උඩවලව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම් වලවේ නදියට සමාන්තරව සඳගලතැන්නේ කාලයක් තිස්සේ පතල් 200ක් කපා මැණික් ගරා ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.
අඟහරුවාදා (6) කාලයේ ඉතා රහසිගමව උඩවලව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමෙන් ඇතුළු වූ විශේෂ පොලිස් කණ්ඩායමකට මෙම පතල් හමු වූ බව පොලිසිය කියයි.
මෙයට අමතරව නිදන් හාරන ලද චෛත්‍ය තුනක් හා විනාශ කර දමන ලද විශාල බුදුපිළිමයක කොටස් ද සොයා ගැනීමට පොලිසිය සමත් විය.
දැඩි ආරක්ෂාවක් යටතේ පවතින ජාතික වනෝද්‍යානයක විශාල වශයෙන් අනවසර පතල් පැවතීම විශාල ගැටළුවක් බවත්, ඇතැම් පතල් අවුරුදු තුනකය වඩා පැරණි බවත්, මෙය කාලයක් මුළුල්ලේ ඉතා සූක්ෂමව කරගෙන ගොස් ඇති බවත් මෙම ජාවාරමට සෘජුවම වනජීවී නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් සිදු කරගෙන යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
වැටලීමෙන් සැකකරුවන් කිසිවෙන් අත්අඩංගුවට ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැත්තේම නිළධාර දේශපාලනීකරණය වෙලා, හැමෝම හදන්නේ දේශපාලන සම්බන්ධතා මගින් රටේ සම්පත් සුරා කන්න වන උද්‍යාන තුල ගංජා වගාවන් , කස්සිප්පු ඉස්කාගාර , පතල් සහ අනවසර දඩයම වැහිවැහලා , දැන් කරන්න තිබෙන්නේ ගුවන්හමුදාවේ බීච් ක්‍රාෆ්ට් යානය හෝ නියමුවන් රහිත යන උපයෝගී කරගනිමින නිතර නිතර වන උද්‍යානවල ඔත්තු බලා, මේ ජාවාරම් වලට වැට බැදීමයි (දී)
මේ වගේ දේවල් කරලා හරි මිනිස්සු ජිවත් වන්ට ඕනෑ නේද? දුප්පත් මිනිස්සුන්ට කරන්න දෙයක් නැති වුණහම ඔයවගේ දේවල් කරනවා (නි)
ලොකු කෙනෙක්ගේත් සම්බන්ධයක් තියෙන්න පුළුවන්... (නි)
එක්කෝ සර් ජෝන් කොතලාවල මහත්තයා මළවුන්ගෙන් නැගිටලා එන්න ඕනෑ, නැත්නම් පොන්සේකා මහත්තයා පෙරමුණ ගන්න ඕනෑ මේ රට හදන්න. (නි)
කිසිවෙක් අත්අඩංගුවට නොගත්තත් කමක් නැහැ මේවා වළක්වන්න පුලුවන් නම්.මේවගේ මෙහෙයුම් බලපෑමකින් තොරව කරගෙන යන්න පුලුවන්නම් හොඳයි. (නි)
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවී කාර්යාල වෙත යන්න. කාලය නාස්ති නොකරන්න (නි)
නිල දරුවනි,නුඹලා ගන්නා වැටුපට සාධාරනය ඉටුකරන හැටි මෙහෙමද? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)