කොළොන්නාවේ පාසලක අපොස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයක් සඳහා විභාග ප්‍රශ්න පත්‍ර වංචා නඩුවක සැකකරුවකු ගෙන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට අද පැමිණිලි කළේය.
ජාතික පාසල් අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ එම සම්මන්ත්‍රනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සංවිධානය කර ඇතිබවයි. ඊට අධ්‍යාපන අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බව ද චන්ද්‍රසේකර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු අධ්‍යයාපන ක්ෂේත්‍රයටම අරක් අරන් ඉන්න යක්ෂයින් ගේ වැඩවලින් ශාපය වැදිලා තියෙන්නේ මුළු රටටම. ඕක සාමාන්‍ය පෙළ (සාපෙ) නොවෙයි පව් කාරයින්ගේ සාපෙ. (නදී)
මෙහෙම ගියොත් අධ්‍යාපනයටත් ශාපයක් වැටෙයිද? (නි)
හොරුන්ගේ අම්ම ගෙන් පෙන බලනවා වගේ වැඩක් (දී )
අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් අවසර නොමැතිව මන්ත්‍රීලාට පාසල් තුළ සම්මන්ත්‍රණ පැවැත්විය හැකිද? (නි)
දේශපාලුවෝ යන යන තැන ............වා.(නදී)
පහුගිය දවස් ටිකෙම හිරු එකේ විනාඩි 5න 5ට දැන්වීම් දැන්මේ දුමින්ද සිල්වා මන්ත්‍රී තුමා සංවිධානය කරන අධ්‍යාපන සම්මන්ත්‍රණයට සම්පත් අත්තටගේ විදයාව කරනවා කියලා. ඒ දවස් වලම විරෝධය දක්වන්න තිබුනනේ. (නදී)