වෙසක් පෝ දා ගම්බිම් බලා යන පිරිස් සහ කතරගම වන්දනාවේ යන පිරිස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණ පින්නදූවෙන් පිටවීමේදී දැඩි වාහන තද බදයක් හටගෙන ඇත. එහි ඇත්තේ මුදල් අයකරගන්නා කුටි දෙකක් පමණි. ඉක්මණින් වාහන පිටකැර යැවීම සඳහා කොළඹට යන වාහන වලට ප්‍රවේශපත්‍ර නිකුත් කරන කුටියකින් ද පිටවන වාහන වලින් මුදල් අයකැර ගැනීම සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රා, ඔයගොල්ලන්ගේ යුද්ධය ඉවර උනාට ලංකාවේ බොහොමයක් මිනිසුන්ගේ යුද්ධ නම් තාම යනවා. අපි යන්නේ රුහුණු කුමාරියේ, රැල්ලට අසුවී ඔබයන්නේ කොහේද?(නදී)
ඉවසන්න, මෙයට වඩා ලොකු අධිවේගී මාර්ග තියන යුරෝපයෙත් අධිවේගී මාර්ග වලත් තදබද ඇති වෙනවා. (නි)
ද සිල්වා බෙර්ලින්, ඔබ හරි. මේ අධිවේගය හදා තියෙන්නේ රටේ වැඩිදෙනකුට ප්‍රතිලාභ දෙන්න නෙමෙයි. සුළුතරයකට සැප දෙන්නයි. (නි)
විකල්ප මං තීරුවක් නැතිකමින් පොලිස් වාහනයත් මග හිරවෙලා (නි)
සේරම් පැරිස් , අධිවේගය සේවය කරන්නේ ඇති හැකි අයටයි. නැති බැරි ආණ්ඩුවේ රස්සාව කරන අපි තාමත් උදේ හතරට බත් මුල බැඳගෙන රුහුණු කුමාරිට දුවගෙන එන්නේ. මුළු රටෙම් මුදල් විදම් කරලා කරන දෙයි මුළු රටටටම සේවයක් විය යුතු නේද? (නි)
අධි වේගී මාර්ග අපිට තවත් ඕනෑ. රට දියුණු කරන්න යටිතල පහසුකම් හදල ඉන්න ඕනෑ මුලින්. (නි)
නිමල් ඔබ හරියට හරි. මම කැමතියි ඔබේ පිළිතුරට (නි)
පොලිස් වාහනයත් මං තීරුවෙන් පිටපැනලා නේද? (නි)
මෙම අධි වේගී මාර්ගය සාදන විට බොහෝ දෙනෙක් එයට නොයෙක් දේවල් කිව්වා .සුදු අලියෙක්, මුදල් නාස්ති කිරීමක් කියලා. දැන් බොහෝ දෙනෙකුට වැටහෙනවා ඇති මේ වගේ ව්‍යාපෘති වලින් රටට සෑහෙන ප්‍රයෝජන තිබෙනවා කියලා. (නි)
ඕස්ට්‍රේලියාවේ නම් සල්ලි ගෙවන්න තියෙන්නේ ඉන්ටෙර්නෙට් එකෙන්. පෙර ගෙවුම් කාර්ඩ් එකක් තියෙනවා නම් සල්ලි ඔටෝ ඒකෙන් අඩුවෙනවා. හැම අදි වේගී එකටම සල්ලි ගන්නේ නැහැ. ටෝල් රෝඩ් වල විතරයි සල්ලි ගන්නේ.(නදී)
බැන බැන යන්න මෙහෙම එකක් හරි තියෙන එක ලොකු දෙයක් ...මොනදේ වුණත් අපි කැමති අපේ රට දියුණු වෙනවා නම් (නි)
මේ තියෙන්නේ ජපානයේ භාවිතා කරන ක්‍රමය. http://www.go-etc.jp/english/about/index.html (නි)
විදෙස් රටවල වගේ මුදල් අය කළ යුතුයි. (ස)
අධි වේගෙන් ඇවිත් මඳ වේගෙන් පිට වෙන්න පුළුවන්. ලෝකේ අනිත් රටවල නම් අධි වේගී මාර්ගවල තදබදය ඇතිවෙන්නේ මාර්ග අනතුරක් ඇතිවුනොත් තමයි. පිවිසුම් වල කැබින් අටෝගෙන මුදල් මංකොල්ල කන අය එහෙ නැහැ. (අ)
කෝ කට්ටිය බැන්නට ඔය යන්නේ. ඔය බැනපු කට්ටිය අනිත් මාර්ගවල ගියානම් නරකද. මේවා රටක කරන්න ඕන වැඩ කියල දැන්වත් තේරෙනවද. නැත්නම් ලිදේ ඉන්න ගෙම්ම්බෝ වගේ තමයි අපේ ලංකාවේ කට්ටිය.(නදී)
බලපුහාම වැඩිහරියක් මේකෙ යන්නෙ මේකට බැනපු කට්ටියනෙ (නි)
ඔයා කාටද කඩේ යන්නේ.ඔයා පැරිසියේ ඉදන් ඔහොම කියයි අපේ බඩට තමා වදින්නේ.අපි ඕනේ බදු ගෙවන්න. සල්ලිකරයින්ට හොදයි.මීට කලින් මිනිස්සු කතරගම ගියේ නැද්ද . (අ)
සේරම් ඔබ හරි. රට දැන් මොන තරම් දියුනුද? මේවා නොකළා නම් කියාවී මොනවද රටට කළේ කියලා. මොනවා කළත් සැහීමකට පත් නොවන හැටි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරම් රටට ආදරේ කරන කෙනක් තවත් නැහැ. (නි)
මැදපෙරදිග ඇවිත් බලන්න.හවසට අධිවේගී මාර්ග වල තියෙන තදබදය.ඔය දේවල් සාමාන්‍ය දේවල්.වෙනසකට තියෙන්නේ අපේ අධිවේගී මාර්ගයේ මුදල් අය කරන එක විතරයි (නි)
ටිකක් ඉවසන්න පුරුදු වන්න , අනිසි තදියම තමා ලංකාවේ අනතුරු වලට මුල.(නදී)
උපුල් ඔබ හරි.(නදී)
උපුල්, ඔයා සල්ලි ගෙවන තැන පහුකරගෙන ගියාවද්ද? අපි ගිය රටවල් වල නම් අධිවේගී පාරවල් වල සල්ලි ගත්තා. ඉතින් මංකොල්ල කනවා නම් පොලිසියට කියන්න තිබුනා නේද? වීසා නැති නිසා එකට බය වුණාද අල්ලලා ලංකාවට එවාවි කියලා? අනික වැස්ස වෙලාවට, මීදුම නිසා, ඒ වගේම මුදල් යන්ත්‍ර වල දෝෂ, වාහන අබලන් වීම වගේ දේවල් නිසාත් තදබද ඇතිවෙනවා. (නි)
උපුල් මල්ලී නිකන් යන්න පුළුවන් ප්‍රී වේ තියෙන්නේ ඇමරිකාවේ. එහෙත් ටෝල් රෝඩ් වලට සල්ලි ගන්නවා. ටිකක් ඇවිදලා බලන්න.(නදී)
අපොන්සු , යුද්ධයට වයස අවු .30කි. එක හීනෙන් සියල්ල ඉස්ට වෙන්නේ නැත. ඔයාගේ කන්නාඩිය ගලවා බලන්න ඉතිරි කාලයත් ඔබ රුහුණු කුමාරියේම යන්නත ජයවේවා! (නි)
නුගත්කමට ලියන ඒවාට සහ පක්ෂග්‍රාහිව ලියන ඒවාට පිළිතුරු දීමෙන් වැඩක් නැහැ. රටක් දියුණු වෙන්න මහා මාර්ග වල දියුණුවත් අවශ්‍ය දෙයක් (නි)
රන්ජනී, සහ සේරම් නම් ජාඩියට මුඩිය, අපේ ලංකාවේ ජන ජීවිතය නගා සිටවිමට තව ගොඩක් සංවර්ධන කටයුතු කරන්ට තිබෙනවා. පාලමක් නැති; දුම්රිය හරස් ගේට්ටු නැතිව දවස ගානෙ වෙන අනතුරු.... (ස)
සේරම් පැරිස්, මේ ක සුදු අලියෙක් නොවේනම් සුදු අලියා කියන්නේ මොකකටද? සුදු අලියෙක් දකින්න අවශ්‍ය නොවේනම් කන්තෝරු දවසක දුම්රිය පොළකට ගිහින් බලන්න. ලංකාවේ දුම්රියකින් දවසකට යන මගීන් ගණන අධිවේගයේ අවුරුදු 10 වත් යාවිද?(නදී)
ඔව් ලහිරු අපේ රටේ මිනිස්සු දකින්නෙම වැදිදි තමයි.(නදී)
අපොන්සු මහතා ඔබට හරි වැරදි තේරුම් ගන්න බැරි බව පේනවා. හොඳ දෙයට හොඳත් නරක දෙයට නරකත් කිව යුතුය. පක්ෂ බේදයක් නැතුව . ඔබ මෙය පාවිච්චි නොකරාට මෙය බොහෝ දෙනෙක් ප්‍රයෝජන ගන්නවා. සෑහෙන කාලයක් ඉතුරු කර ගන්නවා.(නදී)
මේක අධිවේගී මාර්ගයේ වරදක් නොවෙයි. දුර්වල කලමනාකරණය පිලිබඳ ප්‍රශ්නයක්. අධිවේගී මාර්ගය නිසා කොළඹ සිට දකුණට යන්න කෙනෙකුට කාලය සහ ඉන්ධන ඉතිරි කරගන්න පුලුවන්. අධිවේගී මාර්ගයේ යන්න බස් මගීන්ගෙන් ගන්න ගාස්තුව ඉතා වැඩියි. අධිවේගී මාර්ගයේ යන්න බස් රථවල ගාස්තුව අඩුකර අධි වේගී මාර්ගයේ ප්‍රති ලාභය සාමාන්‍ය ජනතාවට ලබා දිය යුතුයි. යුරෝපයේ, ජර්මනියේ හැර අනිත් සියලු රටවලම අධිවේගී මාර්ගවල යන්න මුදල් අයකරනවා. නමුත් පොදු ප්‍රවාහන සේවා වලට සහන ලබා දීලා තිබෙනවා.(නදී)
දක්ෂිණ අදිවේගී මාර්ගය හැදුවේ කිසිම ආර්ථික විද්‍යාත්මක ඇගයීමක් නැතිවයි. මුලික අරමුණ උනේ කට්ටියකට ඉක්මනට ගමේ යන්න රටේ මහජන මුදල් වියදම් කිරීමයි. ඒ ගොල්ල කාල විසිකරන මස්කටු තමයි ඔය පෝලිමේ ඉඳල අහුලගන කන්නේ රසයි රසයි කියලා.(නදී)
අසංක හරි පිටරට ඉන්න අයට තේරෙන්නේ නැ ඔවා. පාරවල් ගුවන්තොටුපළවල් වරායවල් හදන්න කලින් රටේ වෙනදේවල් තියෙනවා කරන්න. ගුවන් තොටුපළවල් වරායවල් සුදු අලි තමා. අනික ඔය පාරවල් හැදුවේ ආසියානු සංවර්ධන බැංකුවෙන්.(නදී)
ඇත්තටම තව තවත් අධේවගී මාර්ග ක ඉදි කල යුතුය(අ)...