මාදුළුවාවේ සෝභිත හිමියන් ජීවිත කාලය පුරාම වාගේ වැඩ සිටි කෝට්ටේ නාගවිහාරයෙන් සදහටම සමුගැනීමට දේහය බහාළු මංජුසාව වසද්දී මුළු විහාරයම ශෝකයෙන් ඇලලී ගියේය.
මහා සංඝරත්නය මංජුසාව වසද්දීත් මංජුසාව රැගත් දෙන විහාරගෙයින් එළියට ගනිද්දීත් මහා සංඝරත්නයද, මහජනයාද හැඬූ බව දැකගත හැකිවිය.
වැහිබර කාලගුණයද ශෝකය දෙගුණ තෙගුණ කළේය. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කරමතින් දේහය දෙනෙහි තැන්පත් කරද්දී වැස්සක්ද පතිත විය.
අද පෙරවරුවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද කෝට්ටේ නාග විහාරයට ගියේය. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එහි ගොස් සිටියේය.
දේහය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය කරා රැගෙන එද්දී සිරිකොත එජාප පක්ෂ මූලස්ථානය අසලදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස නාහිමියන්ට අවසන් බුහුමන් දැක්වූහ.
දේහය රැගෙන එන මග දෙපස කහපැහැ ධජවලින් සරසා ඇති අතර මාර්ගය දිගට පාලම් කොඩි හා ශෝක පණිවිඩ සහිත බැනර් ආදියෙන් සරසා ඇති ආකාරය දැකිය හැකිය.
ඡායාරූප - ඉෂංක සුනිමල්
ජායාරූප - තරිදු ජයවර්ධන
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොබා දහමත් හඬා වැටෙයි