කොළඹ යුනියන් පෙදෙසේ නීති විරෝධී සූදු පොළක් පවත්වාගෙන යෑම හා සූදු සෙල්ලම් කිරීමේ චෝදනා යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ දස දෙනකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ලබන වසරේ පෙබරවාරි 17 වැනිදා සාක්ෂි කැඳවීමට නියෝග කළේය.
පසුගිය 18 වැනි දා සූදුපොළ වටළා අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනකු ඇප මත මුදා හළ කොම්පඤ්ඤවීදිය පොලිසිය සැකකරුවනට අද අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා තිබිණි.
ඒ අනුව සූදුපොළ කළමානාකරනය කළ බව කියන පුද්ගලයෙක් සහ සූදු කෙළමින් සිටි බව කියන දස දෙනෙක් අධිකරණයට ඉදිරිපත් වූහ.
සූදු සෙල්ලම් කරමින් සිටි බව කියන එක් අයකු වරද පිළිගත් අතර ඔහුට රුපියල් සියයක දඩ නියම විය.
සූදු පොළේ කළමානාකරු බව කියන පුද්ගලයා සහ සූදු කෙළිමින් සිටි බව කියන සෙසු නව දෙනා චෝදනා නොපිළිගන්නා බව පැවසූයෙන් ඔවුන් ඇප මත මුදා හැරිණි.
අමරසේන ජයසිංහ, එච් ඒ ඩී විමලවර්ධන, ජී රූපසිංහ, එච් ඒ රුවන් නිස්සංක, නීල් සෙනරත්, මහේෂ් ප්‍රසන්න රාජපක්ෂ, මදුෂාන් මේනක බණ්ඩාර, ලක්ෂ්මන් එරික් ප්‍රනාන්දු, ඒ තිලකරත්න, රසික දර්ශන තිස්ස සහ දෙවාන් බන්දුල සැකකරුවෝය.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි සූදුපිටි නඩුව කල් යයි
කව් Monday, 25 November 2013 04:33 PM
ඒ වෙනතෙක් අපි නැවත කරමු, 'කොළෙන් ගහන බූරුවා සෙල්ලම' (නි)
ජයන්ත Monday, 25 November 2013 04:47 PM
කෝ මෙහි අයිතිකරුට කුමක්ද සිදු වුණේ? (නි)
සත්‍යයා Tuesday, 26 November 2013 03:08 AM
අර කොළඹ 7 නෝනගේ සුපිරි සුදු පොළ වටලපු පොලිසියේ මහතුන්ලා ට සිදුවූ නස්පැත්තිය ගැන හිතන විට මේ සුදු අන්තුවන් ට දඬුවම් නියම කරන නඩු කාර උන්නාන්සේලා ගැනත් මට බයක් දැනෙනවා. (අ)
සමන්ති Tuesday, 26 November 2013 05:25 AM
ගම්වල පමණක් සාමාන්‍ය ජනතාවට බුරුවා ගැසීමට තහනම් කරනු .නැත්නම් අස්වරේස් වලට වගේ නීතිගත නොකර බද්දක් දාමු .ආදායම ඩොලර් වලින් බැංකුවට තැන්පතු කල හැක (අ)
නුවන් Monday, 25 November 2013 05:36 PM
මේක අයිති කාටද? (නි)
ග්‍රිෂාණි Monday, 25 November 2013 06:08 PM
මේ අය අර දෙවැනි වර වටළලා අත්අඩංගුවට ගත් අය නේද? (නි)
උපාලි Tuesday, 26 November 2013 05:51 AM
පවු දෙයියනේ, ඒ අහිංසකය දඩය කොහොම ගෙව්වද මන්ද. රුපියල් සීයක්ම නේ. අනික් කට්ටිය 'නිවරදිකාරයෝ' කියන්න ඇත්තෙත් වැරදිකාරයා කියල දඩ ගහපුවාම ගෙවා ගන්න බැරි හින්ද වෙන්න ඇති. මට නම් හරි දුකයි. (ස)
දර්ශා Monday, 25 November 2013 09:57 PM
තීන්දුව දෙන කාලයට චුදිතන්ට දඩුවම් ලැබෙයිදැයි අපි බලා සිටිමු (නි)
ජනක Tuesday, 26 November 2013 10:58 AM
මේක මෙතරම් කතා කරන්න තරම් ලොකු වරදක්ද මේ අපි ඉන්න නීතිගරුක රටේ? (නි)
කාමිල් Monday, 25 November 2013 11:07 PM
දඩුවම ප්‍රබල විය යුතුඉ...සුදුකෙලපු අත් කපලදැමිය යුතුයි....හිරබත් කෑමට අවස්ථාව ලබානොදෙන්න. අපෙන් අයකරන බදු මුදල් වලින් ඔවුනට හිර බත් දීමෙන් බඩුමිල ඉහල නොදමන්න.....(ස)
විජේසිංහ Monday, 25 November 2013 03:44 PM
මේක නීති විරෝධී නම් අර කෑ ගහන උදවිය ඇයි මේවාට නිහඩ ? (නි)
සරත් Tuesday, 26 November 2013 12:24 PM
අයිතිකාරයට මොකද වෙන්නේ එතකොට? කවුද ඔහු? (නි)
ධම්ම Monday, 25 November 2013 03:55 PM
නඩුව නැවත විභාගයට ගන්නා විට සූදු නීතිය සම්මත වෙලා තිබේවිද? (නි)
ලාල් නුවර Tuesday, 26 November 2013 02:24 AM
නිල් නම් එළියේ කොළ ,රතු නම් ඇතුලේ. (ස)