ඉතාලි භූමිකම්පාවෙන් පසු මෝදනා නගරයේ අනාථ කඳවුරුවල දිවි ගෙවන පිරිස් හමුවීමට ගිය වෙරෝනා නුවර ශ්‍රී ලාංකික තරුණ පිරිසක් කඳවුරු මුළුතැන්ගෙයි දී අපේ ආහාර වේලක් පිළියෙළ කොට ඔවුන්ට පිළිගැන්වූහ. ඉතාලි අප‍්‍රිකා හා නැගෙනහිර යුරෝපා රටවලට අයත් වූවන් සමග ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද මෙම කඳවුරේ දිවි ගෙවති.
කඳවුරු භාර නිලධාරීන් හා ඉතාලි පොලිස් නිලධාරීන් තමන්ගේ මෙම ක‍්‍රියාව දැඩි සේ අගය කළ බව ඔවුහු කීහ. වෙරෝනා නුවර නෙත‍්‍රාංජලි රංග ආයතනයේ දරු දැරියෝ කඳවුර ගත මිනිසුන්ට මානසික සතුටක් සලසමින් නැටුම් කිහිපයක් ඉදිරිපත් කළහ.





1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ සුනාමි නෙමෙයි භූමිකම්පාවක් නේද ඒ ආවේ...
අගය කල යුතු වැඩක්..මෙය සංවිධානය කර පිරිසට තුතිමල් මිටක්.....
ඉතාලියට සුනාමි ආවේ නෑනේ.....භූමි කම්පා මිසක්. මේක හොඳ වැඩක්.අපි අගය කරනවා.
අනේ ගොඩක් පිං වචනයකින් හරි සහභාගී උන ඔය ඔක්කොටම.. මෙන්න නියම මිනිස්කම.. ඔහොම යං ඔහොම යං සුභ පතනවා..!!
සුනාමි? ඇයි ඒ?
මම අගය කරනවා මෙවැනි දේවල්. සංවිධායකයින්ට සුභ පැතුම්!
සුනාමි ව්‍යසනයට පත්ව දුක්ඛිත බවට පත්වූ අසරණයින්ගේ දුක තුනී කිරීම සඳහා මෙවැනි වැඩසටහනක් පිළියෙළ කළ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව අත්පත් වේවා යැයි පතමි. තෙරුවන් සරණයි !!!
මේ කට්ටියම කරලා තියෙන්නේ හොඳ වැඩක්
ලංකාවේ මිනිස්සු කවදත් දුකේදි පිහිට වෙනවා..
ලංකාවෙ මිනිස්සු කවදත් දුකේදි පිහිටවෙනවා...!
හොඳ වැඩක්...සංවිධායක කමිටුවට සුභ පැතුම්..
ඉතා උතුම් කටයුත්තක්.. සංවිධායක කමිටුවට සුභ පැතුම්..
කොහෙටද සුනාමි ආවේ ??? ඉතාලියට ????? ඒ කවදද ?? අපි දන්නේ නෑනේ ...
ඔබ සැම දෙවියන් තුලින් ඔවුන් දකී. ..ඔහුගේ දුක , බෙදා හදා ගත් ඔබ සැමට දෙවි පිහිටයි..!!
කොහොමද එහෙ අනාත කදවුරක තියන පිළිවෙල ...අනාත කදවුරක මෙහෙම නම් හෝටල් එහෙම කොහොමට ඇත්ද ?...අපි මේවා ආදර්ශයට ගත යුතුයි ..