සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ අල් කොබාර් ස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ සිංහල භාෂා අංශය සංවිධානය කළ ‘‘සොඳුරු රාත්‍රියක මිතුරු හමුව‘‘ අධ්‍යාත්මක සංස්කෘතික සහ විනෝද වැඩසටහන පසුගිය බ්‍රහස්පතින්දා අල් කොබාර් ලුලු සංකීරණණ පරිශ්‍රය අසල උපාසයෙන් මිදිම සඳහා වු කඳවුරේදි පැවැත්විණි. රාමසාන් උපවාස මාසයට සමගාමීව මෙම වැඩ සටහන පැවැත්විණි. මෙහි තේමාව වුයේ මතට තිත, දුම්බීම නවතමු සහ දුරාචාරය යන්නියි. විවිධ විනෝදාස්වාදය ගෙන දුන් විනෝදකාමි වැඩ සටහන් වලින් සමන්විත වූ මෙම සොඳුරු රාත්‍රියට කථික තරගය, අංක මාරු කිරීම, ඇතුළ සංස්කෘතික අංගයන්ගෙන් සමන් විත විය. ඉස්ලාම් දහමෙන් මිනිසාගේ ජීවිතය පරිතන වන්නේ කෙසේද යන්න ගැන විශේෂ දේශනයක් ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමය් ප්‍රතිචාර නැති එක ගැන. (අ)
සෆික්,බහරේන් අග නගරය මනාම සිට කුවේට් අගනගරයටම ,ඔබේ ගමන් බලපත්‍රය එම රටවල ඇතුළුවීමට වලංගු වීසා ඇතිනම් ,පරිගණක ජාලය ක්‍රියාත්මක නම් සෞදිය හරහා සාමාන්‍ය දිනකට ගතවන්නේ උපරිම පැය 5ක් පමණයි .මා මේ කිවුවේ ආගමන විගමන කවුළු හතරේ හා කස්ටම් පරීකෂණ ස්තාන දෙකට වැයවන කාලයත් සමගයි. (නි)
චන්දි ඔව් මට විතරක් නෙමෙයි, සෞදි වැඩකරන අයට ගොඩක් අසාදාරන වෙනවා (නි)
හොඳ දේවල්වලට ප්‍රතිචාර දක්වන අය ලෝකේ ඉතාම ස්වල්ප දෙනයි ඉන්නේ. ඕනේ නැති බහු බූත වලට අදහස් එකතු කරන්න බොහෝ කට්ටිය ඉන්නවා. (අ)
හොඳ දේවල්වලට ප්‍රතිචාර දක්වන අය ලෝකේ ඉතාම ස්වල්ප දෙනයි ඉන්නේ. ඕනේ නැති බහු බූත වලට අදහස් එකතු කරන්න බොහෝ කට්ටිය ඉන්නවා.(අ)
හොඳ දේවල් වලට කට්ටිය කව්රුවත් කැමති නැහැ අද කාලේ නරකට සහය දේ (අ)
කෝ අප්පා ඔය ප්‍රතිචාර දාන කට්ටිය? (අ)
සෞදි අරාබියේ මමත් කාලයක් සේවය කළා. ගැට එමටයි. ලංකාවේදී නොකරන පිටදී කරන මිතුරුකම් ගැන අවදානයෙන් (නි)
සුභ පැතුම්! (නි)
සහබාගි වුනාට කමක් නැහැ. ඒත් බුද්ධිමත්ව. පෙනෙනදේට වැඩියෙන් නොපෙනෙන දේ බොහොමයි (නි)
පසිස්සමින්....අවදානයෙන් (නි)
මට පව් කියලත් හිතෙනවා (නි)
මිතුරනි, පරිස්සමින්. (නි)
මමත් ඉන්නේ සෞදි. මම සේවය කරන සමාගමේත් මේ වගේ දෙයක් පැවැත්වුවා " ශ්‍රී ලන්කන් නයිට් " කියලා. මේ ආකරයටම වෙනත් විදේශිකයන්ටත් මේ වගේ දේශන පවත්වනවා. ගොඩක් පිලිපින් ජාතිකයන් එනවා (නි)
"ඉස්ලාම් දහමෙන් මිනිසාගේ ජීවිතය පරිතන වන්නේ කෙසේද යන්න ගැන විශේෂ දේශනයක් ද පැවැත්විණි." තවත් මොනවද තිබුණු දේශන? (නි)
මත්පැන් නැති මිතුරු හමුව මොනවටද වීරිසිරි. අඩියක් ගැහැව්වේ නැත්නම් වැඩක් නැහැ.(නදී)
මේකට විරුද්ධ අදහස් දාන නිවට සිංහලයාගෙන් ඉල්ලන්නේ ඔවුන්ගේ සැබෑ ජාතිවාදය හොදින් තේරුම් ගෙන තමාගේ හෙට බිහිවන සිංහල දරුවා වෙනුවෙන්වත් රට රැකගන්න දායකවෙන්න කියලයි. (නි)
මත්පැන් බිවුවහම නැතිවෙන්න ජීවිතය. ඒත් අනවශ්‍ය මිතුරන් නිසා සංසාරයේ ගෙනාපු පුරුද්දත් නැතිවෙන්න පුළුවනි (නි)
ටෙනිසන්, බොරු කියන එපා හොදේ (නි)
සුභ පැතුම්! (නි)
"හෙළ බස රකිමු" කියලත් දේශනයක් තිබුණා නම් අපි සතුටුයි. (නි)
මොහොමඩ්,මම දන්නවා ඔයා දියයටින් ගින්දර ගෙනයන කෙනෙක් කියලා. (නි)
මේකට විරුද්ධ අදහස් කිව්වේ මේ අරාබි උත්සවයට විරුද්ධ අදහස් නොවෙයි.අපේ සමහර අයගේ ජාතිමාමක අදහස් වලටයි. (නි)
ටෙනිසන්, බහරේන් වලට විතරක් නොවේ මැදපෙරදිග රටින් රටට වාහන වලින් සංචාරය කරන විශාල පිරිසක් ඉන්නවා. මැද පෙරදිගින් තරමක් නීති තද කුවේට් සහ සෞදි ගත්තත් පිට රට වාහන තියෙනවා. දිනක් මම සෞදි ඉදලා කුවේට් එන්න දේශ සීමාවේ පැය 7ක් හිටියා. (නි)
මොහොමඩ්, ඔහෙලට මත්ද්‍රව්‍ය හරාම්. අපිට හලාල්ද? (නි)
මිතුරු හමුව කිවුවට මට න්ම එහෙම එකක් පෙනෙන්නේ නැහැ (නි)
ඉම්රාන්,රිෂාර්ඩ්, ඔහේලා ශ්‍රී ලාංකිකයොද?බොරුවට කිව්වට එහෙම නම් නැහැ වගේ. (නි)
අපි හැමදේ ගැනම හොදට දන්නවා. (නි)
අපි අවුරුදු 2500ක් එක යුද්ධයක් වත් පැරදිලා නැහැ. සාධාරනයෙනුයි අපි දිනලා තියෙන්නේ. (නි)
අනේ අපිත් හොදට දන්නවා (නි)
වීර, දෙමල රජවරුන් අවුරුදු බොහෝ ගණනක් ලංකාවේ රජ කලාද? බටහිර ජාතීන් අවරුදු 450 රට පාලනය කලා. (නි)
අපි නොදන්නා සෞදිය. මම කියන්නේ එක දෙයයි. මෙහෙ ආවොත් තමුන්ගේ රැකියාව ප්‍රවේසමෙන් කරලා රටින් පිටවෙන එකයි හොදම දේ (නි)
සතුරා වෙසින් එන සතුරාට වැඩියෙන් මිතුරා වෙසින් එන සතුරා බයානකයි (නි)
මොනවා වුනත් හොද දේවල් වලට අපිත් කැමතියි (නි)
ප්‍රතිචාර නැති එකට ඇයි දොස් කියන්නේ. මෙහි ප්‍රතිචාර දාන අය සෞදියේ වෙන දේවල් ගැන නොදැන කොහොමද ප්‍රතිචාර දමන්නේ. සිංහල මාධයයෙන් කෙරෙන ඔය වැඩ සටහන සෞදියේ විතරක් නෙවෙයි මැද පෙර දිග හැම රටකම කෙරෙනවා. පෙනුමට බොහොම හොද වැඩක්. නමුත් පරමාර්ථය ඉදුරාම වෙනස් දෙයක්. ඇත්තටම සෞදියේ ඕක කරන්න ඕන සිංහලෙන් නොවෙයි අරාබි භාසාවෙන් අරාබි ජාතිකයන්ටමයි. ඇයි දන්නවද මම එහෙම කිව්වේ. බ්‍රහස්පතින්දා දහවල් 12 පසු බහරේන් දේශ සීමාවට ඇතුල්වෙන්න අවම පැය 4ක් යනවා. ඇයි මේ යන්නේ මැද පෙරදිග තිබෙන නිදහස්ම රට. සුරාසල් ගනිකා මඩම් විවෘත වෙළද පොල.(නදී) .
ටෙනිසන් - ලංකාවේ අය බොහොමයක් ඉන්නවා සල්ලි හම්බ කරලා දරු පවුල හොඳින් රක බලාගෙන ඉන්න කට්ටිය. ඔයාට මේවා විතරක්ම ඕනේ නම් බහරේන් නොවේ මෙක්සිකෝ වලට හරි ගිහින් ආශාවන් ඉටු කර ගන්න පුළුවන්. හැම වෙලේම ඔලුවේ තිබෙන්නේ මේවා තමා නම්. (අ)
අදහස් දාන අයනම් ඉන්නවා ඒ මොනවා ලියන්නද කියලා හිතා ගන්න බැරි උනා. හැබැයි රසිකට නම් මොකක් හරි ලොකු අකරතැබ්බයක් වෙලා තියෙන බව නම් හොදට පෙනෙනවා (නයි කයිද රෝස පාන් ).(නදී)
ඵස්රූල් ගෆූර්, කවුද කිවුවේ අපේ මිනිස්සු බහරේන් යනවා කියලා. මගේ අදහස් හොදින් කියවන්න තේරෙන්නෙ නැතිනම් කාගෙන් හරි අහගන්න.මම මැදපෙරදිග රටවල් හැම එකකම මගේ රාජකාරී සදහා යනවා. ඒකය් මම දන්නේ. බ්‍රහස්පතින්දා හවසට බහරේන් ජාතිකයොත් එලියට යන්න අකමතියි .පාරවල් පුරවලා කුවෛට්, සෞදි ,කටාර් ,ඕමාන, සහ එක්සත් අරාබි වාහන පිරිලා. කොන්ත්‍රාත් පදනම මත එන පාරිබෝගිකයෙකුට මිස හෝටලයක කාමරයක් ගැනීම බොරු. (නි)
අපි සෞදියේ ඉඳල තමා අපේ එදිනෙදා පවුලේ වැඩ කටයුතු කර ගන්නේ 1991 ඉඳලම. සෞදිවල කියන තරම් ලෙහෙසි නැහැ වැඩ කරන්න මෙයාලත් එක්ක. ඒ වගේම සෞදිවල වෙන දේටත් වඩා අනිකුත් රටවලත් ප්‍රශ්න තියෙනවා. ලංකාවේ නැති දෙයක් නෙමෙයි සෞදිවල හෝ අනිත් රටවල් වල වෙන්නේ. අපිට කතා කිරීම අයිතිය තිබුනට අපි දිනා ගත්තු දෙයක් නම් නැහැ. ලාංකිකයෙක් වෙලා අවුරුදු 21 කම ලංකාවට මම විදේශ විනිමය ගෙනවිත් දෙනවා එහෙත් මෙතන වීර කතා කියන කිසිම කෙනෙක් ගෙන් අපි තරම්වත් රටට සේවයක් වෙනවද කියන එක නම් අවිනිස්චිතයි. ලංකාව ඉන්න අයට වැටහෙන්නේ නැහැ ලංකාවේ අය කරන වැරදි හා උප්පරවැට්ටින්. (නි)
වීරේ, අපි නම් අදත් හෙටත් මැරෙනතුරු ශ්‍රී ලාංකිකයන්. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙත් අද මහා ලොකු ශ්‍රී ලාංකිකම් පෙන්නලා ජාතිවාදී හැගීම් අවුස්සලා චන්දෙ අරගෙන ලංකාවට හා බහුතර සිංහල බෞද්ධයාට ද්‍රෝහිකම් කරන්නේ කළු සිංහලයන්. අමු අමුවේ තරාතිරම් නොබලා මනුස්ස ඝාතන කරපු කොටියන් රකින්නේ කව්ද? ඔය මහා ලොකුවට ලාංකිකම හා සිංහලකම ගැන කතා කරන සිංහල කළු සුද්දෝ නොවේද? (නි)
මේ රෑ මොන සොඳුරු පාටිද අනේ...! ඒත් පුදුම වියලි දවසක වුනත් හිනාවෙන්න ගන්න වෑයමට අපෙන් ආචාරය මිතුරනි. (නි)