පුවත්පත් කලාව වෙනුවෙන් වසර පනහක් සිය ජීවිතය කැප කළ සුනිල් මාධව ප්‍රේමතිලකට උපහාර පිදීමේ උත්සවයක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ඔහුට සුබ පැතීමට පැමිණි මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන්ගෙන් සහ ඔහුගේ පාඨකයන්ගෙන් ශාලාව පිරී පැවතිණි.
සිළුමිණ පුවත්පතේ කර්තෘවරයකු සහ කොළඹ යුගයේ නම ගිය කවියකු වූ මීමන ප්‍රේමතිලකගේ පුත්‍රයා වන සුනිල්ගේ සහෝදර සහෝදරයෝ කිහිප දෙනෙක් ද ඔහුගේ අඩිපාරේ ගොස් සිටිති.
සුනිල් මහතාගේ මවට ද උපහාර පිදිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
මා කොළොඹ ආනන්දයේ ඔබ සමග ඉගෙනගත් සමකාලීනයකු වෙමි. පාසලේදී තිබු දඟකාරකම් පෙන්නුම් කරන රැලි කොණ්ඩය ඔස්ට්‍රලියාවේ සිට පුවත් පත් මගින් දකින විට ඔබ කවදත් වරදට හිස නොනැමූ බව මතක් වී සිනහව පහල විය.(හේ)
ලංකාවේ අලුත් පරම්පරාවට සැබෑ මාධ්‍යවේදියෙකු එහෙම නැත්නම් කිසිම මර්දනයකට බිය නොවුණු, කිසිම වූ ප්‍රතිලාබයක් වෙනුවෙන් ආත්මය පාවා නොදුන් කෙනෙක් දකින්නට උවමනා නම් ඒ මේ සුනිල් මාධවමැයි. සුනිල් අයියේ, 88-89 භීෂණ යුගයේ ඔබ විසින් කරන ලද ඒ මාධ්‍ය මෙහෙය සදා අමරණීයයි (නි)
එඩිතරව ක්‍රියාකළ,නිර්භීත පුවත්පත් කලාවේදියෙකු හැටියට තීරණ ගත් ඔබ හට චිරාත් කාලයක් පුවත්පත් කලා මාධ්‍යයෙහි සේවය කිරීමට වාසනාව ලැබේවා! (නි)
ඔබ විශිෂ්ට අග්‍රගණ්‍ය ගත්කරුවෙකි. ලක්බිමට උපන් වස්තුවකි. විටෙක කලාකරුවෙකි. විශිෂ්ට නුවණැතෙකි. චිරන් ජයතු! (නි)
මා ආදර සුනිල් අයියේ, ඔබ මා ඇතුළු සැම ලක්මිණ පුවත්පත පළකළ හැටි මගේ මතකයට නැඟේ. සම්පත් කියලා ඔබ මට නිතරම කතාකරන හඬ තාමත් මගේ දෙවනට ඇහෙනවා මගේ රත්තරන් සුනිල් අයියේ. මගේ ආයුෂත් අරගෙන තවත් බොහෝ කාලයක් ජීවත්වෙන්න (නි)
බොහොම සුන්දර අවංක මිනිහෙක්. මම මාස 2කට විතර කලින් සුනිල් අසනීපවෙලා ඉන්නවා කියලා බලන්න ගෙදර ගීයා. (නි)
සුනිල් අයියා, ඔබ වැනි පුද්ගලයින් විරලය. මා දන්නේ අතළොස්සකි. මා ඔබ දැක නැත. ඔබ වැන්නන් දැකීමත් පිනකි. ඇසීමට ලැබීම වාසනාවකි. ඔබ වැන්නන් බිහිවීම රටේ වාසනාවකි. එම පිනම ඇති ඔබේ මව්තුමියට නිවන් දැකීමට. ඔබ වැනි අය ජාති ජාතිත් අසන්නට, දකින්නට, ඇසුරු කිරීමට ලැබේවා! (නි)
නියම ජනතා සේවකයෝ මෙන්න. මගේ ප්‍රණාමය! (නි)
ඔබට අපේත් උපහාරය! (නි)
ඔබ සැබෑ මිනිසෙක්, සැබෑ මාධ්‍යවේදියෙක්, රටේ සම්පතක්. යුක්තිය වෙනුවෙන් ඔබ කළ මෙහෙවර අමරණීයයි (නි)
සුනිල් අයියේ නුබට ආදරේ නැති එකම මිනිසාද නුඹය .(ම)
ජය වේවා! (නි)
88-89 අහිමි විප්ලවයේ දරුවෝ අපි. අද අපිත් වැඩිහිටියෝ.එදා අපේ යෞවනයට සමාජ අසාධාරණයට එරෙහිවන්නට නිසි පාර පෙන්නු ආදරණීය සුනිල් අය්යේ නුඹට දිගාසිරි....(බ)
සුනිල් අයියා වර්ණන් අයියාගේ මරණය දින ඔබ දුක්වුණ හැටි තවම මට මතකය. ඔබ කොතරම් හොඳ මනුස්සයෙක්ද යන්න මම දුටුවේ එදිනය. ඔබට සුවයෙන් යුතු ජීවිතයකට පැතුම්! කැමිලට් කුරේ. (ඔබ සමඟ සේවය කළ හිතවත් වර්ණන් ෆොන්සේකාගේ සොයුර) (නි)