සපුගස්කන්ද තෙල් පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමට යනවායැයි ඇතැමුන් කරන ප‍්‍රකාශ වල කිසිදු සත්‍යතාවක් නැතැයි ශී‍්‍රලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඛනිජතෙල් නොමැති කමින් වැඩකටයුතු ඇනහිට පැවතියද දැන් පිරිපහදුවේ වැඩකටයුතු යළි ආරම්භ කර ඇති බව සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක සුසන්ත ද සිල්වා මහතා සදහන් කළේය.
සදහන් වන ආකාරයට ශ‍්‍රීලංකාවට පැමිණීමට නියමිතව තිබූ තෙල් නැවක ප‍්‍රමාදය නිසාවෙන් පිරිපහදුවේ වැඩකටයුතු ඇනහිට තිබුණි.කෙසේ වුවත් පිරිපහදුවට වඩාත්ම ගැළපෙන්නේ ඉරානයෙන් ලැබෙන ඛනිජ තෙල් බව පවසන අධ්‍යක්ෂකවරයා එරටට එරෙහිව ඇමරිකාව පනවා ඇති සම්බාධක නිසාවෙන් ඉරානයෙන් ඛනිජ තෙල් ලබාගැනීම ගැටලූවක්ව ඇතැයිද පවසයි.මෙනිසා ඉදිරියේදී වෙනත් රටවලින් ලබාගැන්නා ඛනිජ තෙල් පිරිපහදුවට යෙදීමට සිදුවුවහොත් යම් යම් නොගැලපීම් නිසා පිරිපහදුවේ කි‍්‍රයාකාරීත්වය පෙර මෙන් සිදුනොවනු ඇති බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ හොදින් හොයා බලා මිසක් මොකුත් කරන්න එපා (දී)
එහෙනම් වැඩේ ටක්කෙටම වෙනවා."තුන් ඈවරයි" (අ)
මොනවා වුණත් කමක් නැහැ පෞද්ගලීකරනේ කරන්න. ඊනියා ජාතිවාදියෝ මොරදෙයි එපා කියලා.ඒ අය දන්නේ නැතුව ඇති රාජ්‍යය ආයතන 5 ගිය අවුරුද්දේ පමණක් පාඩුව කෝටි 18500 කියලා. (නි)