අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය වෙනුවෙන් ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

රාජගිරිය - මාළඹේ, බත්තරමුල්ල - පන්නිපිටිය හා තලවතුගොඩ - පිටකෝට්ටේ මාර්ග නුගේගොඩ දෙසටත් ජුබිලි කණුව සිට මහරගම මාදිවෙල - ඇඹුල්දෙණිය පාර කෝට්ටේ හංදිය දක්වාත් බරවාහන ඇතුළු කිරීම අද පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා තහනම් කර ඇති අතර නාහිමියන්ගේ ආදාහන උත්සවය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2000 ක් පමණ රාජකාරියේ යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.