මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අලුයම 1.37 ට සිය උපරිම මට්ටමට ලංවීමට නියමිත වුව ද ශ්‍රී ලංකාවට එය නිසි පරිදි දර්ශනය වූයේ නැත. චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කළ අයට එම වේලාවේදී දක්නට ලැබුණේ සඳෙහි කුඩා කොටසක් අදුරුවී තිබෙන ආකාරයයි.
ඇමෙරිකාවට හා ඕස්‍ට්‍රේලියාවට අර්ධ චන්ද්‍රග්‍රහණය වඩාත් හොඳින් දක්නට ලැබී ඇත. ඉහලින් ඇති ඡායාරූපයේ ඇත්තේ ගාල්ලට චන්ද්‍රග්‍රහණය පෙණුනු ආකාරයයි. පහළින් පලවන්නේ ඇමරිකාවට චන්ද්‍රග්‍රහණය පෙනී ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයකි.
මෙම වර්ෂයේ මැයි 25 දා සහ ඔක්තෝබර් 18 යන දෙදින පෘථිවියේ උප ඡායාව සඳමත වැටීමෙන් ඡායා චන්ද්‍රග්‍රහණ දෙකක් ඇතිවීමට නියමිතය. මැයි 25 දා ඡායා චන්ද්‍රග්‍රහණය ලංකාවට නොපෙනුන ද ඔක්තෝබර් 18 චන්ද්‍රග්‍රහණය ලංකාවට හොඳින් පෙනෙනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ කියති.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
813
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සඳ මතුපිට කොටසක් අඳුරුවේ
රුසිරු Friday, 26 April 2013 01:51 PM
දැන්නම් ලංකාවට රෑට එලිය වැටෙන්නේ කාර් රේස් තියෙන දවසටයි, හද පායන දවසටයි විතරයි... ඒක නිසා චන්ද්‍රග්‍රහණ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න.. (නි)
ලහිරු Friday, 26 April 2013 09:08 AM
මේකත් ඇමරිකාවේ කුමන්ත්‍රණයක්ද කොහෙද?(නදී)
ෂාන් Friday, 26 April 2013 09:10 AM
තව ටික දවසකින් ලංකාවම අදුරුවෙනවා.(නදී)
අප්පුහාමි Friday, 26 April 2013 11:36 AM
සද විතරක් නෙමෙයි, ලෝකෙම අදුරුවෙන ලකුණු තමයි තියන්නේ (නි)