IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සුනිල් මාධව පත්තර කලාවේ ස්වර්ණ ජුබිලිය සමරයි

පුවත්පත් කලාව වෙනුවෙන් වසර පනහක් සිය ජීවිතය කැප කළ සුනිල් මාධව ප්‍රේමතිලකට උපහාර පිදීමේ උත්සවයක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ඔහුට සුබ පැතීමට පැමිණි මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන්ගෙන් සහ ඔහුගේ පාඨකයන්ගෙන් ශාලාව පිරී පැවතිණි.

සිළුමිණ පුවත්පතේ කර්තෘවරයකු සහ කොළඹ යුගයේ නම ගිය කවියකු වූ මීමන ප්‍රේමතිලකගේ පුත්‍රයා වන සුනිල්ගේ සහෝදර සහෝදරයෝ කිහිප දෙනෙක් ද ඔහුගේ අඩිපාරේ ගොස් සිටිති.

සුනිල් මහතාගේ මවට ද උපහාර පිදිණි.

_DSC0607 _DSC0613 _DSC0624 _DSC0632 _DSC0663



අදහස් (0)

සුනිල් මාධව පත්තර කලාවේ ස්වර්ණ ජුබිලිය සමරයි

විජේසුන්දර Friday, 11 March 2016 04:42 AM

සුබ පැතුම්! (නි)

:       0       0

අනුර Friday, 11 March 2016 10:05 AM

මා කොළොඹ ආනන්දයේ ඔබ සමග ඉගෙනගත් සමකාලීනයකු වෙමි. පාසලේදී තිබු දඟකාරකම් පෙන්නුම් කරන රැලි කොණ්ඩය ඔස්ට්‍රලියාවේ සිට පුවත් පත් මගින් දකින විට ඔබ කවදත් වරදට හිස නොනැමූ බව මතක් වී සිනහව පහල විය.(හේ)

:       0       0

වික්‍රම Thursday, 10 March 2016 09:37 PM

ලංකාවේ අලුත් පරම්පරාවට සැබෑ මාධ්‍යවේදියෙකු එහෙම නැත්නම් කිසිම මර්දනයකට බිය නොවුණු, කිසිම වූ ප්‍රතිලාබයක් වෙනුවෙන් ආත්මය පාවා නොදුන් කෙනෙක් දකින්නට උවමනා නම් ඒ මේ සුනිල් මාධවමැයි. සුනිල් අයියේ, 88-89 භීෂණ යුගයේ ඔබ විසින් කරන ලද ඒ මාධ්‍ය මෙහෙය සදා අමරණීයයි (නි)

:       0       0

අබය Thursday, 10 March 2016 10:00 PM

එඩිතරව ක්‍රියාකළ,නිර්භීත පුවත්පත් කලාවේදියෙකු හැටියට තීරණ ගත් ඔබ හට චිරාත් කාලයක් පුවත්පත් කලා මාධ්‍යයෙහි සේවය කිරීමට වාසනාව ලැබේවා! (නි)

:       0       0

නයනා Thursday, 10 March 2016 10:13 PM

ඔබ විශිෂ්ට අග්‍රගණ්‍ය ගත්කරුවෙකි. ලක්බිමට උපන් වස්තුවකි. විටෙක කලාකරුවෙකි. විශිෂ්ට නුවණැතෙකි. චිරන් ජයතු! (නි)

:       0       0

සම්පත්-ලන්ඩන් Thursday, 10 March 2016 10:13 PM

මා ආදර සුනිල් අයියේ, ඔබ මා ඇතුළු සැම ලක්මිණ පුවත්පත පළකළ හැටි මගේ මතකයට නැ‍ඟේ. සම්පත් කියලා ඔබ මට නිතරම කතාකරන හඬ තාමත් මගේ දෙවනට ඇහෙනවා මගේ රත්තරන් සුනිල් අයියේ. මගේ ආයුෂත් අරගෙන තවත් බොහෝ කාලයක් ජීවත්වෙන්න (නි)

:       0       0

ඩෙන්සිල් Thursday, 10 March 2016 10:28 PM

බොහොම සුන්දර අවංක මිනිහෙක්. මම මාස 2කට විතර කලින් සුනිල් අසනීපවෙලා ඉන්නවා කියලා බලන්න ගෙදර ගීයා. (නි)

:       0       0

විජේපාල Thursday, 10 March 2016 10:36 PM

සුනිල් අයියා, ඔබ වැනි පුද්ගලයින් විරලය. මා දන්නේ අතළොස්සකි. මා ඔබ දැක නැත. ඔබ වැන්නන් දැකීමත් පිනකි. ඇසීමට ලැබීම වාසනාවකි. ඔබ වැන්නන් බිහිවීම රටේ වාසනාවකි. එම පිනම ඇති ඔබේ මව්තුමියට නිවන් දැකීමට. ඔබ වැනි අය ජාති ජාතිත් අසන්නට, දකින්නට, ඇසුරු කිරීමට ලැබේවා! (නි)

:       0       0

ජනහිත Thursday, 10 March 2016 10:40 PM

නියම ජනතා සේවකයෝ මෙන්න. මගේ ප්‍රණාමය! (නි)

:       0       0

කුමාර Friday, 11 March 2016 01:59 AM

ඔබට අපේත් උපහාරය! (නි)

:       0       0

විජේ Friday, 11 March 2016 02:08 AM

ඔබ සැබෑ මිනිසෙක්, සැබෑ මාධ්‍යවේදියෙක්, රටේ සම්පතක්. යුක්තිය වෙනුවෙන් ඔබ කළ මෙහෙවර අමරණීයයි (නි)

:       0       0

සරත් හෙට්ටිආරච්චි පැරිස් Friday, 11 March 2016 07:16 AM

සුනිල් අයියේ නුබට ආදරේ නැති එකම මිනිසාද නුඹය .(ම)

:       0       0

දීපාල් Thursday, 10 March 2016 02:35 PM

ජය වේවා! (නි)

:       0       0

කපිල Thursday, 10 March 2016 03:03 PM

88-89 අහිමි විප්ලවයේ දරුවෝ අපි. අද අපිත් වැඩිහිටියෝ.එදා අපේ යෞවනයට සමාජ අසාධාරණයට එරෙහිවන්නට නිසි පාර පෙන්නු ආදරණීය සුනිල් අය්යේ නුඹට දිගාසිරි....(බ)

:       0       0

කුරේ Friday, 11 March 2016 03:42 AM

සුනිල් අයියා වර්ණන් අයියාගේ මරණය දින ඔබ දුක්වුණ හැටි තවම මට මතකය. ඔබ කොතරම් හොඳ මනුස්සයෙක්ද යන්න මම දුටුවේ එදිනය. ඔබට සුවයෙන් යුතු ජීවිතයකට පැතුම්! කැමිලට් කුරේ. (ඔබ සමඟ සේවය කළ හිතවත් වර්ණන් ෆොන්සේකාගේ සොයුර) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site