(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිරිසකට පහරදී නවක වදය ලබා දුන්නේ යැයි කියමින් එම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතර දෙනකු රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ දයාශාන්ත නේවාසිකාගාරයට පසුගිය පෙබරවාරි මාසයේ මාසයේ 15 වැනි දා යුතු ලෙස ඇතුළුවී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් නවක සිසුන්ට පහරදී තුවාල සිදුකර නවක වදය දුන්නේ යැයි කියන චෝදනා යටතේ මෙම සිසුන් හතර දෙනා සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් මොරටුව, වැලිමඩ සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 23 සහ 24 යන වයස් වයස්වල පසුවන අය වෙති
පරීක්ෂණ පවත්වා සැකකාර සිසුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රහස් පොලිසියේ අතුරු වූවන් පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක් විසිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සබරගමුවේ ජ්‍යෙෂ්ඨ සිසුන් 4ක් සීඅයිඩී අත්අඩංගුවට
නලින් Thursday, 30 March 2023 11:33 AM
මුන්ට තවම අර පාර්ලිමේන්තුවේ ඉන්න රාජ්‍ය ඇමැතිවරිය අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න බැරිවුනා නේ
HUTAThursday, 30 March 2023 12:03 PM
ආයෙත් නවකවදය දීලද?
sam Thursday, 30 March 2023 11:49 AM
මෙන්න මෙ වඩෙ නම ඉතාමත්ම හොඳයි. ඔය නවක වදය දෙන එවුන්ව පාරෙ ඉන්දවල හෙලුවෙන් තියන්ඩ ඕනි. මෙවුන්ව විශ්ව විද්‍යාල වලින් පන්නල දාන්ඩ.
Bunny Preena Thursday, 30 March 2023 01:25 PM
මෙවුන්ව වදාපු එකාලට ඉස්සෙල්ලාම දඬුවම් කරන්න ඕනේ
පිටරැටියා Thursday, 30 March 2023 03:43 PM
මේ නින්දිත නවකවදය දෙන අයට උපරිම දන්ඩුවම් දිය යුතුයි .ලෝකේ කිසිම රටක මේ වගේ සිදුවිම් ගැන අහන්ඩවත් නැහැ. ලැජ්ජයි ,ඔවුන්ගේ හැසිරීම් ගැන .
kapila Thursday, 30 March 2023 03:44 PM
රටේ තියෙන නවක පනතට අනුව මේ අයට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි? මේ නරුම හැසිරීමට නිසි දඬුවම් නැති නිසයි මේක නැවත වන්ට බැරි.
ගමේ එකාලා Thursday, 30 March 2023 07:58 PM
අන්තරේ අය අරගල කෙරුවාට විශ්ව විද්‍යාල ඇතුලේ වෙන දේවල් ගැන කතාවක් නැහැ...
විජයන්ති Friday, 31 March 2023 01:30 AM
ශිෂ්‍ය භාවය අහෝසි කරමු අනේ...!