පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා බදුරහිත සැපවාහන මෙරටට ආනයනය කිරීමට වළකාලන අතුරු නියෝගයක් ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට හේතු ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධීකරණය පෙත්සම්කාර නීතීඥවරයාට අද (25) දැනුම් දුන්නේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් ,බුවනෙක අළුවිහාරේ සහ ප්‍රියසාත් ඩෙප් යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මුදල් ඇමැති, නීතිපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
COMMENTS
අනේ පව්! එහෙම කරන්න එපා. එතුමන්ලාට ගමේ සේවය කරන්නලු ඔය පොඩි වාහන ටික ගෙන්නන්න යන්නේ (නි)
මගේ අදහස නම් මෙම සියලු අයගේ බදුරහිත සැපවාහන තහනම් කර තමාගේ අාදායම අනුව ඕනෑ වාහනයක් ගැනීමට සැළැස්වීමයි (නි)
විනිසුරන්ටත් බදුනැති වාහන ලබාගන්න පුළුවන් නිසා ඕකට පොදුජනතා අධිකරණයක් තමයි වඩා හොඳ (නි)
ඇයි දෙයියනේ ඡන්ද 5000ක් ගත්ත අයටත් කෝටි ගණනක වාහනයක් ඉල්ලනකොට වෙන මොනවා කරන්නද? (නි)
කවර රජයක් යටතේ හෝ කිසිවෙකුට බදු රහිත වාහන ලබාදීම නොකළ යුතුය. කිසිවෙක් පිනට සේවයක යෙදෙන්නේ නැත. සුළු පිරිසක් හැර ජනතාවගේ වැඩි පිරිසකගේ කැමැත්ත මේ සඳහා නාගානන්ද කොඩිතුවක්කු මහතාට හිමිවෙනවා ඇත. මේ සඳහා උද්ඝෝෂණ, විරෝධතා නොපැවැත්වීම පුදුමයට කරුණකි. බඩවියත රැකගැනීමට දේශපාලකයන් ගන්නා උත්සාහය බලනවිට කොඩිතුවක්කු මහතාගේ උත්සාහය අගය කළයුතුය. (නි)
මෙතරම් ණය කන්දරාවක් තියෙද්දී සැප කාර් ගෙනෙන්නේ පුද්ගලික බූදලයෙන්ද? (නි)
වින්සන්ට්, ඔබ හරි. අනෙක් නීතිඥයෝ කොඩිතුවක්කු මහතාට සහයෝගය දියයුතුය (නි)
අපි සල්ලි දීලා ගෙන්වපු වාහනවත් අපිට දෙන්නෙ නැහැ (නි)
අනේ එහෙම කරන්න එපා. එයාලට ගමට යන්න ත්‍රී රෝදවත් ඕනෑනේ. නැත්තම් කොහොමද ජනතාවට සේවය කරන්නේ? සමහරුන්ගේ වාහන යට වදිනවා ගමේ පාරවල් වල ගියාම. පරණ අය පාවිච්චි කළ වාහන වලත් යන්න බැහැනේ. (නි)
අනේ එහෙම කරන්න එපා. ඉක්මනට සැප වාහන දෙන්න. නැත්නම් සේවය කරනකොට අස්ථි ගෙවුනොත් ......... කවුද මේවා බලන්නේ. (බ)
නාගනන්ද මහතා කාලයක සිට තනිවම මේ බිලියන ගණනක් ජනතාවගේ මුදල් වංචාකරන බදු රහිත වාහන ගෙන්වන එකට විරුද්ධව සටන් කළා. ජනතාව මේවාට සහයෝගය දියයුතුයි. ජනතා නියෝජිතයෝ කියා පාර්ලිමේන්තුවට එන්න කෝටි ගණන් වියදම් කරන්නේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්නේ මෙවැනි මුදල් අවභාවිතාවන්ට ඉඩ ඇති නිසයි. (නි)