කොම්පඤ්ඤවීදියේ විදුලිය ඇණ හිටීමත් සමග දුම්රිය නිවාස සංකීර්ණයේ හත්වැනි මහලේ සිට විදුලි සෝපානයෙන් පහළට එමින් සිටි තරුණියක අතරමග හිරවී මිනිත්තු 45කට පමණ පසුව බේරාගත් බව කොළඹ ගිනි නිවන හමුදාව කියයි.
තරුණිය විදුලි සෝපානයේ හිරවූ බවට පණිවිඩය ලැබී මිනිත්තු 5කින් එහි ගොස් ඇගේ ජීවිතය බේරාගත් බව ගිනි නිවන හමුදාව පවසයි.
අධි පීඩන හයිඩ්‍රොලික් යන්ත්‍ර යොදා සෝපානය කැඩීමටද සිදුවූ බව නිලධරයෝ කියති. තරුණිය සෝපානයේ හිරවූ බව ඇගේ ජංගම දුරකථනයෙන් මවට දන්වා ඇතත් මව ගිනි නිවන හමුදාවට හෝ පොලිසියට නොදැන්වීම නිසා ඇය බේරාගැනීම පමාවී යැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් උතුම් ක්‍රියාවට යහපත් ප්‍රතිචාර ගිනි නිවන හමුදාවට හිමි විය යුතුමයි. (බ)
ඇයට අනතුරක් නොවුණ එක ගැන සතුටුයි (නි)
මම ඉන්නේ ජපානේ. මමත් මේ වගේ ජපානේදී හිරවුණා. මමත් විනාඩි 45 පැයක් විතර හිර වෙලා හිටියත් ලංකාවට කථා කළේ නෑ එයාල බය වෙයි කියල. තාම මේක ලංකාවේ කාටවත් කියල නෑ ඒ මරණ බය මං හොදටම දන්නවා (බ)
අම්මෝ! මට නම් අහනකොටත් බය හිතෙනවා (නි)
රුමේෂ්, මුසාවාද කියන්න එපා (නි)
ජපානේ වුණත් ලංකාවේ වුණත් මේ සෝපානවල තාක්ෂණික ගැටළු තියනවා. මොකද මේවගේ වෙලාවකට නියමිත ප්‍රමිතියෙන් යුතු සෝපානයක් නම් අතින් කරකවලා (මැනුවල්) පහළට ගන්න පුළුවන්. (නි)