දක්ෂිණ අධිවේගී මගේ පින්නදූව බස් අනතුරින් තුවාල ලැබූ 15 දෙනකු කරාපිටිය රෝහලට පැමිණිබව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කියයි. එක් කාන්තවකගේ උදරයේ තැලීම් හේතුවෙන් ශල්‍යාගාරයට ගත් බවත් කිසිවෙකුට බරපතල නොවන බවත් වෛද්‍යවරයා කියා සිටියේය. තුවාලකරුවන්ගෙන් වැඩි දෙනකු පසුපස බසයේ ආ අයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගයේ අත්වැරදීමට සමාවක් නැත. (ස)
ඔය පටන් ගන්නේ ඡන්ද ප්‍රතිඵල නොර්ත් හැදුවම මොනවා වීවේද මන්ද (අ)
කාලීන පළපුරුද්දක්, හික්මීමක්, යාන්ත්‍රික දැනීමක් නැති රියදුරන් නිසා අහිංසක මිනිසුන්ගේ ජීවිත කීයක් අනතුරේද? (නි)
අධිවේගී මාර්ගයේ වාහන පදවන විට අඩුම තරමේ මීටර 50 ක්වත් පරතරයක් ඉදිරියෙන් ගමන් කරන වාහනයට තබාගෙන යායුතුය. (ඉස්සර කිරීමේදී සහ ඇතුළුවීමේ සහ පිටවීමේ අවස්ථාවලදී හැර ) ලෝකයේ දියුණු රටවල අධිවේගී මාර්ග වල බස් රථ වල වේගය පැයට කිලෝමීටර 80 කි . කරුණාකර මෙහෙත් එම නීතියම ගෙන එන්න. (නි)
මේ තමා පුද්ගලික බස් ක්‍රමයේ තරඟය. රියදුරන් දෙදෙනාටම දැඩි දඩුවම් දිය යුතුය. (නි)
සාමාන්‍ය පාරවල් වල කිසිම ඉවසීමක් නැතුව බස් එළවන රියදුරෙක්ට,අධිවේගයේ පදවන බසයක සුක්කානම අසුවුණහම කොහොම තියෙයිද? (නි)
බස් එක නම් නියමයි නේද? පිටින් ඔපේ විතරයි (නි)
දියුණුව කියන්නේ අධිවේගී මාර්ගම නොවේ. ඒවා භාවිතා කරන ආකාරයයි. (නි)
වම දකුණ නොදන්නා රියදුරන් අදිවේගයට ඇතුල්වීම නිසා මෙවැනි විපත් සිදුවිය හැක. අනෙක් කරුණනම් සමහර රියදුරන්ට අදිවේගයේ ඇති නාමපුවරු කියවීමටවත් හැකියාවක් නොමතිවිමයි. (අ)
කෝ බස් ගැමුණු ?අධිවේගී පාරවල් වල රේස් යන්න බැහැ. හික්මුණු විනයක් ඇති පළපුරුදු ඩ්‍රයිවර්ලා ඔය බස් වලට දාන්න ඕන? ප්‍රයිවට් බස් ලොක්කන්ට කොච්චර රුදාවක් තිබුණද ඔය පාරට මිනීමරු ඩ්‍රයිවර්ලා දාගන්න? (ස)
රථ වාහන පැදවීමේ බලපත් නිකුත් කිරීමේදී අධිවේගී මාර්ග ධාවන පුහුණුව අනිවාර්ය කල යුතුය්. (දී)
ප්‍රශ්නෙකට තියෙන්නේ මේ වෙලාවේ " වෘෂභ " මොඩලයේ වර්ජනයක් තියන එකයි ! (අ)
අනතුරුනම් කෙළවරක් නැහැ. (ස)
දැන් තුවාල වෙලා කරදර වුණු මගීන්ට ගණන් කරලම වන්දි හෙම ගෙවයි නේද?(අ)