මත්තේගොඩ සඳුන් පුරයේදී මවක සිය දරුවා දහම් පාසැලට ඇරලවා ගෙදර එමින් සිටියදී කපා කොටා මහ පාරේදී මරා දමා ඇතැයි පොලීසිය කියයි.
බිරිඳ මරා දැමීයැයි කියන ත්‍රීරෝද රථ රියදුරකු වන සැමියා වස ශරීර ගත වී මිය ගිය බව පොලිසිය කියයි.
ඝාතනයෙන් පසු ඔහු වස බොන්නට ඇතැයි සැක කෙරේ.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
(ඡායාරූප මුදිතා දයානන්ද)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කැමතියි ෂරියා නිතිය ලංකාවේ නීති ගත කරනවා නම්. මේ යන අපරාද රැල්ල නැති කරන්න සිංගප්පුරුවේ මලයාසියාවේ, සෞදියේ වැනි නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ.(නදී)
පවු අර අහිංසක දරුවට දැන් කාගේ පිහිටක්ද ? දැන් අපේ රට ශ්‍රී ලංකාව නෙමෙයි චි ලංකාව වෙලා.එල්ලුම් ගහ මුල් ඇදල දලුත් ඇවිල්ල මාරයාගේ ගෝලෛන්ට නින්ද ගිහිල්ල. (ස)
මේ වගේ දේ ට ප්‍රදාන හේතුව නම අපේ රටේ ගැනු සහ මිනිස්සු තමන්ගේ සහකරු/සහකාරිය ට ඕනෙවටත් වඩා බැඳීම. එකේ හොඳකුත් තියෙනවා, නමුත් දැන් දැන් වැඩිපුර ඉස්මතු වෙන්නේ නරක පැත්ත. තමන් ආදරය කල කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු උනොත් උන් දෙන්නම මරල දානවා, බැඳපු අයත් ඔය වගේ ම තමය. අපි අපේ සංස්කෘතිය පැත්තෙන් හිතන කොට වෙන රටවල තියෙන විවාහ නොවී එකට ජීවත් වීම, විවාහයට කලින් සම්බන්දත ගණනාවක් ඇති කර ගෙන නවත්ත දැමීම වැනි දේ ට දොස් කීවත් ඒ මිනිස්සු අතර මෙවැනි පලි ගැනීම් අවමය්. අකමැති නම් වෙන් වුණා, එච්චරයි. මෙහෙ වගේ මරා ගන්නේ නැහැ. (අ)
හොරු මිනීමරුවෝ මංකොල්ලකාරයෝ රජ කරනවා (නදී)
අද දවසේ ඔන්න මම කියවපු පළමු පුවත ..මොනවද මේ වෙන්නේ අපේ ලංකාවට?හැමදාම මිනිමැරුමක්. පව් අහිංසක ජීවිත.(නදී)
කව්රු කෙසේ කීවත් සිතා මතා කරනු ලබන මිනිස් ඝාතනය නැවතීමට ඇති එකම විසදුම මරණිය දඬුවම.(නදී)
බහුතර සිංහලයින් කරන්නෙම මෙහෙම වැඩමයි (නි)
ඕවා ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? තමුන්ගේ දරුවට යන කල බැලුවේ නැහැ, එපා නම් අත්හරින්න එපැයි. මොකක්ද ලංකාවට වෙන්න යන්නේ? හැමදාම මිනිමරනවා, නීතියක් නැති රටක්. මැදපෙරදිග නීති ගෙන එන්න, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගෙයි ලංකාව, (නි)
තව ගොඩක් අය කපල කොටලා මැරුවට පස්සෙද එල්ලුම් ගහ ගේන්නේ? (නදී)
මිනි මරපු අයට ඇපදීම තමයි මෙහෙම වෙන්න හේතුව. මිනී මැරවත් සති දෙකෙන් කොහොම හරි ඇප ගන්නවානේ.(නදී)
මිනිසා තිරිසන් වී ඇත. සතා සිවුපාවුන් වත් මේ අයුරින් තම ජාතිය විනාශ කරගන්නේ නැහැ. මොකක්ද මේ මින්සුන්ට වෙලා තිබෙන්නේ? බිරිඳ මරා දමා තමා වස පානය කර ඇත? දහම් පාසලට ගිය දරුවාගේ අනාගතේ? මේ නරුමයින් මොකටද කසාද බැඳලා දරුවන් හදා ගන්නේ? නීතිය හා දඩුවම් පිලිබඳ ගැටළු කවදාද විසඳෙන්නේ? වහාම ශරීය නීතියක් වගේ නීතියක් අපේ රටට අවශ්‍ය වෙනවා. පාලකයිනේ අවදි වෙයව්.(නදී) .
සිංහල රටකට ඇයි වෙනත් ආගම්වල නීති.(නදී)
මේ මාසෙම මිනි මැරුම් රිය අනතුරු වැඩි වෙලා .බොහොම පරිස්සමෙන් ජිවත් වෙන්න ඕන කාලයක් (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු අර පොඩි එකා දැන් අනාතවෙලා නේද? මෝඩ හරකෙක්. මේ වගේ මිනිස්සු ලංකාවේ ඉන්න හින්ද තමයි ලංකාවේ ප්‍රශ්න තියෙන්නේ. ගත්ත හැම දේකටම ගහල මරල දාල ප්‍රශ්න විසදගන්ඩ හදනවා. අන්තිමේට ප්‍රශ්න ගොඩක් මතුවෙනවා විතරයි.(නදී)
හොරු මිනීමරුවෝ මංකොල්ලකාරයෝ ස්ත්‍රී දුෂකයෝ තමයි රටේ රජ කරන්නේ.(නදී)
පොඩි දරුවට අම්මත් නැහැ, තාත්තත් නැහැ .කපල කොටලා මරණ එක දැන් හරි සරල දෙයක් වෙලා. හැමදාමත් පිරිත් කියන රටේ බන ඇහෙන රටේ මිනිස්සු සත්තු වගේ හැසිරෙන්නේ ඇයි.(නදී)
ඕන මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අතීතයේත් ඔවැනි දේවල් සිදු වුනා. මතකද අංගුලි මාල කි දෙනෙක් මැරුවද? (නදී)
අම්මෝ!වැරදිලාවත් අපේ ලංකාවේ මිනිසුන්ට නිකමටවත් කියන්න එපා, හොඳයි බලාගමුකෝ කියලා.හවස් වෙනකොට ගෙදරටම ඇවිල්ලා මරලා යනවා (නි)
රටට වෙලා තියෙන විනාශය? (නදී)
සමාජයක් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් හා දේශපාලනික වශයෙන් පිරිහීමට ලක්වු විට මෙවැනි දෑ ඉතා සුලභව දැකීමට හා ඇසීමට ලැබේ. ශ්‍රී ලංකාවේ දැන් යුක්ති සහගත පුරවැසියන්ගේ විශාල පිරිහීමක් දක්නට ලැබෙන නිසා මෙවැනි දෑ සිදුවීම ස්වභාවිකයි. මානසික වශයෙන් පුර්වැසියන්ව ගොඩනැගීමට පාලකයින් ක්‍රියා කල යුතුය. එමෙන්ම අධ්‍යාත්මිකව තම අනුගාමිකයින්ව ගොඩ නැගීමට ආගමික නායකයන්ද ක්‍රියා කළ යුතුය. මේ ලක් මව මේ විනාශයෙන් ගලවා ගන්න පුළුවන් කාටද? (නදී)
මේනකා සහෝදරියගේ කීමට මමත් එකගවෙනවා. මේ සිද්ද වෙන දේවල් වලින් නම් පෙනෙන්නේ කෙතරම් පිරිත් කිව්වත, බණ කිව්වත් මිනිසුන්ගේ ජීවිත වලට හොදක් වෙන්නේ නැත්තේ ඇයි කියන එක මටත් දැන් ලොකු ගැටළුවක්.(නදී)
රටට ගිය කලක් මේ සැම දේටම මුල මිනි මරන්නන්ට ඇප දීමයි. නීතියේ හිස් තැන් ප්‍රයෝජනයට ගනිමින් ඇප ලබති.(නදී)
නිමල් ලලිතා, මිනි මැරුම් නැවත්වීමට තියෙන එකම විසදුම මරණීය දඩුවම වෙන්නේ කොහොමද? මේ වගේ තත්වයකදී. ඔය මිනී මරුවාත් කැමත්තෙන්ම සියදිවි හානිකරගෙන තියෙන්නේ.(නදී)
ගෆ්රුල් කටාර් සියයට සියයක් නෙමෙයි සියයට දෙසීයක් ඔබ සමග මම එකගයි. .දැන් බබාල වගේ හිතන්න ගියොත් තව ලොකු විනාශයක් වෙනවා. සරියා නීතිය ක්‍රියාත්මක කිසිම රටක මේ අපරාද වෙන්නේ නැහැ මේ තරන්. සරියා නීතියම නෙමෙයි හැබැයි මිනීමරුවට මරන දන්ඩනය දෙන්න ඕනේ. ඒක ජීවිතාන්තය දක්වා හිර දඩුවමක් නොවිය යුතුයි.(නදී)
මිනීමැරුම් සොරකම් දුෂණය හදිසි අනතුරු සහ ලොකු ලොකු අයගේ පුරාජේරු බේගල් කතා වලින් නම් සංවර්ධනය වෙලා තියෙනවා. මේවාටද අය වැය හදන්නෙ?රටේ තාමත් මේවා අගය කරන අය ඉන්නවනෙ. (නදී)
මේ සිදුවන අපරාධ වර්ධනයට සෘජුව හෝ වක්‍රව රටේ පාලනය කරන්නන් වගකිව යුතුය. මිනිසුන්ට තමන්ගේ ජීවන වියදම වැඩි වන විට හා ඊට සාපේක්ෂව තමන්ට ලැබෙන වැටුප නොගැලපෙන විට පවුල් සංස්ථාව බිදී යනවා. ඒ හා සමානව අපේ ධර්මය පෙන්වා දෙන ආගමික නායකයන් ආර්ථික වාසි බල පොරොත්තු නොවී දේශපාලනීකරණය නොවී සත්‍ය දේ සත්‍ය ලෙස ජනතාවට කියා දිය යුතුය. (නදී)
අබී - මෙතන තමා අපි වරද්දගෙන තියෙන්නේ. "සිංහල රටකට ඇයි වෙනත් ආගම්වල නීති" මම ලියල නැහැ ශරීයා නීතියම කියලා. ඒ වගේ එකක්. හනික වෙනත් රටවල් වලින් ආධාර, විදේශ විනිමය හා ඉන්ධන වගේ දේවල් ලබාගන්න පුළුවන් නම් අපරාධ මඩින්න නීතිය කොපි කලාම් තිබෙන වරද මොකක්ද? ඒ නීතියම ක්‍රියාත්මක කරන්නෙපා. නමුත් ඒ නීතිය පිලිබදව අපේ නීතිපතිවරුන් අවශ්‍ය සංශෝදන එකතු කරලා වහා ක්‍රියාත්මක කිරීම. එච්චරයි. අනුන්ට ඇනුම් පද කියා කියා ඉන්න නිසා තමා අද අපි මෙහෙම ඉන්නේ. (නදී)
නිමල් ලලිතා සහෝදරිය, ඔයා මේක හරියට කියවලා නැහැ මම හිතන්නේ. ඔයා කියන විදියට කාටද මරණ දඩුවම දෙන්නේ? හැම ජීවිතයක්ම තමන්ගේ ජීවිතේ වගේවටිනවා කියලා හිතුවා නම් මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් යහපත් සමාජයක් හැදෙනවා.(නදී)
හොරකම් කරලා මුහුණ වැසුණු හෙල්මර්ට් දාගෙන බීරිලා යන නිසා ලංකාවේ පොලොසියෙන් මුහුණු අර්වරණය කල හෙල්මට් තහනම් කල වගේ හොදට කැපෙන මාන්න පිහි ලංකාවෙන්ම තහනම් කරලා දැම්මනම් ඔය වගේ කපල කොටලා කරන මරණ ලංකාවේ සිදු වීම අඩු කර ගන්න තිබුන.(අ)
අබී, ගෆූර්ගේ අදහස හරියට තේරුම් ගන්න, ඔහු කියන දේහි ඇති අන්තර්ගතය ගන්න, මෙතන ජාති ආගම් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ, මනුෂ්‍යත්වය ගැන ප්‍රශ්නයක්. මනුස්සයා තිරිසනාටත් වඩා පිරිහිලා.(අ)
දෙමාපියන්ගේ වැරැද්දෙන් අහිංසක දරු පැටියෙක් මේ ලෝකයේ තනි වුණා.ඒ දරුවා රැකබලාගන්නේ කව්ද අම්මා තාත්තා වගේ. (නි)
අබී 2013-11-24 10:56:54 සිංහල රටකට ඇයි වෙනත් ආගම්වල නීති, සිංහල රටේ නීතියක් තියෙන්න එපායැ අබී ? හැමදාම මිනීමැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ. රටක් කියන්නේ නීති පද්ධතියක් තිබිය යුතුයි. රජ කාලේ නීති නැහැ සුද්දෝ බලෙන් මුළු ලෝකෙටම පටවපු නීති ලංකාවේ නැහැ. මෝඩ විදිහට කතා කරලා වැඩක් නැහැ. හැගීම්බරව කතා කරලත් තීරණ අරනුත් තමයි ලංකාව අවුරුදු 65 ක්ම ආගාදයට ගියෙත් යන්නෙත්. (නදී)
පිරිත් කියලා, බණ කියලා හොදක් වෙන්නේ කොහොමද? පන්සිල් පද පිළි පදින්නේ නැත්තම්. ආගමක් අවශ්‍ය වන්නේ මිනිසාට යහ මගක් පෙන්වීමටයි. වරද කොතනද.?පිලිතුරූ සොයන්න.(නදී)
අපි තවත් පාලකයන්ට කියලා වැඩක් නෑ. හරියට බිරි අලින්ට වයනවා වගේ. කෝ කාටද දුන්නේ දඩුවමක් හරියට. එකෙක් මැරුවත්, දහයක් මැරුවත් ඇප මත මුදාහරියි. රටේ ජනතාව තීරණයක් ගන්න ඕනේ කාලේ දැන් ඇවිත්. දවස ගානේ අහිමි වන ජීවිත වලට.රටේ ජනතාව නිශ්සබ්දව ඉන්නවා කියන්නේ අපි කාගේත් හෙට දවස අවිනිශ්චිතයි කියන එක. (නදී)
මේ අබිලට කොහේ ගියත් ආගම් බේදෙයි ,ජාති බේදෙයි. ඔයාල ඔය වගේ හිතන නිසා තමයි අපේ රට එක තැනම පල් වෙන්නේ, මිනි මැරුම්, දුෂණ, මංකොල්ලකෑම් හැමදාම වැඩි වෙන්නේ. ටිකක් හිතන්න කවුරු හරි කියන්නේ හරිද,වැරදිද කියලා. ඒ වගේ නීති තියෙන නිසා තමයි මේ රටවල ශ්‍රී ලාංකිකයන් බයක් සැකක් නැතුව ඉන්නේ. මං කියන්නෙත් අපේ රටට දැඩි නීති ගෙනා යුතුයි කියලා. ජනාදිපතිතුමනි, ඔය පාරවල් හද හදා ඉදල බැහැ මහජනතාව ගැනත් බලන්න අනාගතය බාර ගන්න ඉන්න අපේ දරුවෝ නේද මේ. දෙමව්පියන් නැතුව අතරමං වෙන්නේ මෙහෙම ගියොත් ඔය හයිවේ වල යන්න මනුස්සයෙක් නෙවෙයි සතෙක්, සිවුපාවෙක්වත් ඉතුරු වෙන එකක් නැහැ.(නදී)
අබි, සුද්දෝ මොන ජරාවක් ගෙනත් දුන්නත් සතුටින් බාරගන්න රටක් තමයි ශ්‍රී ලංකාව.(නදී)
මේ පැත්තෙන් විතරයි අපි තවම සංවර්ධනය වෙලා තියෙන්නේ. කාටද ආඩම්බර ඉතින්. පොලිසි රූකඩ උනාම වෙන දේවල් තමයි මේවා. (නදී)
මට පේන්නේ අබී අබිං ගහලා මත් වෙලා මේකට හවුල් වගේ.(නදී)
අබිලම කියන්න දැන් මොකක්ද දෙන්න ඕනේ දඩුවම මේවා නතර කරන්න. නිකන් තේරුමක් නැති ජාති වාදෙයි, ආගම වාදෙයි නැතිව වෙන කෙරෙන දෙයක් ගැන ලිව්වොත් නරකද හෙට දවස ගැන හිතලා.(නදී)
අබී, අපගේ සොහොයුරෙක් කීවේ ෂරියා නීතියක් වගේ නීතියක් ලංකාවට ගෙන ආ යුතු බවයි. ඔහු කීවේ නෑ ෂරියා නීතිය ගෙන ආ යුතුයි කියා. හරි හරි දැන් සිංහල රටේ තිබෙන සිංහල නීතිය කුමක්ද කියා අපි අහන්න කැමැතියි. පර සුද්දාගේ නීතිය බදාගෙන අනෙක් අයට ඔච්චම් කිරීමෙන් ඵලක් තිබෙනවාද ? ෂරියා නීතිය මෙන් නීතියක් ගෙනාවොත් පමණයි ඔය ජාතිබේද අවුස්සන අයගේ දෙමව්පියන්, දූ පුතුන් සහ සහෝදර සහෝදරයන් අප රටේ අමනයන්ගෙන් බේරගන්න පුළුවන් වන්නේ.(නදී)
අපේ රටේ දැන් තියෙන්නෙත් රෝම ලන්දේසි නීතිය මිසක් සිංහල නීතිය නොවෙයි. එනිසා ලෝකේ රටවලින් විවිධ නීති අධ්‍යයනය කරලා අපේ අද තියෙන ප්‍රශ්න වලට ගැලපෙන නීතියක් අවශ්‍යයි. නීතිය සදා කාලික නෑ. හෙට වෙන කොට සමාජය යහපත් නම් හෝ නපුරු නම් අද තියෙන නීති එදාට වෙනස් කරන්න එපායැ. ලෝකේ හැම රටකටම ගැලපෙන සර්වත්‍ර නීති නෑ. ඒක ඒ රටේ සංස්කෘතිය සමාජ සම්මතය අනුව නිර්මාණය විය යුතුයි. අද අපේ සමාජ ප්‍රශ්න වලට මරණ දඬුවමත් අවශ්‍ය බව පෙනෙනවා. ඒකයි අපි ඒක සැබවින්ම ක්‍රියාත්මක කරන්න ඉල්ලන්නේ. (නදී)
මම හිතන්නේ දීපය නිසා වෙන්න ඇති මෙච්චර අපරාද වෙන්නේ (අ)
නීතිය දැඩී තැන වැරදි සිදුවීම් අඩුයි . නිතිය සැහැල්ලු වෙන තරමට වැරදි වැඩියි. නිතර වෙනස් වෙන මිනිසා පාලනය කල හැකි වන්නේ '' ධර්මයට'' වඩා '' නීතිය '' ක්‍රියාත්මක කීරීම තුලින් පමණයි. (නදී)
ෆසරුල් ගෆුර් ඔබගේ අදහස් සමග මාත් එකග වෙමි. හැමදාම පත්තර සියල්ලගේම මිනී මැරුම්, මංකොල්ලකෑම් සහ දුෂණ.බලදාරින් මේවා ගැන කිසිම කතාවක් නැහැ. මරණ දඩුවම කියාත්මක උනොත් මේවා අඩුවෙයි කියා හිතනවා. රජය රට සංවර්දනය කරා ගෙන යනවා වගේම සමාජීය සාරදර්ම ගැනද සොයා බලා කටයුතු කලයුතුයි. තවද මහා සංඝරත්නය, ක්‍රිස්තියානි පුජකතුමන්ලා, මුස්ලින් පුජකතුමන්ලා මේවා ගැන රජයද මහජනතාවද දැනුවත් කලයුතු යි.
දිසානායක, ගෆූර්ට ගහපු එක්කෙනෙක් තමයි දැන් ඉහළ පුටුවක ඉන්නේ (නි)
මරාගෙන මැරෙන්න කලින් මේ මිනිහා නිකමටවත් හිතුවද අනේ මගේ අසරණයා මේ රටේ තනි වෙනවා උගේ හෙට දවස අනාත නිවාසයක කාගේ හරි ඉදුල් ටිකක් කාල ජීවත් වෙන්න වෙනවා කියලා. ඇයි මේ මිනිසුන් විවාහ වෙන්නේ. දැන් තනියම ජීවත් වෙයල්ලා. මේ කියවන හැමෝම කසාද බදින්න එපා. එහෙම උනාම දරුවෝ අනාත වෙන්නේ නැහැ. තම තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕන කාලේ දැන්. හෙට මැරෙන කෙනා කොහොම මැරේවිද, ඒ කෙනාට මම අයත් ද ? ඔබද ? අල්ලපු ගෙදර කාන්තාවද ..මහල්ලෙක්ද අපි නොදනී ..පේලියට එල්ලුම් ගහේ එල්ලන්න ඕනා වග නම් මට පෙනෙයි හැම මිනීමරුවෙක්ම.(නදී)
මත්තේගොඩට අනිවාර්යයෙන් පොලිස් මුර පොලක් දාන්න (නි)
ඇයි දැන්වත් පාලකයින්ට ඇස් ඇරෙන්නේ නැත්තේ? මිනීමැරුම් හා ස්ත්‍රී දුෂනවලට මරණ දන්ඩනය දිය යුතුයි. ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. නැත්නම් හැමදාම උදේට මෙවැනි ඝාතනයන් දැක බලා ගන්න පුලුවන්. රටේ ඉන්න හිටින්න නැහැ.(නදී)
හරක් මස් වලට වඩා, මිනිස් ඝාතන ,අරක්කු වලට තිත තැබිය යුතුය.(නදී)
රටක නීතිය සහ විනය තමයි එහි ජීවනාලිය. ඔය දෙකම බලධාරියන් විසින්ම විනාශ කරලා තිබෙන්නේ. මේ රට තවත් සෝමාලියාවක් වෙන දිනය වැඩි ඈතක නොවේ (නි)
තුසිත ඔබ හරි.(නදී)
දිපාල්ට ලොකු ප්‍රශ්නයක්. මොකද දීපාල් එල්ලුම් ගහ ගේන්න කියන්නේ එක කවුරු හරි ගෙනිහිල්ලද ? (නදී)
නීති තද කළ යුතුය.(නදී)
මට දැනෙන දුක කඳුල වේදනාවම තමා, මා අසල සැරිසරන අනෙකාට දැනෙන්නේ. මම සිතන දෙය හරිය කියන සිතුවිල්ලමය, මම නොවන අන් අයත් එක හෙලා සිතන්නේ. මට නොලැබී දෙය තවත් අයෙකු හට ලැබුණු විට, දුක කුමට මට ලැබුණු සේ සතුටු වෙයන්නේ. වෛර ගිනි ඉවතලා කරුණා සිතින් ඉන්න. ලක් මෑණියන් යලිත් සිනහවෙයි මිනිසුනේ.(නදී)
අද සමාජයේ මේවා සුළු දේවල්. තව දුරටත් එකට ට ජීවත් වෙන්න බැරි නම් මොකක්ද විය යුත්තේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වෙන් වීමයි. මිනී මරා ගැනීම නපුංසක ක්‍රියාවක්නේ.(නදී)
ගෆුර් කටාර් ..ෂාරිය නීතිය වගේ එකක් රටට ඇවැස්ස වෙනවා ...තේරෙන්නේ නැද්ද මේ මනුස්සය හොද සිංහලෙන් ලියල තියෙන්නේ .(අ)
රත්න දීප ජන්ම බුමි ... ලංකා දීප විජය බුමි .... මේ අපේ උදාරවූ මාතෘ බුමියයි .... මේක වෙනස් කරන්න කාලය ඇවිත් දැන්. මේ වෙන දේවල් වලට (අ)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා ,බියෙන් මිදෙත්වා,.. ජාතිවාදී අදහස් දැක්වීමෙන් වලකිත්වා ...සාදු..සාදු..සාදු.... ()
තරුගේ කතාව දැකල මට තරු පෙනුන ,එල්ලූම්;ගස් යවන්නේ මිනි මරුවගේ මිනියද. මෙවැනි අපරාද නැතිකරන්න ලිපිය හොදින් කියවල හෙතුපලවාදය හරහා ගමන් කරන්න (ස)
මත්තේගොඩ හොරු, කුඩුකාරයෝ, දූෂකයෝ වැහි වැහැලා. පොලිසිය මර නින්දේ. වහාම මත්තේගොඩට පොලිස් මුර පොළක් දාන්න.මදාර උයන ගෙවල් ඔක්කොම හොරු බිඳිනවා. (නි)
යුරෝපයට මහා විහාර ඉදිකර කඨිණ සැණකෙළි පවත්වන අයට සත්‍ය අවබෝද කර ගැනිමට නම් හතරවන රූපය බලන්න.(නදී)
මහා නින්දිත තත්වයක් උදාවෙලා තියෙන්නේ අපේ රටට.ෂරියා නිතිය නෙවෙයි ඊට වඩා පුළුල් ලෙස විහිදුනු අපරාදකාරයන් මර්දනය කල හැකි අපරාද අවම කල හැකි නව නීති පද්දතියක් හදුන්වා දියුතුයි.රටක ජනතාව නීතියට,පොලිසියට ඇති බය නැති උනොත් ඇතිවන තත්වය ඉතාම බරපතලයි.(අ)
ජිලෝ කියන එක හරි.පන්සිල් පද 5 පිළිපදිනවා නම් අපේ රටේ මේ සිදුවන අපරාද ගොඩක් දුරට අඩු වෙයි.මොනම අගමකවත් සත්තු වගේ හැසිරෙන්න උගන්නන්නේ නැ.(අ)