IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


සිනමාවේ හෙට දවස වෙනුවෙන් ධනාත්මක බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙනවා

2016-10-18-ent-04

සෙවනැලි කුමන ආකාරයේ චිත්‍රපටයක්ද

2016-10-18-ent-09සෙවනැලි කියන්නේ ජීවිතය වටා ගොඩනැගුණු කථාවක්. ජීවිතයේ අපි හැමෝම නොයෙක් නොයෙක් විදියට ජීවිතයට අරමුණක් සොයනවා. නමුත් මම හිතන්නෙ මිනිසුන් ජීවත් විය යුත්තෙම ආදරය උදෙසා පමණක් කියලා. ඒ ආදරය අනෙකා සඳහා අප්‍රමාණ ලෙස පිළිගන්වන්න පුළුවන්ව ජීවත් වුණොත් ජීවිතයේ සතුටට හරස් වෙන්නෙ කාලය විතරයි. ඉතින් මේ කියන අදහස මම යම්කිසි ප්‍රේක්ෂකාත්මක විදියට ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙනවා. විශේෂයෙන් ලංකාවේ තියෙන්නෙ පැරණි තෝවිල් වැඩවලට වෙනම වීව් පොයින්ට් එකක් දෙන්න මම උත්සාහ කළා. විශේෂයෙන් කියන්න ඔනේ මෙම චිත්‍රපටය මිනිසුන්ට අමුතු විදියේ වින්දනයක් සපයනවා කියලා. මොකද මේක මම කියන දෙයක් නෙමේ දෙරණ සිනමා දැක්මේදී, කොළඹ අන්තර්ජාතික සිනමා උලෙළ තුළදීත් සාමාන්‍ය මහජනතාව ඉතාම ධනාත්මක විදියට අපේ ‘සෙවනැලි’ චිත්‍රපටය ගැන කතා කළා. ඒක මට පුදුම සතුටක්. මේ කාරණය නිසාම මම තවත් චිත්‍රපට නිර්මාණය කරන්න පෙළඹෙනවා.

 

ලංකාවේ සිනමාව සහ තරුණයක් සිනමාවට පිවිසීම

ලෝකේ හැම දෙයක්ම අලුත් වෙනවා, අලුත් දොස්තරලා එනවා ඒ වගේම අලුත් සිනමාකරුවන් බිහිවෙනවා ඒක නවත්තන්න බැහැ. මම ඉතාමත් කැමති නව සිනමා රැල්ලට බොහොම වෙනස් විදියේ වැඩ ටිකක් සහ මිනිසුන් පිරිසක් මේ ක්ෂේත්‍රයේ හැදිලා තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් චත්‍ර වීරමන්, මලිත් හෑගොඩ, ශමීර රංගන, කෞෂල්‍ය මාදව පතිරණ, මාලක දේවප්‍රිය වැනි අය ගත්තොත් බොහොම වෙනස් නිර්මාණකරුවන් ටිකක්. නමුත් මට දැනෙන විදියට යටිපෙළ අරුත් අතර මොකක්දෝ සමානකමක් ඇතුව වැඩ කරනවා කියලා. කෙසේ නමුත් මම හිතන්නෙ ලංකාවේ සිනමාව 70 තිබුණෙ ස්වර්ණ යුගයට එහා ගිය ෆුල් ප්ලැටිනම් යුගයක් ඉක්මනට උදාවෙයි කියලා.

 

සිනමාකරුවන්ගේ නිර්මාණ සිනමාශාලාවලට පැමිණීමේදී ඇතිවන ප්‍රමාදය

අපි වැඩකරන්නෙ විවෘත වෙළෙඳ පොළක. නමුත් යම් සාධාරණ වැඩපිළිවෙළක් අලුත් සිනමාකරුවන් වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. එහිදී මම ඉහත නම් සඳහන් කළ සිනමාකරුවන් වගේම නම් නොකියු බොහෝ දෙනෙක් සමග පවා එකතුවෙලා කතාබහක් ආරම්භ කරලා තිබෙනවා, අපි අනිවාර්යයෙන්ම සිනමාවේ හෙට දවස වෙනුවෙන් ධනාත්මක, ප්‍රගතිශීලි බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කලාත්මක වගේම මේ පවතින අසාධාරණ ක්‍රමවේදය වෙනස් කිරීම ඇතුළු සියලුම දෙයට නමුත් දැනට පවතින තත්ත්වය අනුව 2017 දී මගේ සිනමා නිර්මාණය පොදු මහජවතාවට ප්‍රදර්ශණය කිරීමට නියමිතයි. ඒ වගේම ලෝකේ හැම දෙයක්ම වෙන්නේ යම් හේතුවකට කියලා මම විශ්වාස කරනවා. ඉතින් යම් විදියකට මගේ නිර්මාණය ප්‍රදර්ශණය පමා වුණේ තව ඩිජිටල් ශාලා හැදිලා හොඳ කොලිටි එකකින් විශාල පිරිසකට මේ චිත්‍රපටය පෙන්වන් පුළුවන්කම ලැබෙන්න කියලා කාට හරි කියන්න පුළුවන් නේද?

 

සෙවනැලි චිත්‍රපටය සඳහා දායක වූවන්?

මෙහි නිෂ්පාදනයෙන් ඩොනල්ට් අබේසුන්දර, විශ්වා බාලසූරියත් විධායක නිෂ්පාදනයෙන් රේණුකා බාලසූරියත් රංගනයෙන් නිරෝෂා පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න, බිමල් ජයකොඩි සහ සරත් කොතලාවල යන ශිල්පීන්ද සංගීතයෙන් මාලන් බියෝන්, සංස්කරණයෙන්, මලින්ද හිදැල්ලආරච්චි, ඇඳුම් සහ කලා අධ්‍යක්ෂණයෙන් මෙත්නුවන් විජේසිංහ, ඡායාරූපකරණයෙන් විශ්වා බාලසූරිය, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර ග්‍රැෆික් නිර්මාණයෙන් ජෙනසිස් ස්ටූඩියෝ යන අය දායක වෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ මගෙත් ඒ වගේම ඡායාරූප ශිල්පියා, සංස්කාරකවරයා, සංගීත අධ්‍යක්ෂක සහ ඇඳුම් නිර්මාණකරුවා වන අප සිවුදෙනාගේම පළමු සිනමා නිර්මාණයත් මෙයයි. ඒ වගේම මෙම චිත්‍රපට සඳහා අපට විශාල ශක්තියක් වුණු රොහාන් වැලිවිට සහ රවීන්ද්‍ර ගුරුගේ, මීෂා ගුණවර්ධන යන අයද විශේෂයෙන් සිහිපත් කරනවා.

2016-10-18-ent-01

 

2016-10-18-ent-10
2016-10-18-ent-08
2016-10-18-ent-07
2016-10-18-ent-06
2016-10-18-ent-05
2016-10-18-ent-03
2016-10-18-ent-02
 



අදහස් (0)

සිනමාවේ හෙට දවස වෙනුවෙන් ධනාත්මක බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 300 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site