කොළඹ යුනියන් පෙදෙසේ නීති විරෝධී සූදු පොළක් පවත්වාගෙන යෑම හා සූදු සෙල්ලම් කිරීමේ චෝදනා යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ දස දෙනකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ලබන වසරේ පෙබරවාරි 17 වැනිදා සාක්ෂි කැඳවීමට නියෝග කළේය.
පසුගිය 18 වැනි දා සූදුපොළ වටළා අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනකු ඇප මත මුදා හළ කොම්පඤ්ඤවීදිය පොලිසිය සැකකරුවනට අද අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා තිබිණි.
ඒ අනුව සූදුපොළ කළමානාකරනය කළ බව කියන පුද්ගලයෙක් සහ සූදු කෙළමින් සිටි බව කියන දස දෙනෙක් අධිකරණයට ඉදිරිපත් වූහ.
සූදු සෙල්ලම් කරමින් සිටි බව කියන එක් අයකු වරද පිළිගත් අතර ඔහුට රුපියල් සියයක දඩ නියම විය.
සූදු පොළේ කළමානාකරු බව කියන පුද්ගලයා සහ සූදු කෙළිමින් සිටි බව කියන සෙසු නව දෙනා චෝදනා නොපිළිගන්නා බව පැවසූයෙන් ඔවුන් ඇප මත මුදා හැරිණි.
අමරසේන ජයසිංහ, එච් ඒ ඩී විමලවර්ධන, ජී රූපසිංහ, එච් ඒ රුවන් නිස්සංක, නීල් සෙනරත්, මහේෂ් ප්‍රසන්න රාජපක්ෂ, මදුෂාන් මේනක බණ්ඩාර, ලක්ෂ්මන් එරික් ප්‍රනාන්දු, ඒ තිලකරත්න, රසික දර්ශන තිස්ස සහ දෙවාන් බන්දුල සැකකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වෙනතෙක් අපි නැවත කරමු, 'කොළෙන් ගහන බූරුවා සෙල්ලම' (නි)
කෝ මෙහි අයිතිකරුට කුමක්ද සිදු වුණේ? (නි)
අර කොළඹ 7 නෝනගේ සුපිරි සුදු පොළ වටලපු පොලිසියේ මහතුන්ලා ට සිදුවූ නස්පැත්තිය ගැන හිතන විට මේ සුදු අන්තුවන් ට දඬුවම් නියම කරන නඩු කාර උන්නාන්සේලා ගැනත් මට බයක් දැනෙනවා. (අ)
ගම්වල පමණක් සාමාන්‍ය ජනතාවට බුරුවා ගැසීමට තහනම් කරනු .නැත්නම් අස්වරේස් වලට වගේ නීතිගත නොකර බද්දක් දාමු .ආදායම ඩොලර් වලින් බැංකුවට තැන්පතු කල හැක (අ)
මේක අයිති කාටද? (නි)
මේ අය අර දෙවැනි වර වටළලා අත්අඩංගුවට ගත් අය නේද? (නි)
පවු දෙයියනේ, ඒ අහිංසකය දඩය කොහොම ගෙව්වද මන්ද. රුපියල් සීයක්ම නේ. අනික් කට්ටිය 'නිවරදිකාරයෝ' කියන්න ඇත්තෙත් වැරදිකාරයා කියල දඩ ගහපුවාම ගෙවා ගන්න බැරි හින්ද වෙන්න ඇති. මට නම් හරි දුකයි. (ස)
තීන්දුව දෙන කාලයට චුදිතන්ට දඩුවම් ලැබෙයිදැයි අපි බලා සිටිමු (නි)
මේක මෙතරම් කතා කරන්න තරම් ලොකු වරදක්ද මේ අපි ඉන්න නීතිගරුක රටේ? (නි)
දඩුවම ප්‍රබල විය යුතුඉ...සුදුකෙලපු අත් කපලදැමිය යුතුයි....හිරබත් කෑමට අවස්ථාව ලබානොදෙන්න. අපෙන් අයකරන බදු මුදල් වලින් ඔවුනට හිර බත් දීමෙන් බඩුමිල ඉහල නොදමන්න.....(ස)
මේක නීති විරෝධී නම් අර කෑ ගහන උදවිය ඇයි මේවාට නිහඩ ? (නි)
අයිතිකාරයට මොකද වෙන්නේ එතකොට? කවුද ඔහු? (නි)
නඩුව නැවත විභාගයට ගන්නා විට සූදු නීතිය සම්මත වෙලා තිබේවිද? (නි)
නිල් නම් එළියේ කොළ ,රතු නම් ඇතුලේ. (ස)