දැනට ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලකට වැඩමවාගෙන ගොස් සිටින කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රතිකාර කටයුතු සදහා වැයවන සියලූ වියදම් රජයෙන් දරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා කර මෙම කටයුතු සිදුකරන ලෙස ද දැනට සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබූ සෝභීත නාහිමි වැඩිදුර ප්‍රතිකාර සදහා අද (4) සිංගප්පූරුවේ රෝහලකට රැගෙන යනු ලැබ ඇත්තේ ද ජනාධිපති උපදෙස් අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හොයපු වෙනස ද මේ ? (ම)
මොනවත්ම කියන්න හිතෙන්නේ නැ (ම)
උන්වහන්සේ අපේ රටට සම්පතක් (නි)
සෝභිත හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතන අතර, නමුත් එම බිල රජයෙන් ගෙවීම මම අනුමත කරමි. සෝභිත හාමුදුරුවෝ නොසිටින්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. උන්වහන්සේගේ පැතුම් ඉක්මනින් සාර්ථක වේවා! (නි)
මම මෙහි වරදක් නොදකිමි (නි)
රටට වැඩදායක වූ හිමිනමක් වෙනුවෙන් මෙලෙස මුදල් යෙදවීමේ වරදක් නැත (නි)
සෝභිත හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතමි (නි)
මොකද මේ කට්ටියට තරහා ගිහිල්ලා? (නි)
ඔබ වහන්සේගේ අර රත්කළ තැටියේ කතාව මේ වෙලාවේ මට මතක්වුණා (නි)
ඒක හොඳයි (නි)
සමහරුන්ට කළගුණ සැළකීම පිළිබඳ කිසිදු හැඟීමක් නැති බව සමහර අදහස් වලින් අපිට පෙනෙනවා (නි)
මහින්ද මහත්තයා මේ දේ කළා නම් මේ බනින අය මොනවා කියයිද කියලා හිතාගන්න පුළුවන්. මෙහෙමත් මිනිස්සු! (නි)
උන්වහන්සේ අපි වෙනුවෙන් යුතුකම් ඉටුකළා. දැන් අපේ වාරයයි (නි)
ඔබ වහන්සේට ඉක්මන් සුවය පතමු (නි)
කෘතගුණ සැළකීම ආදර්ශයෙන් පෙන්වාදුන් එක කිනම් වරදක්ද? (නි)
මෙහි ඇති අසාධාරණයක් මම නොදකිමි. උන්වහන්සේගේ ජීවිතය අපිට මේ සියල්ලටම වඩා වටී (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම මෙයාලා මිනිස්සුද කියලා හිතුනා මට (නි)
අප හැමෝටම ඔබවහන්සේ ගැන දුකයි. ඉක්මණින් සුවපත් වේවා කියා පතනවා (නි)
අනේ අපොයි මේ තරම් මුදලක් වැයකරගෙන නිවනට යන මාර්ගය පමා කරගන්නේ ඇයි ? අනෙක බදු ගෙවන ජනතාව ඔක්කොමලා බෞද්ධ නෙමෙයිනේ? මේක වැරදි ආදර්ශයක්. අනෙක ඔය පන්සල් වල පල්ලි වල කෝවිල් වල මුස්ලිම් පල්ලි වලට කෝටි ගණන් සල්ලි තියෙනවා. බදු ගෙවන අපිට ඩිස්ප්‍රින් පෙත්තක්වත් නැහැ (බ)
ලංකාවේම හාමුදුරුවරුන්ටත් මේ විදියටම බිල් ගෙවන්න කටුතු කරනවානම් කොච්චර වටිනවද (බ)
හිමියන්ට ඉක්මනින් සුව වේවා ... එ්ත් ජනපති ඉන්නේ දැන් සිංගප්පුරුවේ ද? (බ)
යහ පාලනය හොඳයි, ජනතාවටත් මෙහෙම සළකනවා නම් හොඳයි (ම)
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය පතනවා (නි)
රටට සහ මහින්දට කල දේවල් මේ ආත්මේම පළ දීලා. මේවා අපි හැමෝටම හොද පාඩම්.(ම)
සෝභිත හිමියන් පැවති පාලනය වෙනස් කරන්න මහන්සි වුණ එකේ වැදගත්කම තේරෙන්නේ නැහැ සමහරුන්ට. ලෙඩක් දුකක් හැදුනහම අරක මේක පළදුන්නා කියන්න දෙයක් නැහැ. අපි හැමෝටම කවදාහරි ඕක වෙනවා. ඉක්මන් සුවය පතනනවා උන්වහන්සේට! (නි)
ඇයි අපේ රටේ දොස්තරලා දක්ෂ නැද්ද? එහෙමත් නැත්තම් මේවට අවශ්‍ය උපකරණ නැද්ද? ඔක්කොම දේශපාලකයෝ ඇයි පිටරටවලට දුවන්නේ ලෙඩක් හැදුනහම? (නි)
රටක් වටිනා හිමි නමක් .............ඔබ වහන්සේට ඉක්මන් සුව (ම)
ඒ මොන ප්‍රතිපාදන යටතේද මිනිස්සුන්ගේ බදු මුදල් සල්ලි එහෙම වියදම් කරන්නනේ (ම)
ඔබවහන්සේට ඉක්මණින් සුවවේවා! (නි)
ඉක්මනින්ම සුවපත් වේවා !!!! (නි)
කෘතගුණ සැළකීම වටිනවා. නමුත් අපේ බදු මුදල් වලින් නම් නෙමෙයි. (නි)
මේක ජාතික අවශ්‍යතාවයක් මෙතුමා අපේ කාලයේ ජාතික වීරයෙක්. (ම)
මම නම් මුකුත්ම කියන්නේ නැහැ පසුගිය දිනවල අපේ ගම් වල මිනිස්සු මෙතුමා ගැන කියපුව අහන කොට මට හිතුන මෙහෙම වේවි කියල නමුත් මෙච්චර ඉක්මණටම වේවි කියල හිතුවේ නැහැ, (ම)
ආනන්ද, ඕව අහන්න ගියොත් අපිට පිස්සුද කියල අහයි. මහා පාලකයන්ට ඕන නම් ඕන කෙනෙකුට වියදම් කරන්න පුළුවන් කියාවි. උගත් නිලධාරියෙක්ගෙන් ඇහුවොත් නීති එක්ක පෙන්නාවි අපිට කට උත්තර නැති වෙන්න. අපේ සමාජය හරි දුර්වලයි. බහුතරය කියන ඕන දෙයක් පිලිගන්නවා. හරි ලේසියි අන්දවන්න. පාලකයන්ට වඩා ජනතාවගේ වැරැද්ද. (ස)
අපි බදු ගෙවන්න්නේ මේවටද ? (ස)
වික්‍රමබාහු,අනුර කුමාර,මාදුළුවාවේ සෝභිත ,ඊළඟට ,,,,,,යහපාලනය බිහි කරපු අයටම විඳවන්න වෙන කාලය වසර දෙක යන්න කලින් පෙනේවි.(ම)
සෝහිත හිමිට ඇති රටේ මිනිස්සුන්ට නැති විශේෂ පුරවැසි අයිතිය මොකක්ද .. ජනාධිපතිතුමනි විහිලු වැඩ නොකරනු. (ස)
අනිත් මහා නායක ස්වාමින් වහන්සේලාටවත් නැති සැලකිලි දෙන්නේ ඇයි (බ)
දැන් නම් රටටම වෙනස පෑදිලා. අයියෝ දිමුට බැනපු කටවල් කෝ (ම)
උන් වහන්සේ හොඳ යතිවරයෙක් නිසා අපි කීය කීය හරි පින් කැටයකට දාල එකතු කරල දෙමුද (බ)
රටේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ හිමි නමක්. මහින්දට කරපු දේට වුනැයි කියල තමන්ගේ නැහැදිච්ච කම ප්‍රදර්ශනය කරන්නෙපා. මහින්ද මහත්තයත් හාමුදුරුවෝ ඉස්පිරිතාලේ ඉද්දි ගිහින් බැහැ දැක්ක. අන්තවාදී විදිහට හිතන්නෙපා. හැබැයි මාත් එකගයි මහා නායක හමුදුරුවන්ටම මෙහෙම සලකනවා නම්, හිටපු අගමැතිගේ බිල ආණ්ඩුවෙන් ගෙව්වා නම් මේක මොකක්ද? (බ)
මම නම් මේ කළ දේ අගය කරනවා (නි)
ඔබවහන්සේට ඉක්මන් සුව! (නි)
ජනතාවගේ බදු මුදල් මේ ආකාරයට හිතුමතේ වියදම් කිරීම වරදියි (ම)
ලොකු අය සිංගප්පුරු ගිහින් බෙහෙත් ගන්නවා. රජයේ රෝහල්වල ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත් ටිකවත් හරියට දෙනේනේ නෑ. (ම)