
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගොවිපල ඉඩමෙන් කොන්ත්‍රාත්කරුවකුට නොමිලේ පස් කියුබ් පන්සියයක් කපා ගැනීමට විශ්ව විද්‍යාල පාලක සභාව අවසර ලබා දී ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය විය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය විය.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා කීවේ.
2022 වසරේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික ඉල්ලීමකට අනුව කොන්ත්‍රාත්කරුවකුට විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් පන්සියයක් නොමිලේ කපා ගැනීමට පාලක සභා අනුමැතිය ලබා දී තිබෙන බවයි.
මෙලෙස පස් කපා ගැනීමට අවසර දුන්නේ කවුදැයි කෝප් කමිටුව විශ්ව විද්‍යාල පාලක සභාවෙන් විමසූ අවස්ථාවේ සබරගමු විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී සමන් උයන්ගොඩ මහතා පැවසූයේ කවුරුත් අවසර නොදුන් අතර නොදැනුවත්වම පස් කපාගෙන ගොස් ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලයේ උනත්, ඒ වැඩෙන් නම් පෙනවා, උන් රොත්තම... මැටි මෝල්ලු රංචුවක් කියා !
තමන්ට රැකගැනීම භාරව තියෙන දේපලක් නාස්තිවෙද්දී ඒ ගැන නොසලකා සිටීම ආයතන සංග්‍රහයේ 11වැනි කාණ්ඩයේ 1වැනි පරිශිෂ්ටයේ වැරදි පිළිඹඳ විග්‍රහයේ දැක්වෙන නොසැලකිල්ල යන වරද මෙම ශාක්ෂිකරු ඇතුළු පාලක මණඩලය සිදුකර තියෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට උපරිමයෙන් දඬුවමක් දියයුතුයි..
අපි නොදන්නවාද සමන් උයන්ගොඩ ගැන කොළඹ සරසවියේ හිටියා කාලයක්...