හොරණ සමූපකාර සුපිරි වෙළඳසළකින් රුපියල් 675ක් වටිනා කිලෝ ග්රෑම් 2ක සම්පූර්ණ කුකුළක සොරාගෙන අත් බෑගයේ දමාගත් කාන්තාවක් ආරක්ෂක අංශය විසින් අල්ලාගනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
අවුරුදු 42ක විවාහක කාන්තාවක් වන ඇය යතුරුපැදියකින් සුපිරි වෙළඳසළට පැමිණ ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔච්චර කිලෝ 200 විතර මස් තියෙද්දී කුකුල් මස් කිලෝ 2 ගත්තේ? බර තව කිලෝ 2 ක් වැඩි කරගන්නද? (නි)
යතුරු පැදියක් තිබුනත් දරුවන්ට කෑම ටිකක් දෙන්න අතේ සතේ නොතිබුන වෙලාවක් විය නොහැකිද? සානුකම්පිතව බලා ඇයගේ ප්‍රශ්නය විමසා ඇයට කුකුලව දෙන්න තිබුනා. බොහෝ අවස්ථාවල ළමයින්ගේ ඉල්ලීම්, පෙරත්තකිරීම් හා වන පොරොන්දු හමුවේ දෙමාපියන් අසරණ වෙන අවස්ථා ඒමට තියෙනවා. මෙය තවත් මනුතාපයක් විය නොහැකිද ? ඇය ෆේෂ් වොෂ් එකක්, ශැම්පෝ එකක් වැනි රූපලාවන්‍ය දෙයක් ගත්තානම් වැරදියි කිව හැකියි, මේ බිල ගෙවා දැමීමට මම කැමතියි. ඇයට යන්න දෙන්න (බ)
කුකුළා පියාඹලා නෝනගේ බෑග් එකේ හැන්ගුනාද දන්නේ නැහැ.(ම)
පොඩි පොඩි ඒවා තමි ලොකුවට යන්නේ (ම)
යම් කෙනෙක් කෑම වර්ග හොරකම් කරන්නෙ කන්න මිසක් , ගෙදර කැබිනට් එකේ දාන්න නෙමෙයි..මේ වගේ හොරකම් කරන්නෙ ඇයි කියලා හොයල ඒ ආකාරයට දඩුවම් දෙන්න ඕනේ, නැතුව ඒ ගෑනු කෙනාට හිරිහෑර කරල, පාච්චල් කරන එක නෙමෙයි..මේ මනුස්සයා කන්න කුකුල් මස් ඉස්සුවට, හිටපු නායකයෙක් මුලු රටේම සල්ලි ඉස්සුවා අපිට නොදෑනෙන්න. මම හිටියානම් එතන, මේ කුකුලගෙ ගාන ගෙවලා මේ අයව නිදහස් කරනවා.(ම)
දැන දැන අමාරුවේ වැටෙන්නේ.(හේ)
පවු අසරණ කමට ගන්න ඇත්තේ.(හේ)
කුකුළා අයිස් වලට තෙමිච්ච එකෙක්ද දන්නේ නැහැ (ම)
කවුරු කලත් මොනවා හොරකම් කලත් හොරකම හොරකමයි. නැති බැරි කමට නෙමෙයි. මෙහෙම කරන්නේ පුරුද්දට. මහා පරිමණයෙන් නැතතත් දඬුවම් ලැබිය යුතුයි. (ම)
අනෝමා නංගිටත් බයිසිකලයක් තියෙනවා.. එයත් සුපර් මාකට් එකෙන් තමයි කුකුල්ලු ගේන්නේ...මට නිකන් සැකයි සැකයි වගේ..මෙච්චර දවසක් කුස්සියට හොරාට හොරාට අඩ ගහල මට කන්න දුන්නේ හොර කුකුල්ලුද දන්නේ නැහැ..(බ)
යහපාලට ගෙදර හාමිනේ උයලා දෙන්නේ නැහැ වගේ. හැබැයි ඉතින් දත් සෙට් එකත් නැතිව කොයි ගෙදරින්වත් කුකුළුමස් කෑවා කියලා නම් විශ්වාස කරන්න බැහැ. (ම)
පව් අවවාද කොට කුකුලා අරන් යන්න දෙන්නයි තිබුනේ (නදී)
අයියෝ ... මෙහෙමත් ගෑනු (ම)
ඇය මෙවන් දෙයකට පෙලඹුනේ සාධාරණ හේතුවකට නම් අප එය සමච්චලයකට, විහිළුවකට ගෙන ඇයට අවමන් කිරීම සුදුසු නෑ නේද? රුචිර කියනවා වගේ දරුවකු වෙනුවෙන් හෝ නොසලකා හැරිය නොහැකි තමන්ට උදව් කළ අමුත්තකු හෝ නෑදෑයකු වෙනුවෙන් මෙවන් දෙයක් කළා විය හැකියි නේද? හේමන්ත, රුචිර, කපිල හා යසිරු වැනි ප්‍රශ්නයකට මැදි වූවකු කෙරෙහි සාධාරණ කෝණයකින් බලන අය තව බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවනේ කියල හිතනකොට ඇත්තටම රට ගැන ආඩම්බරයි ! (බ)
යතුරු පැදියෙන් ආව නිසා කුකුලගෙන් බේරුනා , බැරි වෙලා වත් කාර් එකෙන් අවානම් නෝනා මුළු කඩේම උස්සනවා. (අ)
යහපාල,අන්න අනෝමා" දෙයියෝ සාක්කි"තීරයේ ඔයාට හොඳ පිළිතුරක් දීල තිබෙනවා. මාත් දැන් තමයි දැක්කේ. (බ)