ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ හයවැනි උපාධි ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කුලපති ආචාර්ය පණ්ඩිත් අමරදේවගේ ප්‍රධානත්වයෙන් අද පැවත්විණි.
සෞන්දර්ය උපාධිධාරීහු 384 දෙනකු ද පශ්චාත් උපාධිධාරීහු දෙදෙනෙක් ද උපාධි ලදහ.
මෙරට කලා විෂයන්ගේ පෝෂණය උදෙසා අපිරිමිත සේවයක් සිදු කරමින් තම ජීවීතය කාලයම කලා කටයුතු නැන්වීම සදහා කැප කළ සුවිශේෂි කලාකරුවෝ විශේෂ සම්මාන ආචාර්ය උපාධිය ලදහ.
මහාචාර්ය ඈෂ්ලි හල්පේ මහතා සාහිත්‍ය ශූරී සම්මාන උපාධීය ද සෝමලතා සුභසිංහ මහත්මිය දර්ශනසුරී සම්මාන උපාධීයද ලදහ.සෝමලතා සුභසිංහ කලාවේදීනිය මේ අවස්ථාවට එක් නොවිණි.
උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ ,උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරදේවවාණන් පළමු ගීය ගායනා කරන වෙලේ හිතුවාද අනාගතයේ යම් දවසක මෙවන් උත්තරීතර තනතුරකට පත්වේවි කියා. මේ උත්සාහය හා කැපවීම නවක ගායකයින්ට මහඟු ආදර්ශයකි. (දිල්)
ආස හිතෙනවා (අ)
උපාධි ගත්තට රස්සා නැති එක තමා ගැටළුව. (ත)
මේ ලලිත කළා උපාධි ගත්ත අයගෙන් 1%කටවත් වේදිකාවක සින්දුවක් කියන්න නැටුමක් නටන්න බෑ. ඒකට පෞරුෂයක් ආත්ම විශ්වාසයක් නෑ. මෙයාලට හරියන්නේ ගුරු පත්වීම් විතරයි. (නදී)