තම ආරක්ෂාව නැතැයි කියමින් බෙලිහුල්ඔය සබරගමු විශ්ව විද්‍යාලයයේ සිසුහු මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මේ අතර එහි කාන්තා නේවාසිකාගාරයකට බාහිර පුද්ගලයකු ඇතුළු වියැයි පසුගිය අගහරුවාදා රාත්‍රියේ කළ දැන්වීම අනුව එහි ගිය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක හා කාන්තා හා පිරිමි අධ්‍යයයන ශාලාධිපතිවරුන් ඉදිරියේ අශෝබන ලෙස හැසිරෙමින් තර්ජනය කර පහර දීමට උත්සාහ කළැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම් යු සුමිත් මහතා කියයි.
‘ අපට හු කිව්වා මගේ කමිසෙනුත් ඇද්දා උදව්වට ගිය අපට තර්ජනය කළා. සිසුන්ගේ ඒ හැසීරීම පිළිකුල් සහගතයි කළකිරීමක්ද ඇති වෙනවා.‘
සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශකයකු පැවසුයේ නේවාසිකාගාර අනාරක්ෂිත බව දිගින් දිගටම පෙන්වා දුන්නද පරිපාලනය මුනිවත රකින බවයි.
‘2011 දි සිසුවකු විදුලි සැර වැදී මිය ගියා.පසුගිය 31 වැනිදා බිත්තියක් කඩා වැටුනා. හතර වතාවක්ම සොරුන් නේවාසිකාගාරයට පැන්නා ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුල් බව නම් අපි දන්නවා . ඒත් මම හිතුවේ දැන් අවුල් නැහැ කියලා. (නි)
එතකොට ලුම්බිණි කියන විදිහට නේවාසිකාගාරේ හොඳ නැති නිසාත් ආචාර්යවරුන්ට ගහන්න ඕනෑද? අපි බොහොමයක් ප්‍රශ්න දිහා බලන්නේ ඔහොම තමයි. (නි)
කොහොමත් ශිෂ්‍ය සංගම් හිතාගෙන ඉන්නේ නේවාසිකාගාර ඒ ගොල්ලන්ගේ පුද්ගලික බුදල් කියල. (ස)
ඔළුව අවුල් වෙච්ච එවුන් සරසවි වල ඉන්නා තාක්කල් සරසවි වල හෙමදාම ප්‍රශ්න තමා. හොයා බලන්ට තියෙන්නේ ශිෂ්‍යන්ගේද නැතිනම් පාලකයින්ගේද ඒත් නැතිනම් දෙගොල්ලන්ගේම ඔළු ගෙඩි ටික අවුල්ද කියලයි. (ස)
දරුවන්ගේ ආරක්ෂාව සහතික කරලා දෙන්න ,ඊටපස්සේත් දඟලනවා නම් කන මිරිකලා එලියට දාමු ! (ස)
මේ හොස්ටල් එකේදිම තමයි විදුලි සැර වැදිලා ළමයෙක් මරුනේ...ඉතින් ළමයි කෑගහන එක වැරදිද? (ස)
සිසුන් විතරක්ම නරක විදියට හැසිරෙන්නේ නැහැ. අනික මේ නේවාසිකාගාරේ හැටි පෙනෙනවා නේද? (නි)
සම්පත් විදුලි සැර වැදිලා ළමයෙක් මිය ගිය බව ඇත්ත.ඒ ලමයව බේරගන්න තිබුන හොස්ටල් එකේ එක්කෙනෙකුටවත් කෙලින් හිටගෙන ඉන්න පුළුවන් කම තිබුනානම්.ළමය උඩ මැරිලා, අනෙක් අය යට පාටි. (දී)