කෝට්ටේ නාග විහාරාධිපතිව වැඩ විසු අපවත් වි වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා (12) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර පාර්ලිමේන්තු ක්‍රිඩාපිටියේ දී පස්වරු 3 ට ඇරඹීමට නියමිතය.
බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට රජය තීරණය කර ඇත. ආදාහන පුජෝත්සවය පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරිමට නියමිතය.
අද (08) පෙරවරුවේ නාග විහාරස්ථායේදී කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගැනිණි.
දින තුනක් මුළුල්ලේ මවුන්ට් එලිසබෙත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු සෝභිත නාහිමියෝ ඉරිදා (08) අලුයම 5.50 ( ශ්‍රි ලංකා වේලාවෙන් 3.20 ට ) අපවත් වී වදාළහ.
සෝභිත නාහිමියන්ගේ ශ්‍රි දේහය ලංකා වේලාවෙන් අද (8) දහවල් 12 ට සිංගප්පුරුවේ , ඇන්ඩ්රූ පාරේ අංක 76 හි ශ්‍රි ලංකා තානාපති නිල නිවස වෙත වැඩම කරවනු ලැබුහ.
පුරා පැයක කාලයක් තානාපති නිල නිවසේ තැන්පත් කර තිබු නාහිමි ශ්‍රී දේහය වෙනුවෙන් පාංශකූලය දිමද එහිදි සිදුවිය. සිංගප්පුරුවට වැඩම කර සිටි ගරුතර මහා සංඝ රත්නය ඒ අවස්ථාවට එක් වුහ.
ශ්‍රි දේහය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් අද (08) රාත්‍රි 9.15 ට ශ්‍රී ලංකාවට වැඩම කරවිමට නියමිතය.
සෝභිත නාහිමියන් සිංගප්පුරුවට වැඩම කරවු දිනයේ සිටම ජනාධිපති හා අගමැති කොළඹ සිට සිංගප්පරුවට ගිය වෛද්‍යවරයාට සහ තානාපති කාර්යාලයට කතා කරමින් නාහිමියන්ගේ සුවදුක් විමසුහ.
සෝභිත නාහිමියෝ අපවත් විමේ පුවත දැනගත් විගසම වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාලයට කථා කර කළ යුතු කටයුතු පිළිබඳව සියලු උපදෙස් දුන්නේය.
වික්‍රමසිංහ මහතා නාහිමියන් ප්‍රතිකාර ලැබු මවුන්ට් එලිසබෙත් රෝහලේ පාලන අධිකාරියයට කථා කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත සෝභීත නාහිමියන්ගේ සියලු ප්‍රතිකාර කටයුතු සඳහා වියදම් රජය මගින් දරණු ලැබිණී. සෝභීත නාහිමියෝ සිංගප්පුරුව වෙත වැඩම කරවනු ලැබුයේ විශේෂ ගිලන් රියක් සහිත එයාර්බස් ගුවන් යානයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා....! (නි)
ඔබවහන්සේගේ නිර්භීත සහ උත්තරීතර සේවය ලක් මවට අවැසි මොහොතක ඔබවහන්සේ අපවත් වුයේ ලක්වැසි අප සැමගේ පින් මදකම නිසා යැයි මට සිතේ. ඔබවහන්සේට අමාමහා නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)