ශ්‍රී ලංකාවේ ප්‍රථම වායුසමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද මහනුවර සිට කොළඹ කොටුව දක්වා සිය මංගල ගමන ඇරඹීය. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දිනවලදී පමණක් එය ධාවනය කරන බවයි. මෙහි ප්‍රවේශපත්‍රයක් රුපියල් 500 කි. දුම්රිය ධාවනයේදි එය නවත්වන්නේ රාගම, ගම්පහ සහ පේරාදෙණිය පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා උදේ 5.30 මහනුවරින් පිටත්වී කොටුවට 8.00 ට ලගාවෙන දුම්රියක් ලබාදෙන්න.(ස)
ඉතාමත්ම වටිනා සේවයක් බවට කිසිම සැකයක් නැහැ. නුවර ඉන්න අපිට රුපියල් 750 ක් දීලා වුනත් යන්න කැමතියි.(නදී)
රන්ජිත් එක්සත් අරාබි එමීරය, නෑ සහෝදරයා ඔය විදිහ තමයි හොද. නමුත් සිකුරාදට විතරක්.(නදී)
නුවරට ඕනා සැප දුම්රියක් නොවේ කාර්යාල දුම්රියක්.(නදී)
ඉවසන්න. රට සංවර්දනය කර අපි දුගියන් උන කල ගෙදර ඉන්න බලලත් මස් කර කන්න උනවිට, කෝච්චි නැතත් අපිට මාර සැපක් දැනේවි.(නදී)
ලංකාවේ සමහර අයගේ හිඟන සහ පසුගාමී මානසිකත්වය මෙතනින් පැහැදිලි වෙනවා. සමහරු මේක නවතිනකන් ආසවෙන් බලන් ඉන්නවා. ඒ කුහකකමයි ඉරිසියාවයි නිසා මේක කටුනායක ගිය එක නෙවෙයි අළුත් එකක්. භෝජනාගාර, රූපවාහිනි තියෙනවා. කොළඹ ඉඳන් නුවරට පැය එකහමාරෙන් යන්න හදන අය තමන්ගේ වාහනයකින්වත් ගිහින් බලන්න අඩු තරමේ මේ කෝච්චිය යන වෙලාවට වඩා පැයක් වැඩිපුර අරගෙනවත් යන්න පුළුවන්ද කියලා. කොළඹ නුවර අතර භූ විෂමතාවත් නොදන්න බව ඒකෙන් පෙනවා. අරාබියේ ඉන්න මහත්මයා දන්නෙ නැතුව ඇති සිකුරාදා හවසට නුවරටයි සඳුදා උදේට කොළඹටයි තියෙන මගී ඉල්ලුම. අනිත් එක මේක කටුනායක හෝ මාතර නෙවෙයි කොළඹ - නුවර කියල මතක තියාගන්න. මිනිස්සු දුප්පත් වීමෙයි රට සංවර්ධනය වීමේ අතර සම්බන්ධතාවක් නෑ. ඒත් දුප්පත් කමයි කම්මැලි කමයි අතරනම් ලොකු සම්බන්ධතාවක් තියෙනවා. (ස)
මෙච්චර සල්ලි දීලා යන්න සෙනග ඉන්නවද කියල අහන මිනිස්සුන්ට කියන්න තියෙන්නේ අද පළවෙනි දවසෙම සම්පූර්ණ ටිකට් පත් විකිණිලා. ඒ සේරම ආදායම එන්නෙ රජයට. අරාබියේ ඉඳන් පේන කියන රන්ජින් මහත්මයා දන්නේ නැතුව ඇති උදේට නුවරට කෝච්චි කීයක් තියෙනවද කියලා. හවස් වෙලාවට තමා කෝච්චි නැත්තේ. හැබැයි මේක පරිස්සම් කරගන්න ඕන ප්‍රයිවට් බස් මාෆියාවෙන්, උන්ට තමා මේකෙන් බඩේ පාර වදින්නේ. එහෙම අය වෙන්නත් පුළුවන් මෙතන මේක හෙලා දැකලා අදහස් කියන්නේ.(ස)
ශීලා, වරදවා තේරුම් ගන්න එපා. මේක මේ වායුසමීකරණය කරපු කෝච්චියක් විතරයි. නැවක් නෙවෙයි,අනික ටිකට් එක රුපියල් 500.(ස)
නියමයි.(ස)
අර කටුනායක කොළඹ දාපු කෝච්චිය නේද. දිරන්න ඉස්සෙල්ල මේ සැරේ වත් මිනුස්සු අවොත් හොදයි.(ස)
වැඩක් නැ.... මොන එකේ ගියත් පැය 3කට කිට්ටු වෙන්න යනවා. ඔන්න පැය 1.30 යනවනම් 1000ක් උනත් පාඩු නැ.(ස)
බස් ටිකට් එක 300 යිනෙ.(නදී)
ඔය කෝච්චිවල යන්න ලංකාවේ මිනිස්සුන්ට වත් කමක් තියේද?(නදී)
මම දැකලා නැහැ මේ කෝච්චිය (දී)
අජිත් ඔබේ ඔය ලෙඩේ හොඳ වෙන එකක් නැහැ නේද ? (ස)
වායුසමනය කරපු මාතර කෝච්චියේ පෙට්ටිය හිස්. ඕනනම් විදේශිකයන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. හැමදාම දැක්කොත් හිස්. ඕවා අපේ රටට ඔරොත්තු දෙනවද කියන එක දෙවතාවක් සිතිය යුතුයි. ඒකත් කටුනායක ඉදන් මත්තලට ප්ලේන් එකේ යනවා වගේ වැඩක්.(නදී)
අනෙක් කෝච්චි දුකේද ? (නි)
රාගම,ගම්පහ,පේරාදෙණියට අමතරව රඹුක්කන සිට නුවර දක්වා සෑම සිග්නල් කණුවක් ළගම නවත්වනවා ඇත...... (නි)
ඕකට සැප දුම්රිය කිවුවට, මොනවද තියෙන්නේ ඕකේ දැන්? විදුරු ටික කළු කරලා,ඔලුව තියන්න ඇන්දක් ගහපු ගමන් අපේ රටේ හැටියට සැප කියල තමා කියන්නේ. (නි)
සැප සැප කියලා කීවට ඕකේ අවන්හලක්,තරුපහේ බෝජනාගාරයක්, බිලියඩ් සෙල්ලම් කරන්න පහසුකම්, රුපවාහිනි,අන්තර්ජාල පහසුකම් වගේ ලොව පිළිගත් පහසුකන් තිබේද? එසේ නැතිනම් අපේ සාක්කුවට විදින වැඩක්ද? (නි)
අපි සබරගමුවේ. අපිට ඔය එකක්වත් වැඩක් නැහැ. ගමට යන්න පාරක් හදලා, කලුගග තරණය කරන්න පාලමක් හදලා දෙනවා නම් ඇති. (නි)
අජිත් නොදන්නා දේවල් ගැන කතා නොකර ටිකක් හොයලා බැලුවොත් නේද හොද? (නි)
වෙනත් රටවල් වල දැන් දුම්රියවල රියදුරන් නැහැ. ඉබේ ධාවනය වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව අගේට දුම්රිය අවැසි තැන් වල නවතා මිනිසුන් ගන්නවා. ඒ තත්වය කොහොම වුනත් මේ දුම්රියවත් හරියට වැඩ කරාවි කියලා බලාපොරොත්තු වෙමු. (නි)
මෙන්න නියම වැඩක්. මේක ඇත්තටම පුද්ගලික වාහනවල යන අයට නම් සෑහෙන්නම වටිනවා. අනිත් එක රුපියල් 500 කට මේ වගේ ගමනක් කොහෙත්ම පාඩුවක් නැහැ.බදුල්ලටත් රුපියල් 1250ක්. (නි)
චමින්ද හේරත්, රට කුඩා වුවත් ලංකාවේ භූගෝලීය පිහිටීමට අනුව කඳු, හෙල්, බෑවුම් බහුලව තිබෙනවා. පොළව පතුළේ ඇති දැවැන්ත කළුගල් ප්‍රමාණයද විශාලය. ඒක නිසා කොළඹ සිට නුවරට කෙලින් රේල් පාර සැකසීමත්, යුරෝපයේ වාගේ උමං දුම්රිය මාර්ග (ටියුබ්) තැනීමත් ඉතාම අසීරුය... (නි)
කෝච්චි පීලි පනින හැටියට මේකවත් පීලි නොපැන ගියොත් හොඳයි. (ස)
ඔය කෝච්චියේ වායු සමීකරණය හොදින් වැඩ ද දන්නේ නේ නැහැ ? මොකද ''වායුසමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමී'' ටික කාලයක් යද්දී , ''අපිරිසිදු ක්‍රියා විරහිත වායුසමනය යන්ත්‍ර සහිත නගරාන්තර සීඝ්‍රගාමී'' බවට පත් වෙන වනේ.(ස)
මොනදේ හැදුවත් වඳුරන් වැනි මිනිසුන්ගෙන් මේවා පරිස්සම් කර ගතයුතුයි... කොළඹ සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගයේ දිවෙන සුඛෝපභෝගී බස්රථවල වායු සමීකරණ වල කොටස් වඳුරන් වැනි මිනිසුන් විසින් දැනටමත් කඩා බිඳ දමා ඇත....(ස)
නුවරටත් සලකනවා ඉදල හිටලා.(ස)
හොද වැඩක්. (ස)
සුභ ගමන් (දී)
හොද වැඩක් !(ස)
දවස් කීයකටද දන්නේ නෑ? (ස)
ලංකාවෙ තියෙන හොදම ප්‍රවාහන මාධ්‍ය දුම්රිය. ඒකෙ ආයිත් කතා දෙකක් නැහැ. මම දන්න විදිහට නම් ඔය හිතාචිය නෙවෙයි. මේ අළුතින්ම මංගල උත්සව පවත්වන්න පුළුවන් පහසුකම් එක්ක ගෙන්නපු බලවේග කට්ටල දෙකෙන් 1ක් කියල තමා ආරංචිය. මේකෙ සෙනග නැති වෙන්නෙ නැහැ. හොදම දේ මේක කොළඹ බදුල්ල දාන එක. මොකද ලංකාවෙ තියෙන ලස්සනම සංචාරක මාර්ගය ඒක නිසා. (නි)
මේ කෝච්චිය උදේට කොළබින් ගිහිල්ලා හවසට කොළබට එන විදිහට සකස්කළ යුතුය. දැන් තියෙන කාලසටහනට අනුව කොළඹින් රැට ගිහින් උදේපාන්දර කොලබ එනවා. කව්ද ඔය වෙලාවට නුවර යන්නේ. මේක කාර්යාල දුම්රියක්ද ? (ස)
උදේ 8 වෙනකොට වැඩට එන්න්න දැම්මොත් නරකද එකක් ..අපිට බෝඩිම් වල දුක් විදින්නේ නැතුව උදේ හවස ගෙදර යන්න පුළුවන් ..ඒ සි නැති උනාට කමක් නෑ..(ස)
හරිම සතුටක්.(ස)
නියමයි ...නියමයි ...
අනේ ....කොළොඹ ..මාතරත් ඒ වගේ කෝච්චියක් දමන්නකෝ.(ස)
කොළොඹ-මීගමුවටත් වායු සමනය කල දුම්රියක් ලබා දෙන්න. උදේ 8-ට සවස 5ට. (ස)