IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සඳගලතැන්න පතල් 200ක් කපලා

උඩවලව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම් වලවේ නදියට සමාන්තරව සඳගලතැන්නේ කාලයක් තිස්සේ  පතල් 200ක් කපා මැණික් ගරා ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.

අඟහරුවාදා (6) කාලයේ ඉතා රහසිගමව උඩවලව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමෙන් ඇතුළු වූ විශේෂ පොලිස් කණ්ඩායමකට මෙම පතල් හමු වූ බව පොලිසිය කියයි.

මෙයට අමතරව නිදන් හාරන ලද චෛත්‍ය තුනක් හා විනාශ කර දමන ලද විශාල බුදුපිළිමයක කොටස් ද සොයා ගැනීමට පොලිසිය සමත් විය.

දැඩි ආරක්ෂාවක් යටතේ පවතින ජාතික වනෝද්‍යානයක විශාල වශයෙන් අනවසර පතල් පැවතීම විශාල ගැටළුවක් බවත්, ඇතැම් පතල් අවුරුදු තුනකය වඩා පැරණි බවත්, මෙය කාලයක් මුළුල්ලේ ඉතා සූක්ෂමව කරගෙන ගොස් ඇති බවත් මෙම ජාවාරමට සෘජුවම වනජීවී නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් සිදු කරගෙන යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

වැටලීමෙන් සැකකරුවන් කිසිවෙන් අත්අඩංගුවට ගෙන නැත.

 

 

 



අදහස් (0)

සඳගලතැන්න පතල් 200ක් කපලා

ද සිල්වා Wednesday, 07 August 2013 09:52 PM

මේ පැත්තේම නිළධාර දේශපාලනීකරණය වෙලා, හැමෝම හදන්නේ දේශපාලන සම්බන්ධතා මගින් රටේ සම්පත් සුරා කන්න වන උද්‍යාන තුල ගංජා වගාවන් , කස්සිප්පු ඉස්කාගාර , පතල් සහ අනවසර දඩයම වැහිවැහලා , දැන් කරන්න තිබෙන්නේ ගුවන්හමුදාවේ බීච් ක්‍රාෆ්ට් යානය හෝ නියමුවන් රහිත යන උපයෝගී කරගනිමින නිතර නිතර වන උද්‍යානවල ඔත්තු බලා, මේ ජාවාරම් වලට වැට බැදීමයි (දී)

:       0       0

රණවීර Wednesday, 07 August 2013 11:53 PM

මේ වගේ දේවල් කරලා හරි මිනිස්සු ජිවත් වන්ට ඕනෑ නේද? දුප්පත් මිනිස්සුන්ට කරන්න දෙයක් නැති වුණහම ඔයවගේ දේවල් කරනවා (නි)

:       0       0

බැඳ Wednesday, 07 August 2013 05:30 PM

ලොකු කෙනෙක්ගේත් සම්බන්ධයක් තියෙන්න පුළුවන්... (නි)

:       0       0

කුමාර් Wednesday, 07 August 2013 05:41 PM

එක්කෝ සර් ජෝන් කොතලාවල මහත්තයා මළවුන්ගෙන් නැගිටලා එන්න ඕනෑ, නැත්නම් පොන්සේකා මහත්තයා පෙරමුණ ගන්න ඕනෑ මේ රට හදන්න. (නි)

:       0       0

අසේල Wednesday, 07 August 2013 06:07 PM

කිසිවෙක් අත්අඩංගුවට නොගත්තත් කමක් නැහැ මේවා වළක්වන්න පුලුවන් නම්.මේවගේ මෙහෙයුම් බලපෑමකින් තොරව කරගෙන යන්න පුලුවන්නම් හොඳයි. (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 07 August 2013 06:14 PM

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවී කාර්යාල වෙත යන්න. කාලය නාස්ති නොකරන්න (නි)

:       0       0

දුමින්ද Thursday, 08 August 2013 01:08 AM

නිල දරුවනි,නුඹලා ගන්නා වැටුපට සාධාරනය ඉටුකරන හැටි මෙහෙමද? (නි)

:       0       0

ගයාන් Wednesday, 07 August 2013 06:45 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site