අධි සුඛෝපභෝගී දුම්රිය දෙකක් ආනයන කිරීමට ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමෙන්තුව සැරසේ.
මෙම දුම්රිය ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කරගෙන ධාවනයේ යෙදවීමට නියමිතය.දේශීය සංචාරකයන්ටත් මුදල් ගෙවා සංචාරයන් සදහා දුම්රියයන් දෙක වෙන්කරගැනීම් පහසුකම් සළසන බව දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් ගෙන්නන්නේ ඉන්දියාවෙන් වෙන්න ඇති. ඉන්දියාවේ කෝච්චිවල හැටි අපි දන්නවනේ. (නදී)
පය බරවායට පිටකර තමා හැමදාම බෙහෙත් බඳින්නේ. දුම්රිය ගෙන්නන්න ඉස්සෙරලා දුම්රිය පොළවල් ටික වැඩිදියුණු කරලා හොරට යන එක නවත්තන්න වැඩපිළිවෙලක් හදන්න එපැයි. ඒ වගේම වෙලාවට දුම්රිය දුවන්න හරිගස්සන්න ඕනෑ. කොච්චර දියුණු බුලට් දුම්රිය ගෙනාවත් වැඩක් වෙනවද හරියට අනිත් පහසුකම් දියුණු කරන්නෙ නැතුව. ඔච්චර අපේ කට්ටිය චීනයට යනවා, පේන්නේ නැද්ද දන්නේ නැහැ එයාලට කොහොමද දුම්රිය සේවාව දියුණු කරලා තියෙන්නේ කියලා. අපරාදේ ජනතාවගේ සල්ලි. (නි)
කටුනායක ඉඳලා කොළඹට සැප කෝච්චියක් මීට කලිනුත් දැම්මා නේද? කෝ ඒක දැන්.(නදී)
අනේ මෙහෙම මෝඩ සැලසුම්. තියෙන කොච්චි ටික වෙලාවට දුවාගන්න විදියක් නැහැ, තව සුඛෝපබෝගී කෝච්චි ගෙන්නන්න හදනවා. කාගේ සාක්කුවට කීයක් වැටෙනවද දන්නේ නැහැ.(ස)
තුනක් ගෙනවානම් තුන් පැත්තට යවන්න තිබුන ...දකුණු වෙරළබඩ, කන්ද උඩරට සහ උතුර (අ)
දුම්රිය සේවාවේ දියුණුවක් (දී)
විදේශීය සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර මිල තුන් ගුණයක් වත් වැඩි කරන්න. නැත්තම් ටුවරිසම් කරන අපිට දෙයියන්ගේම පිහිටයි (දී)
මේ කොච්චිත් දුවන්න යන්නේ ඔය කෙදිච්ච දිරච්ච පරනවෙච්ච පීලි උදමද?එහෙනම් වැඩිම වුනොත් සතියි,ඉන් පස්සේ (අ).
5 දෙනෙකු වෙනුවන් රුපියල් 500/= බැගින් අයකර ගනිමින් කොළඹ සිට නුවර යන දුම්රිය වගේ නාස්තිකාර දුම්රියන් නම් එපා. (නි)
මේවා කළා කියලා වැඩක් නැහැ . අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ටිකට පිලියමක් කරන්න (දී)
මෙහෙත් කොච්චි නිතර පරක්කුයි . අනාරක්ෂිත හරස් මාර්ග 6000 තියෙනවා.ළමයිනුත් හැප්පිලා මැරෙනවා. කව්රුත් නාහෙන් අඬන්නේ නැහැ (දී)
කොච්චි ගෙන්න කලින් ගේට්ටු දැම්මොත් මොකද වෙන්නේ (දී)
කොමිස් කුට්ටියට දැන් ඉදන්ම කෙල හල හලලා ඇති. අනේ අපි වගේ මෝඩ රැලක් මේ ලෝකේ තවත් නම් නැහැ.(නදී)
ලංකාවේ මිනිස්සුන්ටත් සහන දී, සැප කෝච්චියේ යන්න දෙන්න. ලංකාවේ මිනිස්සුන්ට හැම දාම දුක. පව් පිට රැටියන්න්ට සැප දෙන්න ඉස්සෙල්ලා ලාංකිකයන්ට යන්න දෙන්න. හැම දාම කළේ නමට තම සිය රට දේ සිරි සැපදේ කියානේ.(නදී)
ලංකාවට මොකටද තව කොච්චි (දී)
අපිටත් යන්න පුළුවන් වෙන්න (දී)
අර හිටාචි දුම්රියට මොකද උනේ?. (අ)
සංජීව, එහෙම කියන්න එපා. සැප දුම්රිය ගෙනාපු එක හොදයි. අපිට පැයකට වරක්වත් මීගමුව -කොටුව සීඝ්‍රගාමී සැප දුම්රියක් දුවයි. රු.300 ක් ගෙවන්න කැමතියි ගමන සඳහා. වෙල්ගම මහතාට අපේ සහයෝගය. ණයක් හරි අරන් විදුලි දුම්රිය පටන් ගනිමු. (නි)
මේවා ගෙනැල්ලා , ඒ ටික පාර්ක් කරලා වැඩ වර්ජනය කරන්න. එතකොට රටට හොඳ කලක් යයි (නි)
මිනිස්සුන්ට සැපට යන්න නෙමෙයි, ඉක්මනට යන්නයි අවශ්‍යය (නි)
කටුනායක සිට කොළඹට මෙවැනි දුම්රියක් කලින් ධාවනය වූවා. අයකිරීම 500යි. මගීන් නොමැතිව තමයි බොහෝවිට දිවුවේ (නි)
තියෙන ඒවා හදන්නවත්, ගේට්ටුදන්නවත් ඕන නැහැ. පිටරටින් ගෙන ඕනෑම දෙකට, ඩෙංගු උනත් කමක් නැහැ අතට කොමිස් එකක් හම්බවෙනවනේ. නැතුව ඕවා ගේන්නේ මිනිස්සුන්ගේ යහපතට නොවේ.(නදී)