞද්ධයෙක්...ස්වාමින් වහන්සේ නමක් වුනත් පංචස්කන්ධය ලෙඩ දුක් වලට ඔරොත්තු දීමේ හැකියාවක් උන් වහන්සේටත් තිබුනේ නැතුව ඇති....රටේ ඉන්න මහා මොලටික ගහමරා ගන්න එක නවත්තන්න (බ)