ටෙලි නාට්‍ය නරඹන බොහෝ දෙනා දැන් වැඩිපුරම කතා වෙන්නෙ සිඳු නාට්‍යයේ සිඳු සහ පොඩි හාමුදුරුවන්ගෙ චරිත රඟපාන ළමා නළුවන් දෙදෙනා ගැන.
දැන් මේ ළමා නළුවන් දෙදෙනා ගැන හැමෝම බොහෝ දේ කතා කරද්දී අප සූදානම් වෙන්නෙ මේ දෙන්නගෙ අම්මලා දෙන්නා එක්ක කතා කරන්නයි. අධ්‍යක්ෂණයෙන්, සමන් එදිරිමුණිගෙ රචනයෙන්, තිළිණ බොරලැස්සගෙ නිෂ්පාදනයෙන්, ජානක සිරිවර්ධනගෙ නිෂ්පාදනයෙන් නිර්මාණය වී දෙරණ නාළිකාව ටෙලිනාට්‍ය පේ‍්‍රක්ෂකයින්ට තිළිණ කළ මේ ”සිඳු” හැඩකරන ළමා නළුවන් දෙදෙනා ගැන ඔවුන්ගේ අම්මලා දෙදෙනා අපට කියන්නෙ මොනවද බලමු.
වැඩියෙන්ම කැමැති පූසන්ට නෙවෙයි කුරුල්ලන්ට
චතුරිකා ප‍්‍රියංගනී (සිදු පොඩි හාමුදුරුවන්ගේ චරිතය රඟපාන කවීෂ් විහඟගේ මව)
එයා වැඩිමලා. එයාට තව මල්ලි කෙනෙක් ඉන්නවා.
කවීෂ්ගෙ හැකියාවන් හඳුනා ගත්තෙ කොහොම ද?
මෙයාගෙ පෙර පාසලේ ටීචර් තමයි මුලින්ම ප‍්‍රසංග හරහා එයාව කලාවට යොමු කළේ. පෙර පාසලේ ප‍්‍රසංගයකදී රංග ශිල්පී ආනන්ද අතුකෝරළ මහතා අමුත්තකු ලෙස පැමිණ සිටියා. එදා පළමු වරට අනාවැකි පළකළේ ඔහුයි. ”මෙයා කවදාහරි දක්ෂ නළුවෙක් වෙයි” කියලා කිව්වා.
එදා එහෙම කිව්වේ කවීෂ් මොන වගේ දෙයක් කළ නිසා ද?
කවියෙන් විස්තර කළ දේ මෙයා මුහුණේ ඉරියව්වලින් හරි අපූරුවට රඟපාලා පෙන්නුවා. එදා හැමෝගෙම ප‍්‍රශංසා මෙයාට ලැබුණා.
එයා වැඩිපුරම කැමති මොනවට ද?
කලා අංශයට තමයි වඩා දක්ෂ. ඒක එයාගෙ හඳහන බැලූවාමත් ප‍්‍රකාශ වුණා. හැබැයි මෙච්චර ඉක්මණට මේ විදියට ජනප‍්‍රිය වේවි කියලා නම් හිතුවෙ නැහැ.
මේ ගෙවී ගිය කාලයේදී කවීෂ් ගැන ඇති ලොකුම මතකය ගැන කිව්වොත්?
දැන් කවීෂ්ගෙ වයස අවුරුදු 6යි. මේ වෙනකොට එලෝකි්‍යුෂන් විභාග 5කට ගිහින් පදක්කම් පහම ගත්තා. ඒ පන්තියෙ පළමු වැනියා එයා. ඒ හැකියාව අගය කරන්නම වෙනවා.
ගෙදරදී කවීෂ් වැඩිපුරම ආස මොනවාට ද?
නිදහසේ එයාගේ පාඩුවේ ඉන්න ආසයි. රිමෝට් එකෙන් කරන වැඩ කරන්න හරි ආසයි. විනෝදාංශයට කරන්නේ සීයා එක්ක එක්කෝ සරුංගල් අරින්න යනවා. නැත්තම් සීයා එක්ක සයිකල් පදින්න කැමතියි.
මොනවගේ අරමුණක් ගැන ද එයා කතා කරන්නේ?
එක එක කාලවලදි එක එක දේ කියනවා. ඒත් වැඩිපුර ආසාව තියෙන්නේ වෛද්‍යවරයකු වන්නයි. හැබැයි වාහන සෙල්ලම් කරද්දි මම වාහන හදන කෙනෙක් වෙනවා කියලා කියනවා. ඉංජිනේරුවෙක් වන බවත් කියනවා.
ඔබ වඩා කැමති ඔහු මොන වගේ අංශයකට යනවාට ද?
දරුවා කැමති දේට ඉඩදීම අපේ කැමැත්තයි. අපේ බලකිරීමක් නැහැ. එයා ඉගෙන ගන්නෙ පනාගොඩ ශ්‍රී පරාක‍්‍රම විද්‍යාලයේ එක වසරේ. දරුවා කැමති දේ කරන්න අපි ඉඩදීලා තියෙන්නෙ.
‘සරණ’ වගේ පූසන්ට කැමති ද?
නැහැ. එයා වැඩිපුරම කැමති කුරුල්ලන්ට. කුරුළු පිහාටු එකතු කරන්න ආසයි.
එයාගෙ හොඳම ගුණය ලෙස දකින්නෙ?
අපි යමක් ගැන වටහලා දුන්නාම, කියලා දුන්නාම, ඒ විදියටම එයාට එය කරන්න පුළුවනි. ඒක විශේෂ දෙයක්.
නරක දේ?
අපේ මතයට වඩා එයාගෙ මතය ගැන අහනවාට තමයි එයා කැමති.
සිංදු අහන්නත් කියන්නත් හරිම කැමැතියි
දිනූෂා මධුෂානි (සිඳු චරිතය රඟපාන) නෙත්ම ආකාෂ්මිකගේ මව
පුතාව මේ සිඳු චරිතයට තෝරාගත් විදිය කිව්වොත්?
පුතා රඟපාන දෙවැනි නාට්‍යය තමයි සිඳු. ඊට පෙර සෙල්ෆි කියන නාට්‍යයේ හිටියා. ඒකේ රූගත කිරීම් අතරතුර මේ සිඳු කණ්ඩායමේ හිටපු මංජුල මහත්තයා තමයි මේ හමුව ඇති කළේ.
එයා රඟපෑමයි, පාසල් වැඩ කටයුතුයි සමබරව කරනවා ද?
අපොයි ඔව්. කිසිම විදියකින් අධ්‍යාපනයට බාධාවක් කරගෙන නැහැ. දැනට න්‍ඵක් ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්නෙ.
මෙයා විතර ද දරුවන්ට ඉන්නේ?
තව දියණියක් සිටිනවා. මේ පුතා වැඩිමලා.
දැන් කී වැනි වසරේ ද සිටින්නේ?
හතර වසරේ.
වැඩිපුර දක්ෂ?
ගණිතයට සහ ඉංග‍්‍රීසි විෂයටත්, විද්‍යාවටත් දක්ෂයි.
මේ නාට්‍යයේ මෙතෙක් කළ රූගත කිරීම්වලදී මුහුණ දුන් සිදුවීම් ගැන ඔබගෙ මතකය මොන වගේ ද?
මේ සිඳු නාට්‍යයේ එක් අවස්ථාවකදී පාරේ සිඟමන් යදිමින් යන අවස්ථාවකට මුහුණ දෙන්න තිබුණා. ඒකට බොහොම අකමැත්තෙන් තමයි එයා මුහුණ දුන්නෙ. ඒ ගැන මතක් කරනවටවත් එයා කැමති නැහැ.
ගෙදරදි පුතා මොන වගේ චරිතයක් ද?
දඟයි. හැබැයි හරි හොඳ ගතිගුණ තියෙනවා. ලොකු ඉල්ලීම් කරන්නෙ නැහැ. ෆ‍්‍රයිඞ් රයිස්වලට ආසයි. වතුර තියෙන තැන්වලට යන්න වගේම, නිස්කලංකව ගත කරන්න පුළුවන් තැන්වලට යන්න කැමතියි. සිංදු අහන්න එහෙමත් හරි ආසයි. මේ දිනවල ”සිඳු” තේමා ගීතය ගෙදරදි කියනවා.
එයාගේ හොඳම ගුණාංගය?
මගෙ මහත්තයා සේවය කරන්නෙ විදේශයක. මට අසනීපයක් එහෙම වුණාම මගේ වැඩ ටික කරලා දෙනවා. පොල් ගාලා දීලා පවා තියෙනවා. මේ ළඟදි මට උණ හැදිලා හිටියා. මම සෝදපු රෙදි ටික වේලල නවලා ගේ අස්පස් කරලා අතුගාලා පවා තිබුණා. ගෙවල් අස්කරන එක හොඳට කළා. මම අසනීප වුණාම මං ගැන හොඳටම බලන්නෙ මගෙ මහත්තයාට පස්සෙ මගෙ පුතා. ගෙදර ඕනෑම වැඩක් කිව්වොත් මට කරලා දෙනවා.
ගෙදරට කියන නමකුත් තියෙනවා නේද?
ෂෙවාන් කියලා අපි කියන්නේ.
එයාගේ අරමුණ?
විද්‍යාඥයකු වෙන්න ඕනෑ කියලා තමයි කියන්නෙ. රඟපෑමත් කරන අතරේ එයාගේ එකම අරමුණ විද්‍යාඥයකු වීමයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සිඳුයි, පොඩි හාමුදුරුවොයි ගැන අම්මලා කියන කතා