පසුගිය මැතිවරණ සමයේ හෝමාගම හබරකඩ දී මැතිවරණ නිලධාරීන්ට තර්ජනය කර පොලිසියේ රාජකාරියට බාධා කළැයි චෝදනා හතක් යටතේ අතුරුගිරිය පොලිසියෙන් හෝමාගම උසාවියේ ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා අද තෙවැනි දිනටත් අධිකරණය හමුවේ පෙනී නොසිටියේ ය.
ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ ඉල්ලීම නොපිළිගත් මහේස්ත්‍රාත් ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.
ඔහු සමග චෝදනා ලබා සිටි අනෙක් සැකකරු රුපියල් දෙලක්ෂයක ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් වයි ආර් නෙළුම්දෙනිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනම පක්ෂයක කෙනෙකුටවත් නිතිය සමඟ සෙල්ලම් කරන්න ඉඩ දෙන්න එපා.අනිවාර්යෙන්ම නිතිය සමව ක්‍රියාත්මක කරන්න.(ම)
සාමාන්‍ය මනුස්සයෙක්ට ඔය වගේ දින දෙයිද? එක දවසින් අත්අඩංගුවට ගන්න කියලා ඉවරයි..(නදී)
මිනිස්සු බලා ඉන්නවා නීතිගරුක සමාජයක් බිහිවෙනතුරු.(නදී)
අපි හිතුවේ ඔබතුමා හොඳ නීති ගරුක පුද්ගලයෙක් කියලා. (නදී).
ඇමතිලා මොකටද උසාවි එන්නේ? (ම)
නිතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනසක් විය නොහැක .... .(ම)
අධිකරණ ඇමති කමට හොදින්ම ගැලපෙනවා (ම)
මෙයින් කියවෙන්නේ එයා යහපාලනයට දේශපාලනයට හොදටම ගැලපෙන බවයි, මොකද එයාලට නීතියක් නැහැනේ. (නදී)
යහපාලනයට ජය වේවා ! (නදී)
ගරු අගමැතිතුමාත් ඉස්සර බොරු චෝදනා එල්ල කරපු අවස්ථාවල ගෞරවනීය විදිහට උසාවියට ගියා. ඔබත් චෝදනා ඇත්ත උනත් බොරු උනත් උසාවිය මග අරින්න එපා. (නදී)
නියම යහපාලන නීතිය. (නදී)
කතා කළ විදිහට හා තර්ක විතර්ක කළ විදිහට නම් අපි හිතුවේ මෙයා නියම යහ පාලකයෙක් කියයි. බලාගෙන ගියාහම මෙයත් අන්ත යට වඩා කිසි වෙනසක් නැහැ වගේ..(ම)
නීතිය රකින්න එන අය හැසිරෙන්නේ මෙහෙම නම් ඉස්සරහට අනිත් අය ගැන කිම කවර කතාද? (ම)
හරිම අපුරුයි (නදී)
විරුද්ද පක්ෂෙන් ඕක උනා නම් එහෙම කොහොමද ? (නදී)
මේවා දැන දැනත් ලිස්ට් එකේ මුලටම තේරුවේ අපිම නේද ? (නදී)
නීතියට ඉහලින් කිසිවෙකු නැත මට මතකයි ඉස්සර පොලිසි වල ඇතුල් වන විට පෙනෙන්න ලොකුවට ලියලා තිබ්බා. දැන් නම් ඒක වෙනස් වෙලා වගේ අපි හිතපු පතපු යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය මෙයද? දේශපාලකයාට උසාවියෙන් විශේෂ වරප්‍රසාදයක් ලැබිය යුතුද? (නදී)
මොහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලු අතුරුගිරිය පොලිසියේ කොන්ද පන ඇති නිලධාරින්ට ප්‍රණාමය....නිතිය කටත් එකක් විය යුතුය..(අ)
මහින්දගේ කවුරුහරි නම් (අ)
විරුද්ධ පක්ෂයේ ඕක වුණා නම් බලාගන්න තිබුණා එතකොට මේකද යහපාලනය (අ)
මේක මාර යහපාලනයක් (අ)
ඉවසන්න පුරුදුවෙන්න රට පාලනය කරන්න ඉදිරිපත් වෙනවනම්.(ම)
මේවා වෙන බව අපි දැනගෙන හිටියා (අ)