දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය 24 පැයේ ෙ ආදායම රුපියල්

එක්කෝටි හැට ලක්‍ෂය ඉක්මවූ බව එහි නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්‍ෂ එස්.

 ඕපනායක කියයි. ඒ අනූව අතිරේකව රුපියල් ලක්ෂ 50 ක ආදායමක් ලැබුණු බවත් ඕපනායක මහතා පවසයි.

මෙම මාර්ගයේ බ්‍රහස්පතින්දා (24) පෙරවරු 7.00 සිට අද (25) පෙරවරු 7.00 දක්වා

මෙම ආදායම වාර්තා වී ඇතැයි අධ්‍යක්‍ෂ සඳහන් කරයි.

මෙම කාලසීමාවේ  රථ වාහන 50,000 කට අධික

ප‍්‍රමාණයක් ගමන් කර ඇති බවත් දීර්ඝ සති අන්ත නිවාඩුවක ආරම්භය වූ බ්‍රහස්පතින්දා දිග පොලිම් ඇති වූ බවත් කියති. කොළඹ පිටත අධිවේගය ආරම්භ වීමට පෙර දිනක ආදායම රපියල් ලක්ෂ 70 ක් පමණ වූ බවත් එම මාර්ගය ඇරඹීමෙන් පසුව එම ආදායම රුපියල් එත් කෝටි දස ලක්ෂයක් වූ බවත් ඕපනායත මහතා කියයි