උද්ඝෝෂණයේ නිරතවූ සබරගමු විශ්වවිද්‍යාල සිසුන් පලවාහැරීම සඳහා මීට සුළු වේලාවකට පෙර පොලීසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. සිසුන් හය දෙනකු ද අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි. මාරාන්තික උපවාසයේ නිරතවූ සිසුන් හතරදෙනාගෙන් දෙදෙනකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව බදුල්ල බලංගොඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිසුහු අද පඹහින්න හන්දියේ උද්ඝෝෂණයක් ඇරඹූහ. මේ හේතුවෙන් පැය කිහිපයක් වාහන ගමනාගමනය ඇණ හිට තිබිණි. වාහන ධාවනය සඳහා එක් මං තීරුවක් ඉඩදෙන ලෙස කරන ලද ඉල්ලීමට සිසුන් එකඟ නොවීම හේතුවෙන් ඔවුන් පලවාහැරීමට අවම බලය යෙදවීමට සිදුවූ බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක දෙමාපියන් ඉන්නවා උපාදිය ලබා ගන්නකම් , අන්තිමට අතපය නැති ඔලු පලාගත් දරුවා තම බාරගන්න වෙන්නේ .. ඕනිවට වඩා බලවේග වලට හා පෙලබවීම් වලට යට වෙන්න හොද නැහැ .(නදී)
ශිෂ්‍යයන්ට, කම්කරුවන්ට අවලාද, බැට මුගුරු යොදා කරන මර්දනයේ අනිටු ප්‍රථිපල මෑත අතීතයේ භුක්තිවින්ඳා. වේදිකා ගානේ කරන බොරු බණ දේශනා අහලා ඇතිවෙලා. රට තවපාරක් අගාධයට නොයවා යහමඟට පිවිසෙන්න. (නි)
මෙයාලට කදුළු ගස් ගහල මදි. (ස)
අනේ ළමයින්ට ගහලද ? (ස)
ඉගෙන ගන්න ආවානම් ඉගෙන ගන්න ඕනි .ඇගිල්ලේ තරමට ඉදි මෙන්න ඕනි .නැද්ද මම කියන්නේ .අහිංසක මව්පියන්ගේ දාඩිය කදුළු .
සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම සිසුන් මහා ශිෂ්‍ය සංගමය වටා එකතුවී ඉන්නේ. එහි කිසිම දේශපාලන පක්ෂයකට සිසුන් කඩේ යන්නේ නැහැ. සිසුන්ගේ ප්‍රශ්න වලට එහි තියෙන එකම ආයතනය මහා ශිෂ්‍ය සංගමයි. මම මෙය දන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉගෙනගෙන දැන් පිටරට උසස් අධ්‍යාපනය ලබන නිසියි. මමත් එම දිනවල මෙම ක්‍රියාමාර්ග වලට දැඩිව සම්බන්ධ වුණේ නැතිවුනත් සමහර සිසුන් එදා සිට විශ්ව විද්‍යාලය වෙනුවෙන් කරන ලද කැපවීමේ ප්‍රතිපල අපිත්, අද සිසුනුත්, අනාගත සිසුනුත් බුක්ති විදිනවා. (නි)
සුබ අනාගතයක් !(ස)
තිලින, මට කියන්න ඔය කවදා හරි විශ්ව විද්‍යාලයකට ගිහින් තියෙනවද කියලා.ප්‍රශ්න ගැන හරියට නොදැන ඔහොම ප්‍රතිචාර කරන්න එපා.මේ දරුවන් විශ්ව විද්‍යාල වල තියෙන අඩුපාඩු වෙනුවෙන් කතා කරන නිසා තමා මේ විදියට හරි සබරගමු විශ්ව විද්‍යාලය දියුණු වෙන්නේ. සබරගමු විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු කෙනෙක් විදියට විශ්ව විද්‍යාලයේ තියෙන අඩුපාඩු මමත් හොදට දැක්කා. අපිට ඒ දවස්වල ප්‍රමාණවත් පරිගණක තිබ්බේ නැහැ.අපි පැවරුම් කරන්න සති අන්තයේ උදේ 5 ට පරිගණක ශාලාව ඉදිරිපිටට වෙලා ඉන්නවා. නැතිනම් පරිඝනකයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් සිසුන්ගේ උද්ඝෝෂණ නිසා ඒ දේවල් ලැබුනා. සියලුම සිසුන් එකමුතුව සිටියා. එකමුතුව විශ්ව විද්‍යාලයේ අඩුපාඩුකම් කතා කලා. පරිපාලනයත් සමග කතා කල පමණින් දෙයක් ලැබුනේ නැහැ. ලැබෙන්නෙත් නැහැ. (නි)
මෝඩ දරුවනේ, කපටි දේශපාලුවන්ගේ අතකොලු වීමට ඉඩ දෙන්නේ ඇයි? නීතිය කැඩීමෙන් ඔබේ ඉල්ලීම් ලැබෙනවා යයි හිතනවාද? මහජන ආකල්පය තියෙන්නේ ඔබට එරෙහිවයි. උගත් ළමයින් හැටියට හැගීමට නොව බුද්ධියට මුල් තැන දෙන්න. (ස)
නියමයි. මේ ශිෂ්‍යයන්ට නම් දඬුවම් කළ යුතුමයි. (ස)
අවම බලය වෙන්න ඇති පන්න පන්න ළමයින්ට ගැහුවේ.මේ කරන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් ළමයින්ගේ ජීවිත බිල්ලට ගන්න එක. (නි)
සරසවි සිසුන් මේ තරමටම තර්ජන, සිරගත කිරීම්, පහරදිම්,මරාදැමීම් හමුවේත් සටන් කරන්නේ මුලු මහත් සමාජයකටම යහපත් අනාගතයක් ලබාගත හැකි එකම මාවත අනාගතයටත් රැකල දෙන්න නේද කියල හිතන් නැතුව. කූනුවෙලා ගදගහන හැගිම් පෙරදැරිව නොහිතා , මිට වඩා යහපත් ප්‍රවේශයකින් අධ්‍යාපන ප්‍රශණය විග්‍රහ කරගමු. මේ වචන හරබ කරන අපි හැමෝගෙම සමාජ වගකිමක්. මොකද අපි හැමෝම අකුරු , වචන අහුලගත්තේද නිදහස් අධ්‍යපන අයිතිය නිසාම නේද ?(නදී)
අපි හැමෝම ගේම වගකිමක් නේද, කාගේහෝ දරුවෙක් හින්සාවට පත්වෙත්දිත් එගැන සතුටු නොවී. මේගෙන මිටවඩා ගැබුරින් සිතා බැලිම, මොකද මේ නැති වෙන්නේ මුලු මහත් සමජයටම බලපාන අධ්‍යපන ප්‍රශ්ණය, ඔබේ ප්‍රශ්ණය, මගේ ප්‍රශ්ණය යතාර්ථ වාදිව කතා කරන එකම හා අවසානම බලවේගය බව නිසාත් , එක හොදාකරවම දන්න ආණ්ඩුවද එය මර්දනය කර අප සැමගේ නිදහස් අධ්‍යාපන අයිතිය ඔබටත් , මටත් නොදැනීම කොල්ල කමින් පවටින නිසාත්ය. මාගේ ඇස් අරවා දුන් නිදහස් අධ්‍යාපනයට ජයවේවා...!!!(නදී)
ඔය ගොල්ලෝ ඔය හැප්පෙන්නේ පොලිසිය එක්ක නිසා හොදයි. හැබැයි මහජනයා ගහන්න පටන් ගත්තොත් ඔය ගොල්ලෝ ඔහොම දගලන්නේ නැහැ. මොකද දුවලා බේරෙන්න බැරි නිසා (නි)
මෝඩ ප්‍රතිචාර දාන්න එපා. අපිට හොදින් කරන්න පුලුවන් නම් මේ වගේ දේවල් කරන්නෙ නැහැනේ (නි)
ලොක්කන්ගේ දරුවන්ට ලැම්බෝර්ගිනි පදින්න පාරවල් වහන පොලිසිය,මහජනතාවගේ දරුවන් පාරක් වැහුවම කදුළු ගෑස් ගහනවා. (නි)
අපි ඉල්ලුවේ ශිෂයන්ට විභාග අයිතිය. අපිට දුන්නේ කදුලු ගෑස්. ඒකද දේශපාලනේ.(නදී)
රටේ ජනතාව හැමදාම හිතුවේ විශ්ව විද්‍යාල දරුවන්ට පිස්සු ,උන් දේශපාලනයට කඩේ යනවා කියල . එත් සබරගමු සරසවි මාතාවගේ දරුවෙක් විදියට මම දකින ඈත්ත තමා ,සබරගමුව මහා ශිෂ්‍ය සංගමය තාම දේශපාලන අතපෙවීම් වලින් කුණු වෙලා නැහැ. මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීට ශිෂ්‍ය සංගම් හැමදාමත් පෙනී හිටියේ ශිෂ්‍ය සුභ සාධනය වෙනුවෙන්. ඇත්තටම ශිෂ්‍ය සංගම් තහනම් කරන්න හේතුව තමා විශ්ව විද්‍යාල පරිපාලනයේ දුර්වල තවක් වුනු 2011 ශිෂ්‍ය කණ්ඩායමේ විශාල අඩු වීම . විශේෂයෙන් ව්‍යවහාරික විද්යපීටයට ඇතුලත් කර ගැනීමට නියමිතව තිබු 400 ක් පමණ වන ශිෂ්‍ය කන්ධයම වෙනුවට බන්දවගත්තේ 165 ක සිසු පිරිසක් අඩුවෙනි. ඒ සිද්දියට සන්වෙධි වූ වත්මන් ශිෂ්‍ය ප්‍රජාව කණගාටු වී ඒ පිලිබඳ ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විමසා සිටි විට ඔවුන් දැන්ව ඇත්තේ එය විශ්ව විද්‍යාලයේ වරදක් බැවි . ඒ අනුව සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වන මහා ශිෂ්‍ය සංගමය පරිපාලනයෙන් විමසා සිටියත් මර්ධනයක් මිස විසඳුමක් නොලැබුණි. රේගිස්ටර් වරයා පවසා සිටියේ ලමි අඩු වුනොත් ගර්මෙන්ට් එකක් දැමු යනුවෙන් උපහාසාත්මක මුකයෙනි. මේ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරමින් සිටි ශිෂ්‍ය සංගමය තහනමට ලක් වුයේ පරිපාලනයේ නිරුවත එලි වීම නැවත ගනිමටි. ඉතින් ශිෂ්‍ය සංගම් තහනම සමග පන්ති තහනමට ලක් වූ සිසුන්ට විභාගයට මුහුණ දීමට මේ උත්ගොෂණ පැවැත්විණි. නමුත් සිදුව ඇත්තේ සබරගමු ශිෂ්‍ය වැරදි කාරයෙක් කිරීමයි.(නදී)
ශිෂ්‍යන්ව මේ විදිහට මර්දනය කරන එක තවත් ගැටළු වලට මුලපිරීමකි. ඔය එක සරසවියක්. නමුත් සරසවි සියල්ල කැළඹීමට ඉඩ ඇති හෙයින් මීට වඩා තර්කානුකූල නිවැරදි ක්‍රියාදාමයක් අනුගමනය කිරීම තුල මෙම සරසවි සිසුන්ගේ ක්‍රියා මර්දනය කල යුතුය (නි)
අසාදාරණයට එරෙහිව සටන් කරන්න අපි හැමෝටම වගකීමක් තියනවා. නැත්නම් අනාගතයට ඉතිරි වෙන්නේ තිරිසන් පාලනයක් පමණි. සබරගමුව සරසවි සිසුනි, ඔබට ප්‍රණාමය! (නි)
ප්‍රසාද්, සබරගමු සිසුන් දේශපාලනයෙන් තොරනම් අර පෙරටුගාමීන් වෙනුවෙන් කඩේයන කෙනා මේ ගොල්ලෝ එක්ක ඉන්නේ මොකෝ? (නි)