සබරගමු සරසවි නේවාසිකාගාරයේ ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වු සිදුවීමකදී සිසුන්ගේ උදව්වට ගිය ආචාර්ය වරුන් පිරිසකට බැන වැදි අශෝබන ලෙස හැසිරුණ බව කියන සිසුන් 17 දෙනකුගේ ශිෂ්‍ය භාවය දින නියමයක් නැතිව ඉවත් කළ බව සබරගමුව විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක මහාචාර්ය චන්දන උඩවත්ත මහතා කියයි
මෙම සිසුන් ගුරුවරුන්ට කුණුහරුපයෙන් බැන වැදුන බවත් ආචාර්ය මණ්ඩලය ඊට එරෙහිව වර්ජනයක් ද කැර ඇතැයි දැනගන්නට ඇත.
විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය එකමුතුවේ සමාජිකයකු කියා සිටියේ කාන්තා නේවාසිකාගාරය අනාරක්ෂිතව පැවතීම නිසා එයට බාහිරව පුද්ගලයින් ඇතුළු වි ගැටළුවක් මතු වුණා.ගිය සතියේදිනක රාත්‍රි 9 ට පමණ විශ්ව විද්‍යාල ශිෂ්‍ය උපදේශකවරයා එතැනට පැමිණි විට සිසුන් කරුණු පැහැදිළි කැර දුන් බවයි. ‘ඒ ප්‍රශ්නයට කතා කළ 17 දෙනකුගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අහෝසි කැර තිබෙන්නේ විනය පරීක්ෂණද නැතිවයි. විත්තිකරුවන්ට කරුණු කිමේ අයිතිය බලධාරින් නැති කරලා මේ පිළිබදව අපි මානව හිමිකම් කොමිසමට පැමිණිළි කරනවා.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ඕනෑ දෙයක් කරගන්න කියා, පෞද්ගලික සරසවියක් විවෘත කළා නම් ඉවරනේ. (නි)
සබරගමුවේ පරිපාලනය දේශපාලනයට කඩේ යන කණ්ඩායමක් (දී)
මේ විදියට සිසුන්ගේ පන්ති තහනම් කලවිට සබරගමු සරසවිය වහන්න වේවි මොකද ඉගනගන්න සිසුන් ඉන්න එපයැ
කාට බැන්නත් කමක් නැහැ..දේව සිරි මහත්තයට බැන්නේ නැහැනේ..පරුෂ වචන කිව්වේ නැහැනේ..එ හින්ද මේක ගණන් ගන්න අවශ්‍ය නැහැ.(අ).
කරුණාකර මෙයට සම්බන්ධ ආචාර්ය මහත්වරුන් තමන්ගේ වාහන බේරා ගන්න. සිසුන්ට දැන් අලුත් උණක් හැදිලානේ. සබරගමුව වහලා හරි මේ අනවශ්‍ය සිසුන් ටික ඉවත් කරන්න. මටත් තව අවුරුද්දක් තිබෙනවා. කටත් හොදක් වෙනවා නම් ඉවසනවා. (නි)