අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළු කර ගැනීමේතී ප්‍රමුඛත්වය ලබා දෙන ආකාරය පිළිබඳ නව චක්‍රලේඛයක් අධ්‍යාපන ලේකම් එස් එම් ගෝඨාභය ජයරත්න මහතා නිකුත් කර ඇත.
එයට අනුව තම පාසලේ උසස් පෙළට සුදුසුකම් ලැබූ සිසුන් මුලින් ඇතුළත් කර ගත යුතුය.
එකම 1ඒබී පාසලක් (විද්‍යා, කලා, වාණිජ විෂ්‍ය ධාරා ඇති පාසල්) හෝ නොමැති ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි පාසල්වල අතිවිශිෂ්ට ප්‍රතිඵල ගත් සිසුන් ඊළගට ඇතුළත් කර ගත යුතුයි.
එම කරුණු දෙකට අනුව සිසුන් ඇතුළත් කර තවත් පුරප්පාඩු පවතී නම් පාසල පිහිටි දිස්ත්‍රික්කයේ ඇති 1 ඒ බී නොවන පාසල්වල විශිෂඨ ප්‍රතිපල ගත් සිසුන් ඇතුළත් කරගත යුතු බවද එහි සඳහන්ය.
ඒ අනුව සියලු විෂය ධාරා යටතේ ඇතුළත් කර ගත් ශිෂ්‍ය සංඛ්‍යාව සහ උසස් පෙළ ගුරුභවතුන් පංතිවලට අනුයුක්ත කිරීම් පිළිබඳ පුර්ණ වාර්තාවක් විදුහල්පතින්ගේ අත්සනින් අගෝස්තු 31 වන දිනට ප්‍රථම පළාත් පාසලක් නම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට හෝ ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්‍යක්ෂට ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා දන්වා ඇත.
2012/14 චක්‍රලේඛයේ 4.1 උප වගන්තියට සංශෝධනයක් එක්කරමින් 2013/4 අංකයෙන් 2013 අප්‍රේල් 29 දිනැතිව මේ නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.
අධ්‍යාපන ලේකම්ගේ මේ චක්‍රලේඛයට ගුරු සංගම් දැඩි විරෝධය දක්වති.
ගිය වසරේ ඉදිරිපත් කළත් විරෝධතා හමුවේ ක්‍රියාත්මන කිරීමට නොහැකි වූ 2012/14 චක්‍රලේඛයේ ඉගෙනුම ලබන පාසල්හි ඉල්ලුම් කරන විශයන් පවතීනම් එම සිසුන් උසස් පෙළට ඇතුළත් නොකළ යුතුය යනුවෙන් ඇති බවත්, නව සංශෝධනයට අනුවද 1 ඒ බී පාසල සාමාන්‍යපෙළ කළ සිසුවකුට එම දිස්ත්‍රික්කයේ වෙනත් 1 ඒ බී පාසලකට යා නොහැකි බවත්, එය සිසුන්ට කරන දැඩි අසාධාරණයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
අපොස සාමාන්‍ය පෙළට වෙනත් පාසල්වලට ඇතුළත් වීම සඳහා සිසුන් අයදුම් පත් යොමු කර අවසන් බව ද, ඇතැම් පාසල්වල සම්මුඛ පරීක්ෂණ පවා ආරම්භ කර ඇති බව ද, අධ්‍යාපන ලේකම්ගේ නව චක්‍රලේඛය ලැබී ඇත්තේ පමා වී බවද, එමගින් සිසුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇති බව ද ස්ටාලින් මහතා කීවේය.
වැඩිදුරටත් හෙතම සඳහන් කළේ සියලු සිසුන්ට සමානය සැලකිය යුතු බවයි. එකම දිස්ත්‍රික්කයේ වුවද පහසුකම් ඇති හා නැති 1 ඒ බී පාසල් ඇති බවත්, එම පාසල්වල සිසුන්ට පහසුකම් ඇති පාසලකට උසස් පෙළ හැදෑරීමට යාමේ අයිතියක් ඇති බවත්, අධ්‍යාපන අමාත්‍යංශය මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා සිසුනට සාධාරණයක් ඉටු කළ යුතු බවත් ස්ටාලින් මහතා පැවසීය.
මෙම චක්‍රලේඛය දිගටම ක්‍රියාත්මකවුවහොත් ඊට එරෙහිව නඩු මගට යන බව ද හෙතම කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපහසුවෙන්, අමාරුවෙන්, දුක් විඳලා පාඩම් කරලා ජයග්‍රහණ ලබාගත්ත අහිංසක දරුවන්ට මේ පාරත් අසාධාරණයක් කරන්නද ලැහැස්ති වෙන්නේ. (නි)
අපේ ළමයි ඇත්තටම දෙලොවක් අතර තමයි. නිදහස ලැබිලා අවුරුදු හැටකටත් වැඩියි. ඒත් බැරිවුණා තවම ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න. මේවා කුමන්ත්‍රණ. ඩොලර් වලට අපේ අයත් අහුවෙනවා. එයාලට ඕනෑ රටේ සාක්ෂරතාව අවම කරලා විදේශ ආධාර වලින් යැපෙන නිකමුන් පිරිසක් බිහිකරන්න. (නි)
ලොක්කෝ ගන්න තීරණ වලින් අන්තිටම තැලෙන්නේ අහිංසක පොඩි දරුවෝ... (නි)
ක්‍රමය හොදයි. ඒත් ක්‍රියාත්මක කිරීමේදී මේවාට දේශපාලනය රිංගන්නේ නැත්නම්.(නදී)
ඈයි ඉතින් අධ්‍යාපන ඈමතිල ඉන්නවනෙ ලමයිට වෑඩිය. අනේ අහිංසක දූ පුතුන්.(නදී)
කළුනික සිරසෙන් හොයා ගන්න.(නදී)
අනේ ඇයි හැමදාම අනාගන්නේ. ස්ටාලින් කියන දේ සහතික ඇත්ත. මේවා හරියට චක්‍ර ලේඛයක් හදාගන්න බැරි නිසා වෙන දේවල්ද නැත්නම් ඕනෑකමින් හිදැස් හදනවද? සමහර විදුහල්පතිවරු බලාගෙන ඉන්නේ වචන අස්සෙන් රිංගලා තමන්ට රිසි දේ කරන්න. (නි)
කරුණා කරලා ලංකාවේ අධ්‍යාපනයට තියෙන ගෞරවය රැකෙන විදිහට වැඩ කරන්න. අහිංසක ළමයි මහන්සියෙන් ඉගෙන ගන්නේ හොඳ අනාගතයක් බලාපොරොත්තුවෙන්.(ස)