ගිය වසරේ අපොස (සාපෙළ) විභාගයෙන් පාසල් නවයක් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වයි.
ගම්පහ රත්නාවලී බාලිකාවේ කේ ඒ මෙනුෂිකා ජයනි කාරියවසම් හා කොළඹ විශාඛා විදුහලේ තපෝදා හරින්ද්‍රි ගංගොඩවිල මුල් තැන දිනාගෙන සිටිති.
මාතර රාහුල විදුහලේ එම් ඩබ්ලිව් උචිත තේජාන් ගුණසේකර දෙවැනි ස්ථානයද,කොළඹ ආනන්ද විදුහලේ එම් රවීන් ලසිදු තෙන්නකෝන් තෙවැනි ස්ථානයද දිනා ගත්හ.
කොළඹ රාජකීය විදුහලේ කලිදු චේතික වික්‍රමසිංහ හා ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ ජී එච් රොෂානා තරින්දි හා කොළඹ විශාඛා විදුහලේ එම් එච් දිලිනි ෆොන්සේකා ද සිව් වැනි ස්ථාන හිමි කැර ගත්හ.
මහනුවර මහාමායා බාලිකා විදුහලේ ආර් එම් සෞම්‍යා කුමාරිහාමි අබේරත්න හා කුරුණෑගල මලියදේව බාලිකාවේ කේ දුලංජනා මිණිකිරණි ධර්මසිරි පස් වැනි ස්ථානද දිනා ගත්හ.
මෙම විශිෂ්ටයෝ අද පස්වරුවේ අරලිය ගහ මැදුරේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමුවට කැඳවනු ලැබ සිටිති.
2013 දී සිසුහු 474483 දෙනෙක් විභාගයට පෙනී සිටියහ.
( ඡායාරූප සුදත් සිල්වා )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමටම අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
මේ හැම ළමයම ටියුෂන් ගියා කියල කියන්න එපා. එහෙම නොවෙන අය ගොඩක් ඉන්න බව බන්දුල දැනගත යුතු දෙයක්. (අපට පෙන්නන්නේ බන්දුල ගොඩක් දන්නා කෙනෙක් කියලනේ) (නදී)
දරුවන්ට හොද අධ්‍යාපනයක් දීම රජයේ යුතුකම. පන්ති ගිහින් අමරුවෙන් සමත් උනාම දේශපාලුවෝ ලකුණු දාගන්න හදනවා.(නදී)
දරුවන්ගේ දක්ෂතාවයේ ජයග්‍රහණ වෙනුවෙන් මගේ සුබ පැතුම්. නමුත් වෙනස් අදහසක් කියන්න ඕනා. කවුරුත් හිතන්න මේ ගැන. දරුවා මොන ඉස්කෝලෙට අයිති උනත් මේ ජය පිටිපස්සේ පළමුවෙන් අනිවාර්යෙන්ම මව ඊළඟට පියා ඉන්නවා. එක හා සමානව ඉස්කෝලේ ගුරුවරයා සමග උපකාරක පන්ති ගුරුවරයා දෙවනුව ඉන්නවා. මේ ජයග්‍රහණ ඉස්කෝලෙට අයිති වෙන්නේ ඊළඟට නෙවෙයි අන්තිමට. ඉස්කෝලේ මුල් ගුරුතුමා මේ ගැන හිතන්න. මේ ජය ලබන ළමයි එකම උපකාරක පන්තියකටවත් ගියේ නැ මගේ ඉස්කෝලේ උගන්නපු දේ විතරයි කියල ඔප්පු කරල පෙන්නන. අබියෝගය බාරගන්න පුලුවන්නම්. බැරි නැ 70 දසකයෙන් එහා උපකාරක පන්ති තිබුනද? ළමයි විබාග අසමත් උනාද? දැන් ඉස්කෝලවල උගන්නනවට වඩා කරන්නේ පෙළ පොත් උඩ ඉඳගෙන උගන් - අන්නනවා. අධයාපන අමාත්‍යංශයේ උඩ ඉඳන් පහලටම කරන්නේ ඒකයි. තව තියෙනවා කිව්වත් වැඩක් නැ බීරි අලින්ට එක වීණාවක් නෙවෙයි වීණා කෝටියක් වැයුව්වත් වැඩක් තියෙනවද? දරුවන්ගේ ස්ටාර් එකෙන් වැඩ ගන්නේ නැහැ කවුරුවත්.(නදී)
සියලු දෙනාටම මගේත් සුභ පැතුම් ...... සුභ අනාගතයක් සියලු දෙනාටම ....(නදී)
මගේ පාසැල් මව මාතර රාහුලය ගැන ගොඩක් ආඩම්බරයි. විභාගයට ඉදරිපත් උන සැමට සුබ පැතුම් පසු නොබැස ඉදිරියට යන්න.(නදී)
සුභපැතුම් මගේ පුතේ ඔබ සියලු දෙනාටම (දී)
මේ ළමයින්ට සුබ පතනවා. ඒ උනත් මේ ගෞවරවය පාසලට හිමි විය යුත්තේ අවසානයට බව මගෙත් හැගීමම තමයි. කොටින්ම කිව්වොත් මේ ඔක්කොම ටියුෂන් පැටව් සාමාන්‍ය පෙළ ටියුෂන් නමයටම උපකාරක පන්ති වල පිහිට පතන තත්වෙට පාසල් අධ්‍යාපනය පිරිහිලා තියෙන්නේ. මොන්ටිසෝරියේ ඉදලම උසස් පෙළ දක්වාම මුදල් ගෙවා ඉගෙනීමේ රටාවක් දැන් තියෙන්නේ. පාසල් අධ්‍යාපනය නමට පමණක් සිමා වෙලා. කව්රු පිළිගන්න අකමැති උනත් යථාර්තය ඒක. නිදහස් අධ්‍යාපනය රැකගන්න පාරවල් දෙවනත් කරන කව්රුවත් මේ යන රටාව වෙනස් කරන්න වචනයක්වත් කියන්නේ නැහැ. මොකද ඔය සද්දේ දාන ඔක්කොම මේ රටාවේ පිහිටෙන් මුදල් ගෙවා අධ්‍යාපනය ලබලා විශ්ව විද්‍යාලයට ගිය අය නිසා. නිදහස් අධ්‍යාපනේ මතක් වෙන්නේ සරසවි අධ්‍යාපනයේදී විතරයි. එතැනදී පිටතින් තරගයක් ඇතිවෙනවට, තමන්ට තියෙන අවස්ථාව නැතිවෙනවට අකමැතියි. .ඒ කුහක කමෙන් ප්‍රයෝජන අරගෙන බංකලොත් දේශපාලුවෝ කට්ටියව මී හරක් රැලක් දක්කනවා වගේ පාරක් පාරක් ගානේ දක්කනවා...මධ්‍යම වගේම දුප්පත් මිනිස්සුන්ට අද තමන්ගේ ආර්ථිකය කලමනාකරනය කරගන්න බැරි වෙන්න ප්‍රධානම් හේතුවක් වන මොන්ටිසෝරියේ ඉදල මුදල් ගෙවා ලබන මේ අධ්‍යාපන රටාව වෙනස් කරලා පාසල් අධ්‍යාපනය විදිමත් කරන්න බලධාරීන් සැලසුම් කල යුතුයි අනිවාර්යයෙන්ම. එහෙම උනොත් ඔය පාසල් නිල ඇදුමෙන් ලබන සහතික පතට නිසි වටිනාකමක් ලැබේවි.(නදී)
නිර්දේශිත විෂයයන්ගෙන් ඉහළම ලකුණු ගන්නා අය තෝරා ගන්ටයි විභාග තියන්නේ. ඒ නිසා විභාග සමත් වීම අනිවාර්ය දෙයක් නොවෙයිද? මෙහෙම විශේෂත්වයක් කරලා ත්‍යාග ප්‍රදානය ගැන නැවත සිතා බලන්ට සුදුසු කාලය පැමිණ තිබෙනවා කියල මට හිතෙනවා. දිරිදීමක් සඳහා මෙසේ කරනවා කියා සමහරු කියන්ට පුළුවන්. හොඳයි. දිරි දෙන්නේ දක්ෂයන්ටද ? එක ලකුනක එහා මෙහාවකින් පළවෙනියා වෙන්ට බැරි තවත් දක්ෂ සිසු සිසුවියන් කොතෙකුත් ඉන්නවාද ? ඔවුන්ට ඒ එක ලකුණ අඩු උනේ ඔවුන්ගේ වරදක් නිසා නොවේ නම් තත්වය තවත් කනගාටුයි නේද ? ඒ නිසා සා පෙළ කියන්නේ ලංකාවේ ලොකුම විභාගයකුත් නොවෙයි. ඊට වඩා ලොකු විභාග සමත් අයට මෙහෙම දේවල් කරන්නෙත් නැහැ. මේවා කිරීමෙන් ලබන දේශපාලන වාසියකුත් නැහැ. මම දකින්නේ විභාගය අසමත් වූ කොටසට වඩා සමත් වූ අනෙක් කොටස ගැනයි. (නදී)
සුභ පැතුම්! (නධී)
මිනිසුන් දෙවර්ගයක් සිටිති. සර්ව සුබවාදියෝ(ඔප්ටිමිස්ට්) හා සර්ව අසුබවාදියෝ( පෙසිමිස්ට්). අපගේ බන්දුල පෙරේරා මහතා බලන්නෙම අසුබවාදියෙක් ලෙසනේ' ප්‍රීති වෙන වෙලාවට ප්‍රීති වෙන්න බන්දුල. (නදී)
ගමේ ඉස්කෝලවලට මොකුත් නැහැනේ.... බැරිවෙලාවත් එකක් දෙකක් ගමකට ගියා නම් බලන්න තිබ්බ සද්දේ මෙතන.... (දී)
රොෂාන් ගේ මාර සුබපැතුම (දී)
මටත් හරිම සතුටු හිතුණා හැබැයි O/L කියන්නෙ ගලාකු විභාගයක් නෙමෙයි A /L හොදටකරලා මේ ප්‍රතිපල ආරක්ෂා කර ගන්න (දිල්)
සියලු දෙනාටම මගේ සුභ පැතුම්, විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා නොගත් ද අනෙක් දරුවන් රටට වැඩක් කල හැකි ශක්තියක්, නිර්මාණශීලි හැකියාවෙන් යුක්තයි. ඒ නිසා හැම දරුවෙක්ම අපි අගය කළ යුතුය.(දිල්)
ජනපති අතින් ඔවුන් මෙලෙස තෑගි ලැබීම ඔවුන්ගේ උනන්දුව තවත් වැඩිවීමට රුකුලක් (නි)
මේ දූ දරුවන්ට මගේ සුභ පැතුම්! (නි)
ඔබ සැමට සුභ පැතුම්! (නි)
අපිට හරිම සතුටුයි දරුවන්ගේ දස්කම් ගැන සුභ පැතුම් (දිල්)
සමත් වූ සියලුම දුවා දරුවන්ට මගෙන් සුභ පැතුම්! (නි)
ආනන්දේ මල්ලි ඇතුළු ඔක්කොටම මගේ සුබ පැතුම්! (නදී)
සේන, අසමත් දරුවන්ට ඔබ මොකද කියන්නේ? (නි)
විශිෂ්ටයන්ට උණුසුම් සුභ පැතුම්! (නි)
මාතර කවදත් ඉගෙනීමෙන් අංක 1 නේ. (නි)
මගෙන් කාටත් සුභ පැතුම් ! මගේ පාසල් මව මාතර රාහුලය ගැන ගොඩක් ආඩම්බරයි (නි)
ඔබ සැමට උණුසුම් සුභ පැතුම්! (නි)
ඔය ජවයත්, දිරියත් රැකගෙන තවත් ඉදිරියට යන්න රත්තරන් දරුවනේ. (නි)
උණුසුම් සුභ පැතුම්...! (නි)
චන්ද්‍ර වීරසිංහ, ඔයාගේ කතාව මසුරන් සමානයි. (නි)
දිරියෙන් ලබාගත් ජයග්‍රහණයට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
දරුවනේ නුබල විභාගය සමත් උනත් අසමත් උනත් රටේ අනාගත පරපුර නුබලයි. එක් එක්කෙනා දක්ෂ එක එක දේවල් වලට. නුබලා සියලු දෙනාම රටට වැඩ දායක දරුවන් වේවා! (නදී)
මේ දුවලා,පුතාලට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මගේ සුභ පැතුම්! (නි)
ගාල්ලේ නම මෙවරත් තැබුවාට ස්තූතියි! (නි)
කොහොමත් අපේ ගාල්ලේ ළමයෙක් ඉන්නවා (නි)
ලැබූ ජයග්‍රහණයට සුභ පතනවා! නමුත් අර පාට ඇඳුමක් ඇඳගෙන පැමිණ තිබෙන්නේ පාසල් සිසුවියක්ම නේද? බලන්න අනෙක් ළමයි කොච්චර ලස්සනට පාසල් නිල ඇඳුමෙන් පැමිණ තිබෙනවද කියලා. (නි)
නංගිලා මල්ලිලාට සුබ පැතුම්! මට කතාවක් මතක් වුණා. අපේ පැත්තේ වයසක අන්කල් කෙනෙක් හිටියා, හැමෝගෙන්ම ප්‍රතිඵල අහනවා.එයාට ප්‍රතිඵල ගැන ඒ හැටි දැනුමකුත් නැහැ.මගෙනුත් ඇහුවා. (උසස්පෙළ කාලේ)අපේ කාලේ වැඩ 4 නේ. මම කිව්වා පී 2යි කිව් 2යි කියලා.මට කිව්වා හොඳටම මදි, ඊළඟ පාර උනන්දු වෙන්න කියලා (නි)
මේ ජයග්‍රහණය ගැන හොඳින් සිතට ගෙන ඉදිරි වැඩ කටයුතු සාරිථක කරගන්න. (නි)
දරු දැරියන්ට වාසනාවන්ත අනාගතයක් වේවා! (නි)
ගොඩාක් සතුටුයි ඔක්කොටම සුභපතනවා (දී)
උණුසුම් සුභ පැතුම්! ‘උපතේ සිට මරණය දක්වා සෑම අවස්ථාවකදීම අප අධ්‍යාපනය ලැබිය යුතුය යන ස්ථාවරයේ සිටින මම විශේෂයෙන් දේශපාලනයේ යෙදී සිටින අය සිය දැනුම අලූත් කර ගත යුතුයි යැයි පවසමි. ලෝකය සෑම මොහොතකම වෙනස් වන තත්ත්වය හමුවේ අප එකම තැන සිටියොත් සිදු වන්නේ ඉබේටම පල් වීමයි' (නි)
දරුවන්ගේ දක්ෂතාවය ගැන කතා දෙකක් නැහැ. නමුත් මම නම් මේ පුරාජේරුවට අකමැතියි. අසමත් කියලා ළමයි ජාතියක් නැහැ. (නි)
දරුවන්ට සුභ පැතුම්! (නි)
හැමෝටම සුභ පැතුම්! අසමත් යැයි හඳුන්වන දරුවන්ටත් යහපත් අනාගතයක් උදා වේවා! විභාගය අසමත් වීම පරාජයක්ම නොවේ.සමහරවිට හොඳ ජයග්‍රහණයක්ද විය හැකිය (නි)
තව මෙවන් දක්ෂ දරුවන් අපේ රටේ කොපමණ අැද්ද? ඔහුන් ගැනත් මෙලෙසම සිතිය යුතුයි නේද? (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
චන්ද්‍ර මහත්තයගේ උපදෙසට ස්තුතියි .නමුත් වැරදි කෙනාට වැරදි උපදෙසක් ඔබ තුමා දුන්නේ. සතුටු වෙන්න ඕන තැන කාටවත් හිරි හැර අපහාස නොවන විදියට සතුටු වෙන්නත් අඩන්න ඕන තැන පොළොවේ පස් කන්නේ නැතුව එක විදදරාගෙන ඉන්න ශක්තියත් මේ පොළොවේ පයගහල සිංහල හාලේ බත්කන කොස් දෙල් වල රහ දන්න, ලින් වතුරේ රහ දන්නා මට දෙවියන්ගේ පිහිටෙන් ලැබිල තියෙනවා. ඔබ තුමා මධ්‍යම පන්තිකයෙක් නොවන විදෙස් රටක සැප පහසුකම් මත ජිවත් වන කෙනෙක් නිසා ඔබතුමාට මම කියපු දේ තේරුම් ගන්න බැරිවීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා. ඔබ සියළු දෙනාට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)