සබරගමු විශ්ව විද්‍යාලයේ පන්ති තහනම් කළ ශිෂ්‍යයන් පස් දෙනාට විභාගය අයිතිය ඉල්ලා සිසුහු අද සත්‍යග්‍රහයක් ඇරැඹූහ.
උප කුලපති මාහාචාර්ය මහින්ද රූපසිංහ මහතා සමග පැවති සාකච්ඡාව ආසර්ථ වූ බවත්, තමාට තනි තීරණයක් ගත නොහැකි බව උප කුලපති පැවසූ බවත් ශිෂ්‍ය එකමුතුවේ ප්‍රකාශකයෙක් කියයි.
මාස කිහිපයකට පෙර එහි හිෂ්‍ය සංගම් තහනම් කැරිණි. සිසුන් ඊට එරෙහිව පන්ති වර්ජනයක් ඇරැඹූ නමුත් විභාග වලට පෙනී සිටීම නිසා එය නතර කළ බව ද කියති.
සරසවි විභාගය ලබන 27 වැනිදා ඇරැඹීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් අවු.4 ක් කැම්පස් එකේ හිටිය.මේ j .v.p ශිෂ්‍ය සංගම් තමයි ශිෂ්‍යයන්ගේ ලොකුම හතුරා(අ)
අයියේ අක්කේ ඔයාල jvp ගැන කරපු කතනම් වැඩක් නෑ. නමුත් ඔයාල දන්න දෙයක් ගැන කතාකරන්න. සබරහමුව ඇතුලේ පක්ෂ දේශපාලනය නැහැ. ගෙන්න දෙන්නෙත් නෑ. එකට විරුද්ධ නිසා තමයි ගොඩක් අයට රිදෙන්නෙ. ශිෂ්‍ය සංගමේ තිබුණ නිසා තමයි අපි නේවාසිකාගාර තුළ පිරිසිදුව වතුර ටිකක් හරි බිව්වේ. පොදු ශිෂ්‍යාගේ දැවෙන ප්‍රශ්න කතාකරේ අම්ම තාත්ත නැතුව දුරක තනි උනු අපට අම්මෙක් තාත්තෙක් උනේ ශිෂ්‍ය සංගමේ. ඒක මේ ශිෂ්‍ය නායකයෝ ටික ගෙදර යවලනම් නැති කරන්න බැහැ. එකෙන් යවනකොට තව 100ක් නැගිටිනවා. ඒ තමන්ගේ මඩි තද කරගන්න නෙවේ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. අපිට පාඩම් කරන්න කියවීම් ශාලා අරන් දීල, අපේ ප්‍රශ්න ගැන කතා කරලා සැකකරුවන් උන අපේ සහෝදරයෝ අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. සබරගමු අම්මගේ පුත්තු එහෙම ගුණමකු, නිවට නැහැ. ඒ නිසා තමයි අපි වෙනුවෙන් කතාකරපු එයාලගේ විභාග අයිතිය ඉල්ලන්නේ... නැත්නම් වෙන මොකටවත් නෙවේ. අපිට එහෙම කරන්න කියල කවුරු් කිව්වෙත් නැහැ. එහෙම කරන්න අපිට කිව්වේ අපේ හදවතේ තියන සහෝදරත්වය, කෙළෙහිගුණ තමයි. සැක කරලා එක නවතනු කෙලෙසද??? (අ)
මොනවද ළමයිනේ මේ විකාර? (නි)
උඩින් ප්‍රතිචාර දාලා තියන අය අහසින් පාත් වෙලාද කොහෙද?හොයලා බලන්නෙ නැතුව කතා කරන්න එපා. තමුන්ලගෙ ලමයින්ට ලක්ෂ ගනන් ගෙවලා ඉගෙන ගන්න වුන දවසට තේරෙයි.අපි අපිට ලැබුන දේ ඉදිරි පරපුරටත් ගෙනියනවා. කවුරු මොනව කිව්වත් අපි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනවා. (නි)
අහසින් ඉපදිලා නෙමෙයි. පොළෙවේ පය ගහලා ඉන්න මිනිස්සු විදියට තමා මේ කියන්නේ. ලෝකෙන් මොන රටේද මේ විදියට ඉස්කෝලේ අවුරුදු 13 යි උපාදියයි ඔක්කොම මේ විදියට නොමිලේ දෙන්නේ. කොහොමත් විශ්ව විද්‍යාලෙට යන පොඩි ප්‍රමාණය ඇරුනම අනික් ළමයි ඔක්කොම තමන්ගේ සල්ලි වලින් තමා ඉගෙන ගන්නේ ඒක අලුත් දෙයක් නෙමෙයි. ඕගොල්ලන්ගේ තියෙන ආකල්ප පේනවා වෙනුක ගේ කොමෙන්ට් එක දැක්කම. එක කණ්ඩායමක් ඔක්කොම කරන්නේ ජේ.වී.පී එකේ මල්ලි පෙන්නේ නැද්ද වැඩි පිරිසක් කියන්නේ මොකද්ද කියලා. උඹල ඉගෙන ගන්නේ අපේ බදු සල්ලි වලින් නැතුව රජයේ සල්ලි වලින් නෙමෙයි. ඒක නිසා මුලින්ම උඹලා මේ පළිගන්නේ බදු ගෙවන අහිංසක මිනිස්සුන ගෙන්. නිකන් හිතලා බලන්න විශ්ව විද්‍යාල ළමයි ඇරෙන්න වෙන කව්ද දැන් ඔය අරගල ගණන් ගන්නේ කියලා. රටේ තියෙන හරි ප්‍රශ්න තේරුම් ගන්නේ නැතුව තමන්ට ලැබෙන දේ මදි කියල තමයි හැමදාම කියන්නේ.(නදී)
මට දැන් තමා තේරෙන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ මානසිකත්වය. හරියට මහජන මතයක් තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න වෙනුක සහ දිනේෂ්, මේ තමා විශ්ව විද්‍යාලෙට යන්න වාසනාවන්ත වන ඉතාම සුළු ප්‍රමාණය ඇරුනම රටේ බහුතරයගේ අදහස්. තමන්ගේ ජීවිතේ සාර්ථක කරගෙන රටටත් යහපතක් කරන්න මෙච්චර හොඳ අවස්ථාවක් ලැබිලා තියෙද්දී මේ කරන්නේ මොනවද? (නි)
මට කැම්පස් යන්න හම්බ වුනේ නැහැ. ඒත් ජොබ් එකකුත් කරන ගමන් ප්‍රයිවට් උපාදියකුත් කරගෙන කාටවත් බරක් නොවී ජීවත් වෙනවා.මට නම් තේරෙන්නේ නැහැ මේ කැම්පස් කොල්ලන්ට රටේ තියෙන ජීවත් වෙන්න තියෙන අමාරුව තේරුම් ගන්න බැරි ඇයි කියලා.උපාලි කියලා තියෙනදේ හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තටම ඕගොල්ලන්ට තේරෙයි ඕගොල්ලෝ රටට කරන නරක බලපෑම කොච්චරද කියලා.ඕගොල්ලන්ගේ අරමුණ හොඳ වෙන්න පුළුවන්.නමුත් ඒ වෙනුවෙන් ඕගොල්ලෝ කරන්නේ තවත් මේ ඕගොල්ලන්ට උගන්නන්න වියදම් කරන සල්ලි නාස්ති කරන එක නේද? කවදාවත් කැම්පස් ගිහිල්ල නැති මට සහ මට පෙන විදියට ගොඩක් දෙනෙකුට තේරෙන නමුත් ඕගොල්ලන්ට නොතේරෙන තිත්ත ඇත්ත එකයි. (නි)
මෙයාලා කැම්පස් ගිහින් පිස්සු කෙලලා එනවා. ඇවිත් රස්සාවක් හොයාගෙන රටම නැති කරනවා. එයාලා දන්නේ උද්ගෝෂණ කැන්න විතරනේ.(නදී)
දැන් ඔහොම කළාට එළියට ආපු කාලෙකට තේරෙයි අපි ඇතුළෙ ඉන්න කාලේ මොනවද ඒ කරපු විකාර කියලා (නි)
සිංහ වෙත. මල්ලි ඔය ලංකාවේ නෙමෙයිද ඉන්නේ? කැම්පස් යන කට්ටිය ඇරෙන්න අනික් අය ඉගෙන ගන්නේ ලක්ෂ ගණන් ගෙවලා මිසක් වෙන කොහොම කියලද ඔයා හිතන් ඉන්? ඒක මේ අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයිනේ. ඕක තමා කියන්නේ දන්නා දෙයක් ගැන විතරක් මිනිස්සු කතා කරන්න ඕනෑ කියලා (නි)
ජේ.වී.පී. එක තියෙනකම් උසස් අධ්‍යාපනය ගොඩ ගැනීම බොරු. (නි)
බොහොම හොදා,බොහොම හොදා. පිටරට ඉගෙනගන්න අපිට ජයවේවා! (නි)
නිදහස් අධ්‍යාපනය රැකගන්න ඕනෑ කියලා බෙරිහන් දෙන අය ඒකෙන් ප්‍රයෝජන ගන්නේ මෙහෙමද? ඉගනීමට සැබෑ වුවමනාව තියෙන අය මුදල් ගෙවලා හරි මහන්සියෙන් වෙනත් ආයතනවල ඉගෙනගෙන උසස් රැකියාවන් අල්ලගන්නවා. ඒ ආයතනවලට විරුද්ධවත් කෑ ගහනවා. තමන්ගේ තරුණ කාලය වර්ජනවලට නාස්ති කරලා එලියට එනකොට රැකියා නැහැ. ඊළඟට පටන්ගන්නවා 'රැකියා දියවූ!' කියලා පෙළපාලි යන්න. ආණ්ඩුව ඒ කරදරෙන් බේරෙන්න කිසිම ආකාරෙකින් රටේ ප්‍රගතියට වැඩක් නොවෙන මොකක් හරි අටවලා මේ ගොල්ලන්ට රස්සා දෙනවා. මහජනයා පිට තවත් බරක් පැටවෙනවා. ඔය විෂම චක්‍රය නේද සදහටම කැරකෙන්නේ? මේකද නිදහස් අධ්‍යාපනය? (නි)
ඔයාලා තමන්ගේ වැඩක් බලාගන්න. විශ්ව විද්‍යාල වල වෙන්නේ මොනවද කියලා ඔහේලා මොනවද දන්නේ? අධ්‍යාපනය කියන්නේ විකුණලා සල්ලි හම්බ කරන්න තියන දෙයක් නෙමෙයි,ඒක සමාජ අයිතියක්. අපේ වගේම අනාගත පරම්පරාවේත් අයිතිය රකින්න අපි සටන් කරනවා. ඒක නවත්තන්න කාටවත් බැහැ (නි)
ලංකාවේ උසස් අධ්‍යපනය සදහා ගාස්තුවක් නියම කළ යුතුය. නිකම් හම්බ වෙනකොට ගානක් නැහැ. සල්ලි ගෙවලා නම් තමන්ට ලැබිලා තියන අවස්ථාවේ වටිනාකම හිතට අරගෙන ගෙවන සල්ලි ගැන හිතලා පාඩම් වැඩ හරියට කරාවි. වෙලාවට දේශන වලටත් යාවි. (නි)
අපි මේ ජීවිතේ ගැටගහ ගන්න විදිය ගැන දහ අතේ වද වෙනවා. මෙයාලට මේ ඉගෙනගන්න එක හරියකට කරගෙන රටට වදයක් නොවී ඉන්න බැරි හැටි...ඔක්කොම පිනට උගන්නන්නේ. ඒත් හැම එකටම උද්ගෝෂණ ,සත්‍යග්‍රහ... කරන්න ඕනෑ ඕවා කරන එකද එහෙම නැත්තම් තමන ආපු දේ කරගෙන ජීවිතේ ගොඩ නගා ගන්න එකද කියලා තේරෙන්නේ නැත්තේ මේ පිනට හැම දේම දෙන නිසා තමා .... (නි)
ප්‍රතිචාර දැක්කම නම් පැහැදිලියි ඒ දේවල් එකම කණ්ඩායමක් විසින් පල කළ දේවල් බව. එකම පිරිසක් විවිධ නම් වලින් ප්‍රතිචාර දක්වලා. ඔවුන්ගේ අවශ්‍යතාවය රටේ විශ්ව විද්‍යාල ගැන නරක ආකල්පයක් ඇතිකිරීම කියලයි මම හිතන්නේ. ඉගෙන ගත්ත කෙනෙකුටම තමා ඒකෙ වටිනාකම තේරෙන්නෙ. පිටින් බලන මිනිස්සු මායාලෝක වල හිරවෙලා, මුලාවෙලා. (නි)
නිදහස් අධ්‍යාපනය රැක ගන්න කරපු දේවල් නිසා තමයි 6 දෙනෙකුගේ පන්ති තහනම් වුණේ. අලුතෙන් එන කණ්ඩායමට තව ළමයි ගන්න කතා කරපු එකයි, අසම්පුර්ණ ඉදිකිරීම් නිසි ප්‍රමිතියට නිමා කරලා විවෘත කරන්න කියපු එකයි, ළමයින්ගේ නිදහස රැක ගන්න හදපු එකයි තමයි මේ ගොල්ලන්ගේ ලොකුම වැරදි විදියට පෙන්නුවේ . කැම්පස් එකේ ප්‍රශ්න වලට කවදාත් හරි විසදුමක් ලැබෙන්නෙ නැහැ කියලා මේ ප්‍රතිචාර කරලා තියන අය දන්නෙ නැහැ. අසාධාරණය වෙනුවෙන් කතා කරන එකට අනිත් මිනිස්සු මෙහෙම නම් දකින්නේ අනාගතේ ළමයින්ට නිදහස් අධ්‍යාපනය නැති වෙන එක සිකුරුයි. ඇත්ත තත්වය හොයලා බලලා කතා කරන්න. (නි)