ස්පීඞ් මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේ දෙවැනි අදියර ලබන මස (ජූනි) 2 වැනි ඉරිදා පන්නල ස්පීඞ් ඩ්‍රෝම් මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වේ.
අදියර 3 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය පෙබරවාරි මාසයේ පැවති අතර එහිදී ප‍්‍රසාද ලකුණු 20 ක් ලබාගත් අමීර් ගෆූර් ෆෝමියුලා III අංශයේ පෙරමුණටත්, ප‍්‍රසාද ලකුණු 10 ලබාගත් අශාන් සිල්වා සුපිරි මෝටර් රථ අංශයේ පෙරමුණටත් පත්වූහ. සුපිරි යතුරු පැදි අංශයේ වැඩි ගෞරව දිනා සිටින්නේ ආනන්ද වෙඩිසිංහයි.
තරගාවලිය සඳහා වන අයදුම්පත් බත්තරමුල්ලේ පිහිටි ස්පීඞ්රෝම් කාර්යාලයෙන් ලබාගත හැකි අතර අයදුම්පත් බාරගැනීම මැයි මස 27 වැනිදායින් අවසන් වේ.
ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා සංගමය විසින් ආසියානු මෝටර් රථ සංගමය, කාල්ටන් මෝටර් කී‍්‍රඩා සංගමය, සහ මීගමුව මෝටර් කී‍්‍රඩා සංගමය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.
පළමු අදියර නිමා වන විට ඒ ඒ තරගකරුවන් ලබා සිටි ප‍්‍රසාද ලකුණු
ෆෝමියුලා III මැක්ලරන්ස් කාණ්ඩය (සි. ධා. 1300 දකවා)
1 අමීර් ගෆූර් - 20
2 ලයිම් ලෝරන්ස් - 16
3 කයිල් ක්‍රොස්ලන්ඞ් - 12
එස්. එල්. එන්. කාණ්ඩය (සි. ධා. 1000)
1 මයිකල් වීරසූරිය - 10
2 උශාන් පෙරේරා - 8
3 ප‍්‍රවීන් මඩුගල්ල - 6
එස්. එල්. එන්. ෆෝඞ්ලේසර් / මැස්ඩා කාණ්ඩය (සි. ධා. 1300)
1 සුසන්ත ගුණවර්ධන - 10
2 රන්දික නිරෝෂන් - 8
3 ජනිත් කුමාරගේ - 6
එස්. එල්. ඒ. කුඩා මෝටර් රථ කාණ්ඩය
1 කේ. පරමේෂ්වරන් - 10
2 ඩිලාන් පෙරේරා - 8
3 ශෂික එල්. විජේරත්න - 6
එස්. එල්. එච්. කාණ්ඩය (සි. ධා. 1600)
1 ඩිලාන් සෙනෙවිරත්න - 10
2 අශාන් සිල්වා - 8
3 දිනේෂ් ජයවර්ධන - 6
එස්. එල්. එන්. ෆෝඞ් ලේසර් / මැස්ඩා කාණ්ඩය (සි. ධා. 1500)
1 ඉර්ෆාන් ෆෝඞ් - 10
2 චමින්ද වීරසූරිය - 8
3 කුෂාන් පීරිස් - 6
සුබරු කාණ්ඩය (සි. ධා. 2000)
1 ටිරෝන හෙන්දාවිතාරණ - 10
2 ශාන්ත සුරවීර - 8
3 උශාන් පෙරේරා - 6
එස්. එල්. ජී. ටී. කාණ්ඩය (සි. ධා. 3500)
1 අශාන් සිල්වා - 10
2 ඩිලාන් සෙනෙවිරත්න - 8
3 දිනේෂ් ජයවර්ධන - 6
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd