ප්‍රවීන සිනමාකරුවකු, ඡායාරූප ශිල්පියෙකු, අධ්‍යක්ෂකවරයෙකු, වූ ඩී.බී. නිහාල්සිංහ මහතා අභාවප්‍රාප්ත විය. 'දවස' ආරම්භක කතෘ ඩී.බී. ධනපාල මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නිහාල්සිංහ චිත්‍රපට සංස්ථාවේ මුල්ම සාමාන්‍යාධිකාරී ද විය.
වැලිකතර නමින් පුළුල් තිරයේ මුල්ම සිනමා ස්කෝප් චිත්‍රපටය හා ශ්‍රී ලංකාවේ පළමු ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍ය ද ඔහුගේ අධ්‍යක්ෂණයන් විය.
වියට්නාම් යුද්ධය වාර්තා කිරීමට ගිය ඔහු සිනමා සම්බන්ධව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් ද විය.
1939 උපත ලැබූ ඔහු මිය යන විට 77 වැනි වියේ පසු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව අත්වේවා! ඔබ අපට සදා අමරණීයයි! (නි)
සිංහල සිනමාවට ඔබ කළ මෙහෙය අමරණීයයි. මෙය ඉතාම කණගාටුදායක ආරංචියක්. (නි)
ඔබතුමාගේ සිනමා කෘති ආසාවෙන් රසවින්දෙමු, ඔබතුමාට නිවන් සැප ලැබේවා....!!! (ර)
විශිෂ්ටම,අති දක්ෂම,සිනමාකරුවෙකි ,දක්ෂ පරිපාලකයෙකි. ඔහුගේ පාඩුව මැකිය නොහැක. ඔහුට නිවන් සුවය පතමු.! (ර)
ශ්‍රේෂ්ඨ පත්‍ර කලාවෙදියෙකුගේ උදාර පුත්‍ර රත්නයක් ලක් මවගෙන් සමුගත්තා..සිංහල සිනමාවට නිර්මාණාත්මකව හා පරිපාලනයෙන් ඉමහත් දායකත්වයක් ලබා දුන් ,ශ්‍රව්‍ය දෘශ්‍ය කළා කෙතේ නව මං සොයා ගිය ඔබට නිවන් සුව පතමි නිහාල්සිංහ මහතාණනි...! (ර)
ඔබ නැවත අප අතර ඉපදේවා. (ර)
මල්දෙනියේ සිමියොන් වැලි කතර රිදී නිම්නය කෙලි මඩල මේ චිත්‍රපට ඔබට මතකද...??? විශ්ෂ්ටතම චිත්‍රපට ...හැමෝම නිවන් සුව පතල තියනවා.ඒ වගේම එතුමා කරපු දේවල් ගැන කව්රුවත් කිසිම සටහනක් කරලා නැහැ...අපේ මිනිස්සුන්න්ගේ දැනුම ඉතාමත් දුර්වලයි කියල මට හිතෙන්නේ. මින්ස්සුන්ට ගෞරව කළ යුත්තේ ඔව්න් කරපු දේවලුත් මතක් කරලා දෙමිනුයි. ඔබතුමා නැවතත් අපේ රටේම ඉපදේවා !! (බ)
ලංකාවේ බිහිවූ දක්ෂතම චිත්‍ර පටි සංස්ථා සභාපති .....!! ඔබට නිවන් සුව..!! (ම)
හෙළ සිනමාවට අමිල මෙහෙවරක් කල ඔබතුම නිකම් යාම සිනමාවට මෙන්ම රටටද මහත පාඩුවකි මහතාණනි ඔබට නිවන් සුව පතමි.! (ර)
සිනමාවට සේවයක් කල කෙනෙක්. මගේ කණගාටුව! (ර)
ලාංකීය සිනමාවට සහ ටෙලි නාට්‍යට ඔබන් ලද සේවය අනූපමය. නිවන්සුව ලැබේවා ...! (ර)
ඉතාම කණගාටුදායක ආරංචියක්. සිනමාව සහ රුපවාහිනිය සම්බන්ධ හසල දැනුමක් තිබු විද්වතෙක්. (ර)
සිනමාවට කල සේවයට අපගේ උත්තමාචාරය සහ ඔබට නිවන් සුව පතමු! (ර)
හෙළ සිනමා කතා වංශයේ තවත් පිටුවක අවසානය .මහා කලාකරුවාණෙනි ඔබට අජරාමර නිවන් සුව අත් වේවා.! (ර)
ඔබ තුමා අපට හිටි ඇති දක්ෂයෙක් ඔබ තුමාට නිවන් සුව පතමි (අ)
ඔබතුමාට නිවන් සුව ලැබේවා.(හේ)
ඔබතුමාට නිවන් සුව අත්වේවා.(හේ)
කලාතුරකින් බිහිවෙන ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ! නිවන් සුව (හේ)
අපේ රටට මෙතුමාගෙන් ගතහැකිව තිබු සිනමා කර්මාන්තය පිළිබඳ අසීමිත දැනුම් සම්භාරයක් අපතේ ගියා කියලයි මට හිතෙන්නේ. අායෙත් කාලෙකට සිනමා තාක්ෂණය ගැන මෙතරම් ප්‍රායෝගික දැනුමක් ඇති සිනමා විශාරදයෙක් බිහි වේ යැයි සිතීමට නොහැක. මම දන්නා නිහාල්සිංහ කියන්නේ ඉතාමත්ම නිහතමානි,ඒ වගේම සිනමාව වෙනුවෙන්ම ජීවිතය කැපකළ අති විශිෂ්ටම සිනමාවේදියෙක්. ප්‍රිය මහත්මයාණෙනි, නිවන් දකින්නට කලින්, අායෙත් එකම එක වතාවක් හෝ මේ ශ්‍රී ලංකාවේම ඉපදී, ජරාජීර්ණ වී, වල්බිහිවී ඇති සිංහල සිනමාව, ඔබ පැතු ලෙසම ගුණාත්මක අතින්, ලොව අසමසම සිනමාවක් කරා ගෙන එනු මැනවි. ඔබට නිවන් සුව අත්වේවා!
හරවත් යමක් සිනමාවට දායාද කළ ශ්‍රේෂ්ඨ කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! (නි)
මට ලියන්න කිසිදෙයක් ඉතිරිවෙලා නැහැ. ඔක්කොම ලියලා තියෙන්නේ. මෙවැනි පුතුන් බිහිකළ මෑණිවරුන්ට මගේ උතුම් ප්‍රණාමය! (නි)
නිහාල්සිංහයන්ගේ අභාවය ඇසිදිසි මාධ්‍යයට විශාල පාඩුවකි. ඔබතුමාට නිවන් සුව අත්වේවා! (නි)
ඔබතුමා ගැන පසුගිය කාලයේම අපිට කිසිම ආරංචියක් ලැබුනේ නැහැ. අද ලැබුනේ දුක්බර ආරංචියක්. ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
හෙළ සිනමාවේ "රජ දැක්ම" ප්‍රේක්‍ෂකයන් හට පෙන්වූ ඔබට මාගේ හෘද ප්‍රණාමය! (නි)
සිංහල සිනමාවට ඔබ කළ මෙහෙය අමරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
කියන්නට ගොඩක් දේවල් හිතට එනවා. නමුත් මේ පිටුව ඉඩ මදි. නිහාල්සිංහ මහතා ගැන කියනවාට වඩා එතුමාගෙන් ඉගෙනගන්න සුවිශේෂී දෙයක් තිබුණා. ඒ තමයි එතුමාගේ නිහතමානිකම සහ නිරහංකාරබව. තමන්ගේ වැඩක් කරගෙන තමන්ගේ පාඩුවේ සිටි වැදගත් මහත්මයෙක්. සිනමාව ගැන එතුමාගේ තිබු ප්‍රායෝගික සහ ව්‍යවහාරික දැනුම උපරිමයෙන් ලබාගන්නට තරම් අපේ රට පින්කරලා තිබුනේ නැහැ. ඔබට නිවන් සුව අත්වේවා! (නි)
ඉතාම කණගාටුදායක ආරංචියක්. ඔබතුමාට නිවන් සුව අත්වේවා! (නි)
දවස ආරම්භයේ සිට අප මිතුරෙකු වන ඔබ සිනමාවට මාධ්‍යයට කළ සේවය විශිෂ්ටය. ඔබට තෙරුවන් සරණයි! (නි)