මැයි දිනයේ දකුණු අධිවේගී මාර්ගයේ වාහන 61583 ක් නොමිලේ ගමන් කළ බවත් ඉන් 3000 ක්ම මැයි දිනයට ගිය අය බවත් අධිවේගී මාර්ග අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා කියයි.
කටුනායක අධිවේගී මාර්ගයේ එදින වාහන 22000ක් ද ගමන් කර ඇත.
එදින අනතුරු 8 ක්ද කාර්මික දෝෂ 80 ක්ද වාර්තා විය. බස් 2 ට ගල් ගැසීම් ගැන ද පැමිණිලි ලැබී ඇත. අධිවේගී මාර්ග පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ආරක්ෂාව සැලසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාර්ගය තිබුණ එක මොනතරම් ප්‍රයෝජනවත් වුණාද? (නි)
දැන් ලැජ්ජා හිතෙනවා ඇති මේකට බැණපු අයට (නි)
මේ වෙලාවේ හැටියට මේ මාර්ඟයේ ගමන් කල මෙම වාහන සඳහා ගාස්තු අය කලා නම් නේද හොඳ.රු කෝටි.3.5 ක විතර අාදායමක් ගන්න තිබුණා (ම)
අයියෝ රෝහිනී ඔයාට ඕකවත් තේරෙන්නේ නැත්ද. ගාස්තු අය කලානම් පෙළපාලිවලට ගිය වාහන වලට සල්ලි ගෙවන්න වෙනවානේ. නොමිලේ යන්න දුන්නේ අපිට ආදරේට නෙවෙයි. දේශපාලුවන්ගේ වාසියට. අපිට ආදරේට එහෙම කලානම් සිංහල අවුරුදු දවසේ එහෙම කරන්න තිබුනා නේද. අහිංසක අපෙන් විතරයි බදු ගහන්නේ.(හේ)
අධිවේගී මාර්ග කන්නද කියලා ඒ දවස්වල සමහරු ඇහුවා නේද? එහෙම අහලා තියෙන්නෙ ඇත්තටම ඒ පාරවල් කන්න හිතාගෙන කියලා තේරෙන්නේ දැනුයි.(හේ)
නිම්මි, යනවා මදිවට තවමත් ඒවා වීවේචනය කර කර ඉන්නවා. බෝක්කුවක්වත් හදලා නැහැ (නි)
දේශපාලන අවශ්‍යතා මත මේ වගේ දේවල් කිරීම දැන්වත් රජය බලධාරින් නවත්වනවා නම් හොඳයි. සුපිරි මඟ කියන්නේ කවුරු හැදුවා වුණත් ණය කන්දරාවක් මතින් හැදුව මාර්ගයක්. ගෙවෙන හැම තත්පරයකම මුදලක් හොයාගන්න ඕනෑ ඒ වෙනුවෙන්. මැයි දිනේට අඩුම තරමේ රු 100ක්වත් අයකළා නම් නඩත්තු මුදල හරි හොයාගන්න තිබුනා. පක්ෂ - පාට බේදයකින් තොරව රජයේ බලධාරීන්ට ඇස් ඇරේවා! (නි)
මේ දේවල් හදපු නිසාමේ මේ මාර්ගයේ යන්නේ.(හේ)
ලජ්ජා නැතුව මේවයේ යනවනේ . හරි අමාරු ඇති හදලා. (හේ)
මොනම හේතුවක් නිසාවත් අධිවේගී මාර්ගයේ නොමිලේ ගමනාගමනයට ඉඩදීම අනුමත කරන්න බැහැ. කළයුත්තේ සාධාරණ ගාස්තු යටතේ හැකිතාක් ආදායම් උපදවා ගැනීමයි. මොකද මේවා ඉදිකළේ විදේශ ණය ලබාගෙන. (නි)