ඉන්දියාවේ පාලක සභාග රජයේ සභාපති සෝනියා ගාන්ධි ස්වදේශ ඇමැති සුෂිල් කුමාර් ෂින්ඩ් සමග අද (10) බුද්ධගයාවට ගියාය.

ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන බවට කල්තියා බුද්ධි තොරතුරු තිබියදී රජයට එම ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වූයේ ඇයි දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ නමුත් ස්වේශ ඇමැති කිසිත් කීවේ නැත.

‘අපි සෝදිසියෙන් ඉන්නවා. සංකීර්ණ ප්‍රශ්න රැසක් තිබෙනවා. වෙනත් රටවල්වලින් ත්‍රස්තවාදීන් රිංගනවා. නැක්සලයිට්කාරයන්  සිටිනවා. ජාතිවාදී අවුල් තිබෙනවා. අපි මේ හැම පැත්තක් ගැනම බලනවා. ‘