දොඩංගොඩ බෝඹුවල පාළු රබර් වත්තක් මැදදී පොලිස් කොස්තාපල් මරා දැමීමට තැත්කර ඇත්තේ  දේශපාලනාඥයකුගේ ඕනෑවට විය හැකියි එම කොස්තාපල් පොලිසියට කියා ඇත. දින තුනකට හතරකට පෙරදී අධිිවේගී මර්ගයේ පැයට කිලෝමීටර් 145 වේගයෙන් ගමන් ගත් රියකට දඩ කොළයක් ලබා දුන් අවස්ථාවේ එහි සිටි දේශපාලනාඥයකු තමාට මරණීය තර්ජනය එල්ලකළ බව ද කොස්තාපල් කියා ඇත.  කිසියම් උපායකින් එම කොස්තාපල්වරයා රබර් වත්තට රැගෙන ගොස් ඇත.