ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක හා ගායිකාවක හා නිළියක වු සුනිලා අබේසේකර (61) මහත්මිය අභාවප්‍රාප්ත වුවාය.
1980 දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමුඛ සාමාජිකාවක වු ඇය එහි විමුක්ති ගී ප්‍රසංගයේ ශිල්පිනියක වුවාය.
චිත්‍රපට කිහිපයකම රඟ පෑ ඇය ගී ගායනයෙන්ද දායක වුවාය.
චාල්ස් අබේසේකර මහතාගේ දියණියක වන ඇය දෙදරු මවකි.
ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කැප වු ඇය 1999 දී එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සම්මානයද දිනාගත්තාය.
දේහය මහරගම ගොඩිගමුව පිළියන්දල පාරේ ශිරෝමනී අංක 54 දරණ නිවසේ තැන්පත් කැර ඇත.
අවසන් කටයුතු ගොඩිගමුව සුසාන භූමීයේදී බදාදා(11) සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ චරිතයක්, හොඳ කාන්තාවක්, නමුත් මෙයත් ප්‍රසිද්ධ කෙනෙක් තමා අර එකම ජාතියේ ක්‍රියාවලට. (ස)
අනේ ගුනේ,ලෝකයේ වෙන දේවල් එදා වූ දේවල් හෙට වෙන්න තිබෙන දේවල් , ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් සිහි බුද්ධියෙන් තේරුම් ගත්ත කාලෙක ඔබ අපිව අගය කරනු ඇත. එවිට ඔබ පමා වී ඇති බවද පෙනෙනු ඇත. නියෝජිතයන් යොදවා ඩොලර් මිටි ගණන් දී අපි වැනි රටවල සංස්කෘතිය,සම්ප්‍රධායික පවුල් බැදීම කඩා ඉහිරවා මේවා බටහිර රටවල ගැති නිවට රටවල් කරන්නට බලවතුන් කැසකවන බව නොදන්නා ඔබ බොලදෙකි.(නදී)
මට කේන්ති ගිහිල්ලා නැහැ .හැබයි බොරු ලියන එක තමා වැඩේ? (දී)
මෙයත් අර රටට විරුද්දව වැඩ කරපු දේශ හිතෛශි ශ්‍රීලාංකිකයෙක් නේද? (දී)
නිවන් සුව පතමි. හැබැයි ජිනීවා වලදී තවත් කට්ටියක් එක්ක එකතු වී රටට විරුද්ධව කල කී දේ නම් නරකයි. (ස)
සත්‍යපාල සැමදා සත්‍ය පවසන කෙනෙක් බව දනිමි. නමුත් මෙය අපේ අනික් පිංගුත්තර ඕලමොට්ටලයන්ට වැටහෙන්නේ නැත.(නදී)
සත්‍යාපාලලා තමා අනුන්ට රෙදි නැතුව කඩේ යන ජාතිවාදියෝ (නි)
මෙයා කල මෙහෙවර නම් කියල නිමක් නැහැ (දී)
නිවන් සුව පතනවා
රටට හානියක් කරපු කෙනෙක්ට නම් මගේ පැහැදීමක් නෑ අර එක පාඨකයෙක් කිව්වා වගේ අපි සැවොම මැරෙන බව දැනගෙන ජීවත් වෙනවනම් හොඳය (දී)
කලාව , දේශපාලනය හා මානව හිමිකම් වෙනුවෙන් ඔබ කළ සේවය මාගේ උත්තමාචාරය ඔබ වෙත පිරිනමමි.මැතිනිය ඔබට නිවන් සුව (අ)
මිහිරි කටහඞක් තිබුණ ගායිකාවකි.මොරිස් දහනායක, සරත් සඳනායක සමඟත් යුග ගී ගයා ඇත. නිවන් සුව පතමි. (ස)
ඔබ තුමියට නිවන් සුව. (ස)
නිවන් සුව පතමි.(නදී)
උත්තරා ඇතුළු අනෙකුත් අයට කියන්න තියෙන්නේ ඔයාලා දේශහිතෛශී කොළයේ ඔතලා දීපු අබින් කාලා තියෙන්නේ කියලා. හැලිය රත් වෙනකොටවත් වැටහෙයිද මන්දා. (නි)
අපි කැමති උවත් අකමැති උවත් හැම දේම සිදුවන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පුර්ණ කැමැත්ත අනුවයි කියා සමාජ ගත වී ඇති කියමනක්ද පවතී.(නදී)
ඔබ මේක දාන්නේ නැති නමුත් ලියමි. මුලදී ලස්සන නිර්මාණ වලට දායක වුනත් පසුව රට ජාතිය පාවා දුන්නා නේද? (නදී)
මෙතුමිය මානව හිමිකම් අතින් ලංකාවේ සිටින කාන්තාවන්ට කල සේවය ප්‍රසන්සනීයයි , සුපුරුදු පරිදි එය අපේ කාන්තාවන්ට නොතේරි ඇති බව පැහැදිලි. එතුමියගේ සේවය අදට වඩා හෙට අපිට දැනේවි. මෙවන් ක්‍රියාකාරී කාන්තාවන් අද නොමැතිවීම කනගාටුවකි.ඔබට නෙවන් සුව !!!! (අ)
මගේ රටට දළදා හිමි සරණයි.(නදී)
හැමෝම දන්නා නිසා මොකුත් කියන්න අවශ්‍ය නැහැ. ඇරත් දැන් එයා නැහැනේ. නිවන් දකිත්වා.(නදී)
නිවන් සුව පතමි (දී)
එයා මිනිස්කම සපිරි දක්ස කලාකාරිනියකි නිවන් සුව (දී)
මලාට පස්සේ ඉතින් මොකුත් කියලා වැඩක් නැහැ නේ. ඒ නිසා නිවන් සුව ලැබේවා!. (අ)
ප්‍රසංසනීය සේවයක් කළා නම් ඒක කාන්තාවන්ට නොතේරුණේ මොකද මන්දා.(නදී)
මැරෙන බව දැනගෙන ජිවත් වෙමු !(නදී)
කොටි සංවිධානය වෙනුවෙන් ඔබ කල මෙහෙය සදා අනුස්මරණීයයි ! (ස)
රට වෙනුවෙන් කල නිහඩ සේවයට මගේ උපහාරය! සසර වසන තුරු මෙවන් මරණයක් නැවත ඇති නොවේවා!(නදී) .
සුනිලා අබේසේකර ( බටහිර රටවලට කල) මෙහෙවර නිම වේ (දී)
බඹරු ඇවිත් චිත්‍රපටයෙන් ඔබගේ හඞ හදුනාගත් අප ඒ හඩ සදා අමරණීය වනු ඇත. ඔබට නිවන් සුව. (ස)
කවුරුත් මතක තිය ගත යුතු දේ තමා සුනිලා ජනතා විමුක්ති පෙරමුණ පොලොව පාගලා පන්නරය ගත් කෙනෙක් බව. (ස)
බොහොම දුප්පත් පවුලකින් ඇවිල්ලා ඉංග්‍රීසි ටිකක් ඉගෙනගත්තට පස්සේ මුල අමතක් උනා. 71 කැරැල්ලටත් මෙයාගේ සම්භන්ධයක් තිබුනවගේ මතකයි. හැබැයි බඹරු ඇවිත් චිතපටියේ ගායනය හරි කදිමයි. මෙයා තවමත් බුද්ධාගමේ නම් නිවන් සැප ලැබේවා! (දී)
සසර කෙළවර අම මහා නිවන් සුව අත්වේවා! ජීවත්ව ඉන්න කාලේදී මොන අන්දමින් උපන් රට පවා දුන්නත් අවසානයේ අපි කාටත් උරුම උපන් බිමේ මහා පොලව තමයි. මෙයාගේ නඩයේ අනෙක් අයත් ඒ බව සිහියේ තබාගෙන කටයුතු කරවී කියල හිතනවා මින් ඉදිරියට වත්. (දී)
ජනතා විමුක්ති පෙරමුණේ ඉඳල මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වුනා නම්. මුලින්ම අපේ ලංකාවේ ත්‍රස්තවාදය බිහි කල අහිංසක මිනිසුන් මරපු එම පක්ෂයම වැරදී බව කිව යුතුය. මෑත කාලයේ ලංකාවේ බිහිවූ මානව හිමිකම් කාරයෝ ඔක්කොම කලේ අපේම රට පාවා දීමත් හමුදාව පාවා දීමත්, දිනපු යුද්ධය පාවා දීමත්ය. කෙසේ නමුත් ගායිකාවක් වශයෙන් කල සේවයට ගරු කරමි. ඔබට නිවන් සුව අත්වේවා!(නදී)
මානව හිමිකම් කියූ පමණින් ලංකාවේ කට්ටියට තරහ ගිහින්. එවැනි මෙහෙයක් මේ මැතිනිය කළා නම් එම සේවය උදාරයි. නිවන් සුව පතමි. (නි)
වරුණ, බුදු දහම අනුව උපදින සෑම කෙනෙකුටම මරණය හිමිය. සසර වසන තුරු ඉපදී මිය යති. මේ මිය යාම අකල් මරණයක් නොවේ. අවුරුදු 61 ක් ආයු වැලඳ රෝගයක් නොමැතිව මෙහෙම මිය යාම වාසනාවක්. මැතිනිය ඔබට නිවන් පල අත්වේවා.(නදී)
මහේසිකා දෙමළ අයගේ හෝ සිංහලයාගේ මානුසික අයිතිවාසිකම් රජය නැති කරේ නැහැ . පළමුවම ලංකාවේ මානුසික අයිතිවාසිකම් නැති කල ත්‍රස්තවාදීන් බිහි වුයේ ඇය නියෝජනය කල ජේ වී පි එකෙන්ය . දෙවනුව තුස්තවාදය බිහිකළේ ප්‍රබාකරන් ගේ එල් ටි ටි ඉ එකෙන්ය. ඔවුන් කරේ අහිංසකයන් මැරීමය. රජයක් හැටියට ත්‍රස්තවාදය නැති කරන විට මානුෂික අයිතිවාසි කම් නැති කරනවා කියා කෑ ගසන්නේද ත්‍රස්තවාදින්මය. නමුත් බලවත් රටවල් මානුසික අයිතිවාසිකම් නැති කරන මේ එකෙක්ටවත් පේන්නේ නැති කම තවත් පුදුම දෙයකි . අද මානුෂික අයිතිවාසිකම කරන්නේ මුදල් ගැරිමටත් රට යාමට සහ විදේශ ආදාර ලබා ගැනිමටත්ය. සාදාරණව මානුෂික අයිතීන් කතා කරන අය අද ලෝකයේ නැත . බඩ ගෝස්තර වාදය මානුසිකත්වය පන්නා දමා ඇත.(නදී)
ඔබට මා නිවන් සුව පතනවා (නි)
කලාවට අමතරව මානව හිමිකම් වෙනුවෙන් මෙතුමිය කරන ලද කටයුතු ඉතාමත් වැදගත්. මගේ උපහාර! (දී)
නිර්මාණ වලට කැමති උනාට ඒ දේශපාලනයට නම් කැමැත්තක් නැහැ (දී)
මරණයක් අහල සතුටක් හිතට දැනෙන එක සදාචාරයට විරුද්ද බව දන්නවා.(නදී) .
සිදුකළ සේවය අපි හොදින් දනිමු. (නි)
සරෝජ් ජයසේකර දන්නා බම්බුව තමා.එතුමිය මියගියේ පිලිකා රෝගයකින් දන්නේ නැත්තම් හොයලා දැනගන්න.බොරු ලියන්නේ නැතුව.තව බුද දහම ගැනත් දේශනාව. (ස)
රෑපකාය වශයෙන් පමණක් ඇය අප අතහැර ගියත්, කළ හොඳ සියල්ල අප අතරය. විමුක්ති ගී වේදිකාවේ ඔබ එදා ගැයූ ඒ අමරනීය ගීතය සති පූජා දර සෑයේ.... තවමත් මා හද රැඳී තිබේ. ඔබට සුබ ගමන් සුනිලා.... (නි)
අදහස් දාපු අයගෙන් බාගයක් මෙයාගේ සින්දු ගැන ලියන්නේ.කාටවත් පෙනුනේ නෙද්ද මෙයා අපේ රටට ත්‍රිවිද හමුදාවට විරිද්දව කරපු දේවල් ????? (දී)
ඔබ තුමියට නිවන් සුව පතමි (දී)
ඔබට නිවන් සුව! (නදී)
අපේ රතුපස්වල භූතයට ඇත්තේ සදාචාර විරෝධී කාලකණ්නි සතුටක්. (ස)
ඔබේ ආරම්භය ලස්සනයි. ඔබට නිවන් සුව පතමි! (ස)
වරුණ, ඉතින් පිලිකා රෝගයක් හැදිලා දුක් විඳ විඳ ඉන්නවට වඩා මිය යාම ඉතා අගනා දෙයක්. දුකින් මිදීම. වරුණ මල පැනලා වගේ.මෙත් සිත් ඇති කර ගන්න . එවිට කෝපය දුරුවේ. (ස)
මරුන නිසා කවුරු උනත් නිවන් සුව පතනවා (දී)
මානව හිමිකම් වෙනුවෙන් වැඩකළ හැම කෙනෙකුටම අහන්නට ලැබෙන කුණුකතා සුනිලා ඔයාටත් මේ ලැබෙන්නෙ. දෙමලාගෙ වුණත් සිංහලයාගෙ වුණත් මානව හිමිකම් කඩකරනවා නම් ඒකට එරෙහිව බෙල්ල ගියත් නැගිටින්න කොන්දක් තිබුණ ආත්ම ශක්තියක් තිබුණ ඔයාට සැබෑ මිනිසුන්ගෙ ප්‍රණාමය හිමිවෙනවා. හැම මනුස්සයා අතින්ම වැරදි අඩුලුහුඬුකම් වෙනවා වගේ සුනිලා අබේසේකර අතිනුත් එහෙම වෙන්නට ඇති (නි)
කළකම් අනුව යන තැන හිමිවේ (නි)
ඔය නෝනා මහත්වරු රට කියල අදහස් කරන්නේ මොකක්ද? ධවල භීෂණයට එරෙහිව එතුමිය කළ සේවයද එතුමියගේ කලා හැකියාව මෙන් අගය කළයුතුයි (නි)
ඔබට නිවන් සුව පතනවා
ඇය ඔබේ දේශපාලන මතවාදයට , පිළිගැනීමට හා ප්‍රචාරණයන්ට සමාන නොවුනත් ඇය හෙලා නොදකින්න. අද අපේ රටේ වෙන දේවල් එදා වූ දේවල් හෙට වෙන්න තිබෙන දේවල් , ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් සිහි බුද්ධියෙන් තේරුම් ගත්ත කාලෙක ඔබ සුනිලා අගය කරනු ඇත. එවිට ඔබ පමා වී ඇති බවද පෙනෙනු ඇත. සුනිලා, ඔබ අමරණිය වේ (නි)
මෙයා කොහොමත් කරේ එයාගේ වාසියට මානව හිමිකම් වෙනුවෙන් රට පාවලා දීපු එකතමා. මේ ගැන අද ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා. ඒත් කවුරුත් කතා නොකළේ මෙයා ඒ දවස්වල දරුණු පිළිකා රෝගයකින් පෙලුණු නිසා. (ස)
මම හිතන්වුන් විදියට මෙයා ස්වර්ගස්ථ වෙන කණ්ඩායමටයි අයිති.. සාමදානේ සදාකල් සැතපෙවා... (ස)
ඔබ දෙසට දමා ගසන්න ගලුත් මලුත් දෙකම මා වෙත නැහැ. අතීතයේ යම් දිනක ඔබ හරිමග ගිය යුගයක එකට වැඩ කරපු බව පමණක් සිතේ තවම රැඳී තියෙනවා (නි)