අඟහරුවාදා සිදු වූ සෙනසුරු මාරුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ජ්‍යොතිෂය විශ්වාස කරන බොහෝ දෙනා අනවශ්‍ය බියකට පත්ව ඇති බවත් පෙනෙතියි ඉන්දියාවේ සහ බටහිර ජ්‍යොතිෂය පිළිබඳව පර්යේෂණය කර ඇති ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවල සිරි රේවත හිමියෝ කියති. ලංකාදීප එසැණ පුවත් වෙනුවෙන් විමැසූ ප‍්‍රශ්න කීපයකට උන්වහන්සේ පළ කළ අදහස් මෙසේය.
පෘතුවිය මෙන් නව ගුණයක් විශාල ශනි ග‍්‍රහයා සාමාන්‍යයෙන් එක් රාශියක ගමන් කරන්නේ වසර දෙක හමාරකි. එහෙත් මෙම වසරේ තුලා රාශියට පැමිණෙන සෙනසුරු වසර තුනක් එහි ගමන් ගනී. ඔහු තුලාවෙන් වෘශ්චිකයට යන්නේ 2014 නොවැම්බර් 14 දිනයේය.
බොහෝ බටහිර ජ්‍යොතිෂ්‍යවේදීන්ට අනුව නම් ශනි සුභ ග‍්‍රහයෙකි. විශේෂයෙන්ම තුලා රාශියට පැමිණ උච්චව සිටින විට සැමට සාධාරණය ඉටු කරයි. තමන් සතු හොඳම දේ ඉතාම ඉහළින්ම දෙයි. කිරා බලා මැනවින් සුදුස්සාට සුදුසුම දෙයි.
සාමාන්‍ය ජනතාව සිතන්නේ ශනි දුකට අධිපති බැවින් දුකම දෙන බවකි. වැඩිපුර මාස හයක් ද සිටිනා බැවින් මේ මාස හය ඉතාම නරක කාලයක් ලෙස ද සිතති. නමුත් බටහිර ජ්‍යොතිෂ මතය වනුයේ මෙම මාස හය ශනිගේ හොඳම කාලය බවයි. මෙම කාලය බොහෝ අයට සුබ ඵල ගෙන දෙනු ඇත. විශේෂයෙන් ම සෙනසුරුගෙන් පීඩිතව සිටි කන්‍යා ලග්න හිමියනට තම අපල කාලය අවසන් වන්නේ අහිමි වූ බොහෝ දේ යළි ලබා දෙමිනි.
සෙනසුරු ග‍්‍රහ මාරුව තමාට සුබ අසුබදැයි නිවැරදිව දැනගත හැක්කේ තම කේන්ද්‍රයේ ශනිගේ සහ චන්ද්‍රයාගේ පිහිටීම ද දැනට ලබා ඇති මහ දශා සහ අතුරු දශා ද අනුවය. එසේ පරීක්ෂා නොකර ශනි මාරුව තමාට අපල යැයි අනවශ්‍ය බියකට පත්වීම සුදුසු නොවේ.
ශනි දොළොස් වැන්නේ ගමන් ගන්නා වෘශ්චික ලග්න හිමියන්ට ද ශනි ලග්නයේ ගමන් ගන්නා තුලා ලග්න හිමියන්ට ද ශනි දෙවැන්නේ ගමන් ගන්නා කන්‍යා ලග්න හිමියන්ට ද ශනි අට වැන්නේ ගමන් ගන්නා මීන ලග්න හිමියන්ට ද මෙම කාලය තුළ බුද්ධානුස්සති භාවනාව සහ ආනාපාන සති භාවනාව, වැඞීමෙන් ද එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීමෙන් ද ශනිගෙන් ලැබෙන අසුභ අඩු කොට උසස් යහපත් ඵල ළඟා කර ගත හැකිවනු ඇත. තමා අදහන ආගම අනුව ප‍්‍රතිපත්ති ගරුකව ජීවත්වීමෙන් ශනි මාරුව ජීවිතයේ යහපත් දියුණුවක් සඳහා ද සිතේ සතුට වර්ධනය කර ගැනීම සඳහා ද හේතුවනු ඇත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍යය බිය ඇතිකර ගන්න එපා.තමන් අදහන ආගමට අනුව දැහැමිව ඡිවත් වෙන්න . එවිට තමන්ගේ ඡීවිතය ඡයගන්න පුලුවන්.පවි වැඩ කරන වැරදි වැඩ කරන අය තමයි මෙි විදිහට බයවෙන්නේ.