නරක ආශ්‍රය නිසා මත් කුඩු ඉරීමට පුරුදුව සිටි සෙබළෙකුට රුපියල් දසදහසක රජයේ ගාස්තු ගෙවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

කුඩු මිලි ග්‍රෑම් 20ක් සමග කොළඹ වොක්සෝල් වීදීයේදී ඔහු  අත්අඩංගුවට ගත්  බව පොලීසිය අධිකරණයට දැන්වීය.