සබරගමු සරසවියේ පන්ති තහනම් කළ සිසු නායකයන්ගේ විභාග අයිතිය පතා උපවාස කළ සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනකු රෝහල් ගත කිරීමෙන් පසු සරසවි සිසුහු අද බදුල්ල බලංගොඩ ප්‍රධාන මාර්ගයේ පඹහින්න හන්දියේ වාඩිවී සිය උද්ඝෝෂණය පුළුල් කළහ.
රෝහල් ගත කළ සිසුන් දෙදෙනාට පැනවූ විභාග තහනම දිගටම පැනවීමට සරසවි පාලකයෝ පෙර දින තීන්දු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පුතා සිඩ්නි වල විශ්වවිද්‍යාලයකට ඇතුල් උනේ මේ අවුරුද්දේ. එයාටත් පරණ සිසුන් නවක වදේ දුන්නා. ඒ ලංකාවේ වගේ නම් නෙවෙයි. කැම්පස් යන පාර දිගේ එක එක වර්ගයේ කෑම ජාති තියාගෙන බලෙන්ම වගේ කවපු එක. එහෙම තමයි එයාල නවකයෝ පිළිගත්තේ. මමත් ලංකාවේ කැම්පස් එකකට ගියා තමයි. පලවෙනි මාසේ පුරාම මට කන්න දීපුවත් මට හොඳට මතකයි. මොනවා වුනත් ලංකාවේ සරසවි ජීවිතේ හුඟක් සුන්දරයි. (නි)
වරදක් නොකර දඬුවම් දුන්න කියල හිතන්න බෑ. මේ ලමයින්ගෙ පෙර වැරදිත් තියෙන්න ඇති. සමාව ගත්ත නම් දඩුවම ලිහිල් තරන බව දන්වා ඇති නිසා තමන්ගේත් අනිත් ලමයින්ගේත් ජීවිත කාලකන්නි නොකර සමාව ගැනීම වඩාත් සුදුසුයි. අහිංසක දෙමාපියන්ගෙ සහ ලමයින්ගෙ බලාපොරොත්තු සුන්කර අමාරුවෙන් වියදම් කරන මුදල් අපතේ යැවිම පාපකර්මයක් නේද? වරදක් නොකර දඬුවම් දුන්න නම් අධිකරනයට යන්න පුලුවන්. නීති ආධාර කොමිසම උදව් කරාවි. උපවාස අතහැර බුද්ධිමත් තීරනයත් ගන්න. නැත්නම් ලමයි ගෙවල් වල ප්‍රශ්න නිසා උපාධි අතහැර ල දාවි.(ස)
දරුවනේ, ඉගෙන ගනිල්ලා. ගුරුවරුනේ, අලුත් දැනුම හොයාගෙන උගන්වන්න. මමත් ඔය දෙකම කළා. (නි)
අන්ත දේශපාලන ලනු ගිලල දැන් වමාරන්න වෙලා අනිත් ළමයින්ගේ අනාගතය කන්නේ නැතුව සමාව ගන්නවා හොඳයි. බුද්දිමත් ළමයි දුප්පත් ළමයි මොන තරම් බලාපොරොත්තු තියාගෙනද කැම්පස් යන්නේ, ඒවා ඔක්කොම නැතිකරන්නේ මේ අන්ත දේශපාලන වැඩ.(ස)
ඉසඩ් ස්කෝර් අවුලට අපි මෙහෙම වෙනකොට නම් මේවා කිව්වේ නැහැ. අපට තියන අවුල නෙමෙයි අනාගතේ නුඹලගේ දරුවෝ වෙනුවෙනුය් අපි දැන් මේවා කරන්නේ... (නි)
නියමයි . ඔහොම යමුකෝ (නි)
වැරදි කරන කොට නම් ජොලි. දැන් ඉතින් විඳවන එකයි තියෙන්නේ.අපිත් කැම්පස් ගියා ඔහොම නම් වුනේ නෑ. (ස)
හරක්, (අ)
මේ හැසිරීම් පිටු පස ඇති උසි ගැන්වීම් ගැන සොයන්න ඕනේ. ජාතික ධනය මේ කාක්කන් ගෙන් නිදහස් කර ගත යුතුය.(ස)
හොද ප්‍රතිචාරයක් වගේම ආදර්ශමත් ක්‍රියාවක්. සිවිල් ජන ජිවිතයට බාදාවක් නම් නිසි ක්‍රියා මාර්ග ගත යුතුය. (නි)
ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න පාලකයන් මීට වඩා සාර්ථක ක්‍රමයක් හොයාගන්න ඕනෑ. නැත්නම් විනාශ වෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වගේම ජිවිත කාලේ පුරාවටම දුක් මහන්සියෙන් හම්බ කර ගත්ත දේවල්. දෙයක් වුණාට පස්සේ පරීක්ෂණ පවත්වලා වැඩක් නැහැනේ, වෙන්න කලින් වළක්වා ගත්තේ නැත්නම් (නි)
වර්ජන,තර්ජන, මාර්ග අවහිර කිරීම් පටන් ගැනීමට ප්‍රථම,මේවට විසදුම් සාදාරන අධිකරණයක් තුලින් සොයා ගැනීම අපහසුද? කවුරුන් වුවත් මින් වඅඩි හරියක් මුදල් නැති මිනිසුන්ගේ දරුවන් මිසක් බොරු පොරොන්දු දී පාර්ලිමේන්තු හෝ පළාත සබා යන අයගේ දරුවන් නෙවෙයි. මෙතන දේශපාලන කෙරුමෙකුගේ දරුවෙක් සිටියා නම් තත්වය මෙයට වැඩිය වෙනස්. (නි)
මෙන්න අපේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ගිය කල......මම තාම දුක් වෙනවා මට යන්න බැරිවීම ගැන. එක්දස්ස් ගණනකින් තේරෙන්නේ වාසනාවන්තයෝ සියගණනක් විතරයි..මේ අය මේ අයගේ දෙමවපියන්ගේ ලස්සන් සිහින සහ බලාපොරොත්තු සුන් කරන්නේ ඇයි දන්නේ නෑ. (ස)
සිසුන්ගේ වැරදි වලට ප්‍රතිචාර දැක්විය යුත්තේ, යලි යලිත් ඔවුන් එම වරද නොකිරීමට නොහිතන පරිදිය, එය මුළු ලංකාවේම සරසවි වලට එකසේ අදාළ විය යුතුයි, කෙසේ හෝ කාලය නැවත නොපැමිණෙන හෙයින් මෙම සිසුන්ගේ අනාගතය ඇනහිටින ක්‍රියා නොගත යුතුයි, මොවුන්ට විභාග අයිතිය දුන්නනම් හොඳයි, නැතහොත් සියලු සරසවි ශිෂ්‍යයෝ වීදි බසිති.(ස)
උසස් පෙළ විභාගයට අති විශාල සිසුන් සංඛ්‍යාවක් පෙනිසිටියද විශ්ව විද්‍යාලයට යන්න ලැබෙන්නේ ඉතාමත්ම අතලොස්සක් වූ අති දක්ෂයන් පිරිසකටය .විශ්ව විද්‍යාලයට යන්නට උත්සාහ ගෙන බැරිවූ බොහෝ අය සහ ඔවුන්ගේ දෙමව්පියන් ගෙන් බහුතරයක් මෙම විශ්ව විද්‍යාල සිසුන් දෙස බලන්නේ වෛරයෙන් බව මෙහි අදහස් පල කිරීම් තුලින් පෙනී යයි. පාලකයන්ගේ දරුවන්ට මෙම විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට නොහැකි වූ විට ඔවුන්ද හැකි පමණ සිසුන්ට හිරිහැර කිරීමට පෙළඹී ඇත .දේශපාලකයින්ගේ දරුවන් පොලිසියට හමුදාවට පහර දුන්නත් බලුවී සිටින අය විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට පැනගෙන එනහැටි බැලීමට පිළිකුල් සහගතය. රටේ අනාගතය භාර ගැනීමට සිටින මේ දරුවන්ගේ ප්‍රශ්ණ දෙස කාරුණිකව බලා විසඳුම් ලබා දිය යුතුය.(නදී)
මේ ගොල්ලන්ගේ මොලයට විෂබීජ දාලා වනසපු මහා සංගමේ කට්ටිය වග කියන්න ඕනෑ මේ "මෝඩ" තරුණ ජීවිතවලට. බංකොලොත් දේශපාලන පක්ෂ තමන්ගේ බළල් අත් බවට මේ සිසුන්ව පත්කරගෙන. ඒ සරසවි වල ඇත්තටම ඉගෙනගන්න දරුවන්ට ඒකට ඉඩ නොදී වල කපන එකයි මේ අය කරන්නේ. කිසිම බුරුලක් දිය යුතු නැහැ. (නි)
අපේ සරසවිවල ඉගෙන ගන්න අය වැඩියෙන්ම මුල් තැන දෙන්නේ පෙළපාලි යන්නයි, ස්ට්‍රයික් කරන්නයි. ඒත් මේ අපි ඉන්න රටවල ළමයි සරසවි ගිහින් ඇවිත් හවසට ජොබ් කරනවා. අනේ මන්දා ලංකවට මොනවා වෙලාද කියලා. අනෙක තමයි, මේ රටවල සරසවි කවදාවත් ඔහොම කරලා නැහැ. පව් දෙමාපියන්ගේ සල්ලි. අනේ මන්දා මට තේරෙන්නේ නැහැ (නි)
අන්තිම වරට මේ සිසුන්ට නිදහස දෙමු. සිසුන් එතකොට අයිත් ඒ වැරැද්ද කරන එකක් නෑ.(ස)
චන්දි, ඔයා ඉන්නේ මොන රටේද? කැම්පස් ගිය කෙනෙක් මිසක් අනික් අය මෙහෙ ප්‍රශ්න හරියට දන්නේ නැහැ. අනික ලෝකේ කැපකිරීම් නැතුව කිසිම දෙයක් ලැබිලත් නැහැ. තමන්ට කැම්පස් යන්න බැරි වුන ගොඩක් අය කැම්පස් ළමයින්ට ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා. මේක නිකන් අමතර පන්තියක් නෙමෙයි. එයට වඩා වගකීමක් සරසවි සිසුන්ට තියෙනවා. උපාධි ගත්ත අය පස්සේ අපිට බැන්නත් එයාලට අමතකයි අතීතය (නි)
මෙන්න ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ අරුත.මමත් සරසවි ගියා ලංකාවේ.එංගලන්තෙත් ගියා.අපේ රටේ අයට නිකන් දෙන නිසා අගයක් නැහැ.වෙන රටවල සරසවි යන්න ගියානම් මෙයාලට තේරේවි.මේ අය ඉගෙන ගන්න ආපු අය නෙමේ.සරසවි වල තිබෙන සම්පත් විනාශ කරනවා.එක එක දේශපාලන පක්ෂවලට කඩේ ගිහිල්ල.මම දන්නවා මේ අයගේ කෙරුවාව. (නි)
උපාලි මහත්තයෝ දන්න දෙයක් කතා කරන්න, ඔබතුම මේ කැම්පස් එකේ ප්‍රශ්නේ ගැන මුල ඉදන්ම මාධ්‍ය වල ගියපු නිවේදන කියෙව්වද? මේ ලමයින්ගේ පන්ති තහනම දීලා තියෙන්නේ පෙබරවාරි මාසේ භාගෙට හදලා විවෘත කරන්න ගියපු ගොඩනැගිලි කීපයක් හරියට හදල විවෘත කරන්න කියලා කෑ ගහලා ඒ උත්සවේට එන්න හිටපු මැති ඇමතිවරුන්ගේ හිත් රිදෙව්වා කියලා. තව පහුගිය කාලේ දිගටම මේ කැම්පස් එකට අලුතෙන් ඇතුලු කරගන්න ලමයි 40% විතර කප්පාදු කරලා කියලත් මේකෙ ඉන්න ලමයි කෑ ගැහුවා. මේ ප්‍රශ්ණ ලමයිත් එක්ක එකතු වෙලා කතා කලා කියලා තමයි පන්ති තහනම් කරලා තියෙන්නේ. දැන් නම් අපරදේ කොල්ලො ටික කියලා හිතෙනවා. මෙයාලා මේ කැම්පස් වලට ගන්න කියලා කෑ ගහන්නේ උපාලි මහත්තයා වගේ දෙමව්පියන්ගේ දරුවෝ නම් මේ කොල්ලන්ට මේ කොල්ලන්ගේ දෙමව්පියන් එලව එලවා ගහන්නේ ඉගෙන ගන්නේ නැතිව අනුන්ගෙ දරුවන්ට අනාගතය හදන්න යනවා කියලා, අනේ මෙහෙමත් රටක්..! (නි)
සබරගමු සරසවි සිසු සටනට ජයවේවා....!(ස)
දියවූ ගනිවු හකුලවූ වගේ චන්ඩි කමින් ඉල්ලන කිසිම දෙයක් දෙන්න එපා. (ස)
සම්පත් හරි.. සබරගමු සරසවි සිසු සටනට ජයවේවා....! අනිත් කැම්පස් වල අයත් සහය දෙන්න තියෙන්නේ. කියන කියන විදියට නැටුවම ඔක්කම ප්‍රශ්න ඉවර වෙනවද..(ස)
මේ අය හැමදාම කරන්නේ ඔයටිකමයි. නවක වදය දෙනවා. දඩුවම් දුන්නහම උපවාස කරනවා. හැමදාම අන්තිමට සමාව ලබෙන නිසා අයෙත් ඊලග අවුරුද්දෙත් ඒ ටිකමයි. දඩුවම් ලිහිල් කරන්න එපා. ලංකාව හදන්න නම් මීට වඩා දැඩිව වැරදි කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට දඩුවම් දිය යුතුයි. වසන්ති, සම්පත්, නෙතුමි වගේ අය නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
සරසවි සිසුන්ට ඔල්මාදෙද මන්දා? (නි)
මම කැම්පස් ඉදිද්දී ජ.වී.පෙ දේශපාලනය නිසා අවුරුද්දකට වැඩි කාලයක් වහලා තිබුන. වැඩියෙන්ම බලපෑවේ ගංගොඩවිල ගමේ කොල්ලෙකුට නිකරුනේ ගහපු එක. ඒකට මාස 07ක් විතර වැහුවා. අපි එදා කරපු මෝඩකම් අද තමා තේරෙන්නේ. (නි)
මෝඩ වැඩ නිසා රටේ සල්ලියි දෙමව්පියන්ගේ බලාපොරොත්තුයි ඔක්කොම නැති වෙනවා. අනාත දේසපාලන පක්ෂවල ලනු ගිලින්න එපා මල්ලිලා...අන්තිමට ඔය කවුරුවත් ලග නැහැ .අපිමයි පරදින්නේ.(ස)
ඔක්කොම සරසවි පාරට බහින්න, පෙළපාලි යන්න, අපිට මොකෝ ! සරසවි වලටම නාකි වෙන්නේ මේ අයමනේ. පෞද්ගලික ආයතන වලින් ඉගෙන ගන්න අයට ජයවේවා ! (ස)